Wednesday, July 5, 2017

දිනයට සීමා වූ පොහො දිනය


 


දින 365 කි. මාස 12කි. මේ සෑම මාසයකටම පොහෝ දින ඇති බව අප දන්නා කරුණකි. ඒත් අනෙක් මාසයන්ට නැති සුවිශේෂීත්වයක් 5, 6 හා 7 යන මාසවලට තිබෙයි. සිංහල මාස ක්‍රමයට අනුව වෙසක්, පොසොන් හා ඇසළ යන නම්වලින් හඳුන්වන එකී මාසයන් බෞද්ධයන් වශයෙන් ඉතාම වැදගත්කමකින් යුතු පොහෝදිනයන් යෙදී ඇති මාස ලෙස නම් කරනවා. පරිසරය පවා මෙකී මාසයන්වලදී අපූරු වෙනස්කම් දක්වයි.බක් පොහොය ගෙවෙනවාත් සමඟ උදාවන්නේ වෙසක් පෙහොයයි. 

අවුරුද්දට ලකලෑස්ති වුණු අපි ඊළඟට සැරසෙන්නේ වෙසක් පොහොයටයි. වෙසක් පොහොය බෞද්ධයන් වශයෙන් අපට ඉතාමත් වැදගත් දිනයකි. බුදුන්වන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු 2500 ඉක්මවා ගියද අදටත් ලොව පුරා බෞද්ධ රටවල ජනතාව වෙසක් උත්සවය ඉතාමත් භක්තියෙන් සමරනු ලබයි.
 

අපගේ ශාස්තෘන් වහන්සේ බුදුන් වහන්සේය. උන්වහන්සේගේ උත්පත්තිය සිදුවුණේ වෙසක් පුන් පොහෝ දිනයේදීය. කිඹුල්වත් පුරයත් දෙව්දහ නුවරත් අතර පිහිටි ලුම්බිණිය එදා හරි අපූරුවට තියෙන්න ඇති කියලා හිතෙනවා. වෙසක් පුන් පොහෝ දා උපන් ඒ කුමාරයා ලොවටම අර්ථයක් කරන නිසාවෙන් “සිද්ධාර්ථ” යන නාමයෙන් පිදුම් ලැබුවා. නිසි වයසට පැමිණීමත් සමඟ සත්‍ය වටහා ගත් ඒ කුමාරයා ගිහි ගෙයි ඇති නිස්සාරත්වය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත්තේ සතර පෙර නිමිති දැකීමෙන්ය. ඉන්පසුව තම පුත් කුමරු මෙලොව එළිය දුටු දා සිදුහත් කුමාරයා අභිනික්මන් කල බව අප හැමෝම අහල තියන කාරණයක්. ඔන්න ඔය විදිහට ගිහිගෙය කළ කිරුණ එතුමන් තනිවම සත්‍ය සොය යන්නට වුණා. ආලාරකාලාම, උද්දකරාමපුත්ත යන ගුරුවරුන්ගෙන් ඉගෙන ගත් එතුමා තමන් සොයන සත්‍ය නොමැති බව වටහා ගත්තේය.
කෙසේවෙතත් තනිවම සත්‍ය සොයා ගමන් ගත් උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ බුද්ධත්වයට පත්වූහ. ඒ උතුම් වූ වෙසක් පුන් පෙහෝ දිනකය. තමන් සොයා ගත් උතුම් වූ බුදු දහමේ නිරාමිස සතුට ලෝක සත්ත්වයන්ට දේශනා කරමින් චාරිකාවෙහි යෙදුණාහ. අවුරුදු 80ක් ආයූ වැළදූ ගෞතම බෝධි සත්ත්වයන් වහන්සේ තවත් වෙසක් පුන් පොහෝ දිනයක අපවත් වී වදාළහ.
 

උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන උතුම් වූ මංගල අවස්ථා ත්‍රිත්වය මුල් කරගෙන අදටත් බෞද්ධයන් වෙසක් පුන් පොහෝ  දිනය වෙනුවෙන් විවිධ වතාවත්වල නිරත වෙති. නමුදු අද තත්ත්වය ඊට වෙනස්ය. ඔලුබක්කන් පෙළපාලි, විකාර ලෙස හැසිරෙමින් ගමන් ගන්නා රථ පෙරහැරවලින් පොහෝ දිනයට මාර්ග පිරී ඉතිරී ගොස්ය. තමන්ගේ මවුපියන් මහ`ඵ නිවාසවල තනිකර දමා යන දරුවන්ගේ නාමයන් විවිධ වූ  සන්දර්ශනයන්ගේ ඉහළින් වැජඹෙන නම් අතර වෙති. මව්පිය සෙනෙහස නොහදුනන දරුවන් වෙසක් පොහෝ දින සුදුවතින් සැරසී රථ පෙළපාලිවල ගමන් ගති. ප්‍රතිපත්ති පූජාවන් අමතක කොට ආමිස  පූජාවන්වල නිරවන බොහෝ දෙනා ඒ පිළිබඳව නොදන්නවා සේ හැසිරෙති.
 



 බැලු බැලූ අත දන්සැල්, තොරණ්වලින් පිරී ඉතතිරී ගොස්ය. කය වචනය සංවර කර ගැනීම වෙනුවට කය සරසා  ගැනීමක් සිදු කරනවාදැයි හැගේ. වෙසක්, පොසොන් , ඇසළ මේ කුමන මාසයක දී වුව මිනිසාගෙ මේ හැසිරීම ඒ ආකාරයම වෙයි. මෙවර පොසොන් පෝයට වගේම වෙසක් පොහොය දිනයන්හී දී පුද්ගලයෝ කිහිප දෙනෙකුගේම ජීවිත හානියට පත්වූහ. අනතුරු සහිත ස්ථානවලින් දිය නෑමෙන් මෙන්ම නිසි ලෙස රිය නොපැදවීමෙන් ද එලෙස ජීවිත හානි කිහිපයක්ම සිදු වුණා.
 



 දීර්ඝ ඉතිහාසයක් සහිත වැදගත්කමකින් යුතු පොහෝ දිනය මීට වඩා අර්ථවත් ලෙස ගත කරන්නට උත්සාහ ගත යුතුවන්නේය.
මහින්ද මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සිදු වූයේ උතුම් වූ පොසොන් පෙහෝ දිනයකය. අදටත් එය සිහි කරමින් රට පුරා විවිධ ස්ථානවල විවිධ වූ  පිංකම් මාලාවන් පවත්වනු ලබනවා. ආගමක නිසි අර්ථයක් නොදැන සිටි එදා ලාංකිකයාට ආගමේ පවතින සැබෑ යථාව පසක් කර දුන්නේ මිහිදු මහ රහතන් වහන්සේ විසිනි. ලංකාවට භික්ෂු ශාසනය පමණක් නොව භික්ෂුණී ශාසනය පවා ආරම්භ කිරීමට හේතු වූයේ මහින්දාගමනයයි.
 

බොහෝදෙනා පොහොය දිනය හුදෙක් නිවාඩු දිනයක් පමණක්ම කර ගනියි. විශේෂයෙන්ම  එය සති අග දිනයක යෙදෙනවාට බොහෝ දෙනා කැමතිය. වර්තමාන මිනිසා නවීකරණයත් සමග පොහෝ දිනය පවා වෙනස් කර ගැනීමට උත්සාහ ගෙන තිබේ. එදා එකමුතුකමින් යුක්තව විශාල තොරණ් ඉදි කෙරුණා. ඒත් අද ගෙදර ඉදන්ම තොරණ් දැකබලා ගත හැකි ලෙස ඩිජිටල්කරණයට සියල්ල භාර කර තිබේ. හුදකලා වූ  මිනිසා තවදුරටත් හුදකලා සත්ත්වයෙකු බවට පත් කොට තිබේ. දානමාන පවා නිවසේ සිටම කරගත හැකිය. ධාතු වන්දනය පවා නිවසේ සිට  නැරඹිය හැකිය. කය ,වචනය සංවර කරන භාවනාව පවා අද වනවිට පංති ආකාරයෙන් පැැවැත්වීමට කටයුතු යොද තිබෙනවා. ඒ කෙසේ වෙතත් ඊට පසු දිනයේ සිට සුරා සැල් ,වංචා මංකොල්ල කෑම් වැනි සාහසික ක්‍රියාවන්ගේ අඩුවක් නම් නොමැත. සැදැහැවතුන් ඉන්නා රටේ  තාමත් වැරදිකරුවන් වෙනුවෙන් හිරගෙවල් විවෘතව පවතින්නේ මන්ද? එළැඹෙන ඇසළ පොහොය අර්ථවත් ලෙස ගත කිරීමට උත්සාහ ගනිමු.
 

                                                                                                             චලනි ලක්ෂාණි

2 comments:

  1. Ekanm aththa.ada ape minissu poya gewananne vinoda gmn thora gnnwa....

    ReplyDelete
  2. Ekanm aththa.ada ape minissu poya gewananne vinoda gmn thora gnnwa....

    ReplyDelete