Tuesday, June 13, 2017

ධර්ම චක්‍රය


 Image result for dharmachakra
  

ඕනෑම පුද්ගලයෙකුට ආගමක් උපතින්නම හිමිවෙනවා. සමහරු පසු කාලීනව තම ආගම වෙනස් කර ගන්නවා. ඇතැමෙක්ට මෙය උප්පැන්න සහතිකයට පමණක් සීමා වූවකි. මේ කොහෙමෙ උනත් මෙලොව එළිය දුටු බොහෝ දෙනා කුමන හෝ ආගමක කොටස්කරුවක් බවට පත් වෙයි. අප රටේ බොහෝ දෙනෙකු අදහන ආගමක් ලෙස සැලකෙන්නේ බුද්ධාගමයි. බුදුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් උන්වහන්සේගේ ධර්ම මාර්ගය සොයා යන්නෙමු. බුදුන් වහන්සේ වෙනුවට වන්දනාමාන කළ හැකි ආගමික වස්තූන් අතර බෝධීන් වහන්සේ, බදු පිළිම වහන්සේ, මෙන්ම ධර්ම චක්‍රය ද බෞද්ධයන් අතර වන්දනාවට ලක්ව තිබෙනවා. ඒ නිසාම ඒ පිළිබඳව අද කතා කරන්න හිතුවා.
 
 පන්සල් භූමියේ දී අපට මෙම ධර්ම චක්‍රය දැක ගත හැකිය. ඒ වගේම වෙසක් පත්වල, වැනි නිර්මාණවල පවා අද වනවිට ධර්ම චක්‍රය යොදා ගනු ලබයි. අප උත්පත්තිය ඉදන්ම මරණය දක්වා වූ ජීවන ගමන් මඟ එයින් නිරූපණය වන බව මගේ අදහසයි, නමුදු මේ සඳහා විවධ අදහස් ඉදිරිපත් වී තිබෙයි. ඉන්දියවේ ජාතික ධජයට පවා ධර්ම චක්‍රය යොදා ගෙන තිබෙයි . වර්තමානය වනවිට යම් වෙනස්කමක් දැක්වුවද එහි අර්ථාන්විත බවක් පවතියි.
 
මුල් කාලීනව ධර්ම චක්‍රය නිම වී තිබෙන්නේ ගරාදි 24 ක එකතුවකිනි. 


 Image result for dharmachakra
 මෙය හිතුමතේ නිරිමණය කරන ලද්දක් නොවෙයි. ඊට යම්කිසි අර්ථයක් එක් කර තිබෙනවා. මෙකී ගරාදිවලින් නිරූපණය වන්නේ බුදුන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය බව විදිවත් අදහසයි. බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මයේ මූලික ඉගැන්වීමක් ලෙස චතුරාර්ය සත්‍යය සැලකෙයි. එනම්
 
දුක්ඛ ආර්ය සත්‍යය
 
දුක්ඛ සමුදය ආර්ය සත්‍යය
 
දුක්ඛ නිරෝධාර්ය සත්‍යය
 
දුක්ඛ නිරෝධගාමීණි පටිපදා ආර්ය සත්‍යය යන උතුම් සත්‍යය 4යි.
 
දුක්ඛාර්ය සත්‍යයෙන් විස්තර කරන්නේ ජාති ,ජරා,ව්‍යාධි..... ආදි දුක් 12ක් පිළිබඳවයි.
 
දෙවැන්නෙන් කියවෙන්නනේ දුක ඇති වීමට හේතුව පිළිබඳවයි. ඊට හේතු 3ක් මුල් වන බව ධර්මයේ සඳහන් වෙයි. එනම් කාම තණ්හා, භව තණ්හා හා විභව තණ්හාවයි. තණ්හාව නම් ආශාවයි. මිනිසා උත්පත්තියේ සිට මරණය තෙක් විවිධ ආශාවන් පොදි බදිනවා. නිමක් නොමැති ඒ ආහාවන් පිළිබඳ එහිදී විස්තර කරනවා.
තුන්වැන්න නම් දුක නැති කිරීම පිළිබඳවයි.
 
සිවිවැන්නෙන් ඊට අවශ්‍ය මාර්ගය පිළිබඳ විස්තර කෙරේ. එනම් අරි අට මඟ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ධි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධිය එම කරුණු 8යි.
 
මේ අනුව සියලු ධර්මස්කන්ධය ගරාදි 24න් නිරූපණය කරයි. මුල් කාලීනව ධර්ම චක්‍රය නිරූපණය කර තිබෙන්නේ ඒ ආකාරයෙනි.
එමෙන්ම ධරම චක්‍රය පිළිබඳ අදහස ඈත ඉතිහාසය දක්වා දිවයයි. තිස් පස් වැනි වියේදී බුදුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ප්‍රථම වරට දේශනා කිරීම යන ගමන් මඟ අතරතුර උන්වහන්සේට උපක ආජිවකයා ම්ණ ගැස්ණ් සේක. ඔහු විසින් බුදුන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයන්ට පිළිතුරු මෙසේ ඉදිරපත් කරන ලදි’
 
“ධම්ම චක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං”
 
“ධර්ම චක්‍රය පරිවර්තනය සඳහා කාසි පුරයට යන්නෙමි”
 
පස්වග තවුසන්ට දේශනා කරන ලද එකී ධම්ම චක්ක පවත්තන සූත්‍රයේ බුදුන් වහනසේගේ අසූ හාරදහසක් වූ ධර්මස්කන්ධය ගැබ්බ තිබෙයි. ධම්ම් චක්‍ර යන්නෙන් ධර්ම චක්‍ර යන්න බිදී ආ බව සඳහන් වෙනවා.

4 comments:

  1. Nodanna godak dewal dena gnna lebuna....

    ReplyDelete
    Replies
    1. ඔව් අපිත් නොදන්නා ගොඩක් දෙවල් dana ගත්තා
      බොහොම ස්තුතියි 🙏🙏

      Delete
  2. Nodanna godak dewal dena gnna lebuna....

    ReplyDelete
  3. නිවැරදි ධර්ම චක්රය හදුනාගන්න
    ============================
    ධර්ම චක්‍රය ගැන අදහස් දෙකක් ඇති බව අපගේ අධ්‍යයනවවලින් දැන ගැනීමට ලැබිණි. ධර්මචක්‍රය ආර්යාෂ්ටාංගික මාර්ගය නිරූපණය කරන ගරාදි අටකින් යුක්ත යයි ඇතැමෙක් තර්ක කරති.
    ඒ අතර තවත් ඇතැමෙකු පවසන්නේ එය පහත කරුණු නිරූපණය වන පරිදි ගරාදි 24කින් යුක්ත විය යුතු බවයි.
    මහමෙවුනා අසපුව විසින් භවිතා කරන අශොක චක්‍රය ,ඉන්දියානු ජතික කොඩියේ ද , ජාතික සන්ඛේතයේ ද අන්තර්ගතය , එ බැවින් සිංහලයන් විසින් මෙතෙක් පවත්වාගෙන ආ ජාතික අභිමානය ,ජාතිකත්වය , සහ සාසනික ඒකාග්‍රතාවය ,අඛන්ඩතාවය පාවාදී ඇත.,
    In 1947, the Ashoka Chakra became a part of the Indian flag
    අපි සින්හල බෞදයන් වශයෙන් පාවිච්චි කල යුතු වන්නේ අශෝක ශක්‍රයා නොවේ ධර්ම චක්‍රයයි , ඒ මක් නිසාද යත් ........
    1: එය ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය දැනටම ස්ථාපනය කර ඇති බැවින් ,
    2: එය දැනටම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ සියලුම ලාංඡන වල ස්ථාපනය කර ඇති බැවිනි ,
    3 ; සිංහල ථෙරවාදී බෞද්ධ මතයට විරුද්ධ ව ඇමරිකානු මිෂනාරි මෙහෙයුමක් වන මහමෙව්නා අසපුවේ ලාංඡනය නොවන බැවිනි , මහමෙව්නා අසපුව ථෙරවාදී සිංහල බෞද්ධ මතයට විරුද්ධව කටයුතු කරන බැවිනි .
    4; අපි භාවිතා කරන ධර්ම චක්‍රය ඉන්දියානු රාජ්‍ය සලකුණ නොවන බැවිනි ,
    5 ; නිදහසෙන් පසු ,මෙතෙක් ලන්කවේ ඇතිවූ බුද්ධ ශාසනයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන ,කාලය තුළ දී අප දැනට භාවිතා කරන ධර්මචක්‍රය ස්ථාපනය කර භාවිතය ආරබා ඇති බැවිනි , එ සේ ස්ථාපනය කරගෙන ඇත්තේ විද්වත් බුද්ධිමය පිරිසක් විසින් සෑම දේම පරීක්ෂාවට විශ්ලේෂණයට භාජනය කොට අවබෝධයෙන් ම ය කියා අපද සලකන බැවිනි .
    අශෝක අධිරාජයා සිය සංකේතය ලෙස භාවිතා කළේ දැති 24 කින් යුතු චක්‍රය වන අතර ඉන්දීය ජාතික කොඩියේ ඇත්තේ එයයි.
    ලංකාවේ රාජ්‍ය ලාංඡනයේ ඇති ධර්ම චක්‍රය වෙනස් කරන්න දැන් හැකිද ?
    ඉන්දියාවේ දැනටම භාවිතාකරන අශෝක චක්‍රයම අපිට භාවිතා කරන්න නිර්දේශ කිරීමෙන් සාසනයේ ,සිංහල ජාතියේ ,සිංහල ථෙරවාදී බුද්ධ සාසනයේ එකීය අඛන්ඩතාවය බිදීමෙන් වන හානියේ වගකීම කවුද දරන්නේ ? ඉන්දියාවේ ප්‍රාන්තයක් වීමට අපට අවශ්‍යද ?
    අපි පාවිච්හි කල යුතු වන්නේ ගරාදි 8 කින් යුතු ලෝකයේ දැනටම භාවිතාවට ගන්න අපේ අනන්‍යතාවය දැනටම තහවුරු කර ඇති චක්‍රය නොවේද ?

    ReplyDelete