Monday, August 7, 2017

මාධ්‍ය සංස්කෘතිය

සංස්කෘතිය 

මිනිස් චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම සංස්කෘතිය නියෝජනය කරයි. මානව දිවිපැවත්ම මෙහෙය වන ප්‍රධාන සාධකය වන්නේ ද එයයි. පළමුව සංස්කෘතිය යනු කුමක්ද විමසීම වැදගත්ය.

ඒ අනුව සංස්කෘතිය යන්න පිළිබඳව පැහැදිලි කරන නිර්වචන කිහිපයක් විමසා බලමු.
 


සමාජ විද්‍යාඥ ඊ.බී. ටයිලර් ,
 

“ සංස්කෘතිය හෝ සභ්‍යත්වය යනු දැනුම, ඇදහිලි, කලා, නීතිය, සදාචාර, සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජීවත්වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගත්තා වූ පුරුදු පුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්තයයි. ”



රේමන්ඞ් විලියම්,
“ සංස්කෘතිය යනු සමස්ත ජීවන මාර්ගයයි.’



මාර්ටින් වික්‍රමසිංහ මහතා - මානව විද්‍යාව සහ සිංහල සංස්කෘතිය කෘතිය
 

“ සංස්කෘතිය යන වචනෙන් හැඳින්වෙන්නේ වෙනස් නොවන ස්ථාවර වස්තු හා ධර්ම සමූහයන් නොවෙි. හේතු ප්‍රත්‍යයක් ලැබෙන සැටියෙන් වෙනස් වන උපකරණ හා ධර්මයන් සමූහයකි.”


බී.මැලිනොවුස්කි - (Scientific theory of culture)

“සාකේතානුසාරයෙන් සමාජීය ලෙස හිමිකරගත්තා වූ පාරම්පාරික වශයෙන් ලබා ගන්නා වූ සියළුම චර්යා රටාවන්ට දිය හැකි සාමුහික නාමය සංස්කෘතියයි.”




ෆිස්කි

    ’‘ අපගේ සමාජ අත්දැකීම්වල හා ඒ තුළින් අර්ථ නිශ්පාදනය කිරීමේ අනාවරණ ක්‍රියාවලිය සංස්කෘතියයි.”



සමාජ සංවර්ධන ක්‍රියාවලියේ දී සංස්කෘතිය හා බැඳුණු සංකල්ප ගණනාවක් පිළිබඳ අවධානයට ලක් වෙයි.

 

             සංස්කෘතික දුගී බව  - කොතරම් උසස් යැයි සම්මත  සංස්කෘතියක වුවද දැකිය හැකි දුබල සංස්කෘතික ලක්ෂණ හෙවත් ජාතිවාදය, ආගම්වාදය ,ස්ත්‍රීන් නොසලකා හැරීම,කුලවාදය වැනි ගති ලක්ෂණ මෙයට අයත් ය.
 

           දුගී බවෙි සංස්කෘතිය     - දුගී බව තුළ දිගු කාලයක් ලැග සිටින සමාජයක ස්ථාවර වෙන දුගී බව හා බැඳුණු ගති ලක්ෂණ  සමූහය මෙයට අයත්ය.

    
           මානව කේන්ද්‍රනය       - අන් සංස්කෘතීන් අතර තම ජාතිය , ආගම හෝ කුලය උසස් යැයි සිතමින් අන් අය පහත් කොට සලකමින් තමා පිළිබඳ උඩඟු ආකල්පයක් සහිත වීම මෙයින් අදහස් කෙරේ.
 


          සමාජ අනුකලනය         - අන් සංස්කෘතීන් පිළිබඳ ගෞරවයක් ,පිළිගැනීමක් තුළින් ඇතිවන අන්තර් සංස්කෘතික සංහිදියාව මෙනමින් අදහස් කෙරේ.
 


       සංස්කෘතික මිනිසා               - උසස් සංස්කෘතික ලක්ෂණ සහිත මිනිසා මෙයට අයත්ය.

වැනි සංකල්ප සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන් වැඩි අවධානයකට ලක්ව තිබේ. ඉහත විග්‍රහයට ලක් කළ සංස්කෘතිය හා බැඳුණු සංකල්ප සමූහය සන්නිවෙිදන ක්‍රියාදාමයේ දි අතිශයෙන් වැදගත් බව පැහැදිලිය.




මාධ්‍ය හා සංස්කෘතිය අතර සම්බන්ධතාව

                       ලේඛන කලාව පිළිබඳ ව ඉතා දිගු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇතත් මුද්‍රණ ශිල්පය පිළිබඳ ශ්‍රී ලංකා ඉතිහාසය ඇරඹෙන්නේ ලන්දේසි යටත් විජිත යුගයේදීය. ක්‍රිස්තු වර්ෂ 1656 දී පෘතුගීසීන් පලවා හැර ශ්‍රී ලංකාවෙි මුහුදුබඩ ප්‍රදේශය අල්ලා ගත්තේ ලන්දේසි ජාතිකයන්ය. ඔවුන්ගේ එක් අරමුණක් වූයේ ඔවුන්ගේ ආගම වූ ක්‍රිස්තු ධර්මය ප්‍රචලිත කිරීමය. පළමු වරට සිංහල අච්චු අකුරු නිපදවීම ගැන වාර්තා වන්නේ 1734 පමණ කාලයේදීය. සිංහල මුද්‍රණාලයක් පිහටුවන මෙන් පිලාත් ආණ්ඩුකාරවරයා විසින් ගේබි්‍රයල් වෙත කරන ලද දැන්වීමකට අනුව ඔහු විසින් 1737 දී ප්‍රථම වරට මුද්‍රණාලය කොළඹ දී පිහිටුවන ලදි. මුලින්ම මෙහි මුද්‍රණය කරන ලද්දේ ලන්දේසි ආණ්ඩුවේ නීති හා රෙගුලාසිය.
                මුද්‍රණ තාක්ෂණය පැමිණීමත් සමඟ ජන ජීවිතවල යමි වෙනසක් දැක ගත හැකි විය. ඉන් පසුව ගුවන්විදුලිය , සිනමාව ,රූපවාහිනිය සහ අන්තර්ජාලය දක්වා වර්ධනය විය. ඒත් සමඟම සංස්කෘතියේද යම් යම්ි වෙනස්කම්වලට බදුන්විය. එලෙස මාධ්‍යයන්ගේ ආගමනයක් සිදු නොවුනානමි අද වනවිට ගොඩ නැගෙන්නේ වෙනම සංස්කෘතියකි. ඒ අනුව ජන මාධ්‍ය හා සංස්කෘතිය අතර ඇත්තේ කෙබඳු සම්බන්ධයක් ද යන්න පැහැදිලි වේ .
■    බහුජන සංස්කෘතිය
■    ජනප්‍රිය සංස්කෘතිය
■    සංස්කෘතික නිෂ්පාදන
■    සංස්කෘතික ප්‍රාග්ධනය
■     සංස්කෘතික අධිරාජ්‍යයවාදය
■    ගෝලීය සංස්කෘතිය
ඇතුළු  ප්‍රවනතා මතු වන්නේ ජන මාධ්‍යය බලපෑමෙනි. සංස්කෘතීන්ට තනිව සිටීමට අවස්ථාවක් නොලැබෙන්නේ එකී ජන මාධ්‍යයේ බලපෑම නිසාය. ජන මාධ්‍ය තුළින් සියල්ල සමෝධානය කරවයි.
 

නිදසුනක් ලෙස ගතහොත්
සමාජය තුළ විවිධාකාර  වූ උප සංස්කෘතීන් පවතියි. ජන මාධ්‍ය විසින් එකී සියලු  සංස්කෘතීන් එකම සංස්කෘතියක් බවට පත් කරයි. උප සංස්කෘතිය තුළ දැකිය හැකි යම් යම් දේ පොදු සංස්කෘතියේ අංග බවට පත් කරයි. රූපවාහිනිය බිහි වීමත් සමඟ එතෙක් සිංහලකරණයට පමණක් සීමා වී තිබූ සංස්කෘතික ක්‍රියාවලිය ශ්‍රී ලාංකිය  සංස්කෘතියක් බවට පුළුල් වීමේ ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. සියලු කලාංගයන්ට ඉහළ ප්‍රාසාංගික අගයක් නිර්මාණය කර දෙනු ලැබීය.

ජන මාධ්‍යයේ බලපෑම  නිසා ජනප්‍රිය සංස්කෘතිය බිහි විය. 


  ජනප්‍රිය සංස්කෘතිය යනු;  ඒ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පවසන්නේ
 

‘ජනයා අතර ප්‍රියවූ’ යන අරුත ලබා දෙන බවයි.
 

ජන මාධ්‍ය වටා පෙළ ගැසී සිටින ව්‍යාපාරික ප්‍රජාව විසින් තම ව්‍යාපාරික අරමුණු මුදුන් පත් කිරීම සඳහා ග්‍රාහකයන්ට සිදු කරන බලපෑම් කරණ කොටගෙන මතු වන සංස්කෘතික ප්‍රවනතාව මෙනමින් හැඳින්විය හැකිය.

  සංස්කෘතික නිෂ්පාදන යනු;
ජන මාධ්‍ය තුළින් නිර්මාණය වන සංස්කෘතියේ ව්‍යාප්තිය සමඟ බිහිවෙන වෙළඳ දැන්වීම්, රූපවාහිනි නාට්‍ය, සිනමාව , නාට්‍ය ,සංගීත සංයුක්ත තැටි ආදි වූ සියල්ලය.





  සංස්කෘතික ප්‍රාග්ධනය  යනු ;
ඒ සියල්ලෙහි එකතුව නැතහොත් මානව හා භෞතික සම්පත්හි ඓක්‍යය ලෙස හැඳින්විය හැකිය.
 

   සංස්කෘතික අධිරාජ්‍යවාදය යනු;
සංස්කෘතික නිෂ්පාදන හා ජන මාධ්‍ය ඔස්සේ බලවත් රටවල් සෙසු රාජ්‍යයන්ට කරන සංස්කෘතික බලපෑම අතිවිශාලය. ඇමරිකාව ඇතුළු බලවත් ජාතීන් කිහිපදෙනෙකු විසින් සෙසු ජාතීන්ට තම සංස්කෘතික නිෂ්පාදන බලයෙන් පවා ඇත. හොලිවුඞ් හා බොලිවුඞ් චිත්‍රපට මීට නිදසුන්ය.


   ගෝලීය සංස්කෘතිය යනු ;
බහුජන සමාගම්වල න්‍යාය පත්‍රයට අනුව මෙහෙයවන ගෝලීයකරණ ක්‍රියාවලියේ එක් මුහුණුවරක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙි පිළිබඳව ආචාර්ය ටියුඩර් වීරසිංහයන් මෙසේ අදහස් දක්වා තිබෙි.
 

“ ගෝලීයකරණය යටතේ ලොව පුරා ව්‍යාප්ත වන ලෝක සංස්කෘතිය යනු අන් කිසිවක් නොව එය ලෝකයේ ජීවත් වන විවිධ ජාතීන්ගේ සංස්කෘතීන් ඇමරිකානුකරණය හා බටහිරකරණය කිරීමයි. එහි අරුත වන්නේ ලෝකයේ වෙනස් ජාතීන්ට ඇමරිකානු හා බටහිර සංස්කෘතිය බලයෙන් පැටවීමයි. එසේම ලෝක සංස්කෘතික අධිරාජ්‍යවාදය ,තොරතුරු අධිරාජ්‍යවාදය ආදිය පෙරදිග උපත ලද ඒවා නොවන අතර ඒවා සිය ගෝලීයකරණ මතවාදයේ ඓතිහාසික පරිණාමයේ දී බටහිර ශිෂ්ටාචාර තුළින්ම උපත ලද ඒවාය.”
                                 ඉහත සඳහන් කළ කරුණුවලට අනුව රටෙි සංස්කෘතිය ගොඩනැගීමටත් එය විකාශනයටත් මාධ්‍ය මඟින් සිදු කෙරන බලපෑම අතිවිශාල බව වටහා ගත හැකිය.




Thursday, August 3, 2017

අවුරුදු ජන ක්‍රීඩා


ලංකාවේ වෙසන ලොකු කුඩා කවුරුත් බක් මාසයට වඩාත් කැමතියි. ඒ මන්දැයි ඇසූවහොත් අවරුදු සිරියෙන් රට වෙලා ගන්න නිසා බව කවුරුත් කියයි. බාල මහලු කවුරු වුණත් අවුරුදු සිරිය විද ගැනීමට කැමතියි. නූතනයේ නම් විවිධ වෙනස්කම් දැකිය  හැකි වූවත් අතීතයේ දී නම් මේ වටා ගෙතුණු අපුරු සංස්කෘතික පසුබිමක් තිබුණු බව පෙනෙයි. ''පාර දිගේ'' රට වටා යන ගමනේ අද කතා කරන්න හිතුවේ අවුරුදු සිරිය සමඟ දායාද වුණූ ජන ක්‍රීඩා ගැනයි.


කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුවුණු ආදීතමයන් එකී කාර්යයේ අවසානය හරි අපූරුවට නිම කර තිබේ. මානසික සුවය පතා ඔවුන් එක්වී විවිධ ජන නාටක රග දැක්වූ අතර ජන ක්‍රීඩාවේ යෙදෙන්නත් අමතක කළේ නම් නෑ. මේ ක්‍රීඩා වර්ග පිළිබ`ඳ සොයා ගිය ගමනේ ගොඩක් රසමුසු තැන් ස්පර්ශ වුණා.
 

              ජන ක්‍රීඩා පිළිබඳ කතා කරනකොට,
 

ගෘහ ක්‍රීඩා  - පංච කෙළිය / ඔළිද කෙළිය /නෙරෙන්චි ඇදීම
 

එළිමහන් ක්‍රීඩා- රබන් ගැසීම/ ඔන්චිලි පැදීම/චකකුඩු පැනීම
 

ආගමික හා දේව සංකල්පය මත බැදුණු ක්‍රීඩා - අං කෙළිය /පොර පොල් ගැසීම
 

සාමූහික ක්‍රීඩා - මේවර කෙළිය/ එ`ඵවන් කෑම/පංච කෙළිය
 

ලෙස ඒවා බෙදා දැක්විය හැකිය.
 

පංච කෙළිය
 
ගජබා රජතුමා සොළී රටට පැහැර ගෙන ගිය  සිංහල සේනාවට පළිගැනීමක් වශයෙන් සොලී රටෙන් දොළොස් දහසසක් සෙනග රැගෙන එන ලදි. ඒත් සමගම මෙම ක්‍රීඩාව මෙරටට ව්‍යාප්ත වූ බව ඉතිහාස කතාවල සදහන් වෙයි. මෙම ක්‍රීඩාවට සම්බන්ධ වීමෙන් මුලින්ම ඉත්තන් එගොඩ කරන පිලට ජයග්‍රහණය හිමි වෙයි. පත්තිනි දේවිය හා බැදුණු ක්‍රීඩාවක් වන මෙය පත්තිනි දේවියගේ ප්‍රසාදය දිනා ගැනීමට කරනු ලබන ක්‍රීඩාවක් බව ගැමියන් වශ්වාස කරයි. පංච යනු දෙමලෙන් බෙල්ලන් හෙවත් කවඩිවලට කියනු ලබන නමකි. ගජබා රජු සොළී රටට ගොස් වන්දි වශයෙන් ගෙන ආ දමිළයන්ට වන්දනා කිරීම පිණිස පත්තිනි සළඹ ගෙන ආ බව සිතිය හැකිය. ඒ සමගම පතිතිනි දේවිය හා සබැදි ක්‍රීඩා ආ බවට මෙහි දී භාවිතා කරන සල්ලන් වීමේදී කියනු ලබන ඔණ්ඩු , රෙන්ඩු වැනි වචනවලින් පෙනේ. එමෙන්ම පංච පෙතේ ද්‍රවිඩ චිත්‍ර ශෛලීන් ද  මෙයට උදාහරණයකි.

ඔළිඳ කෙළිය


 
මේ සදහා කාන්තාවන් දෙදෙනෙකු සහභාගී වෙයි. දිග අගල් 10 සිට 14  අතර දක්වා වන අතර පළල 6 සිට 8 අතර වන පරිදි සකසා ගත් ලෑල්ලක් මේ  සදහා යොදා ගනු ලබයි. ඔළිද පුවරුවට ඔළිද කොම්බුව යන නම ද භාවිතා කරනු ලබයි. එමෙන්ම මේ සදහා ගායනා ක්‍රමයක්  ද පවතියි.
 

ඔළිද තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔලිද තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් හදන්නේ කොයි කොයි  දේසේ
ගෙනත් සදන්නේ සිංහල දේසේ
 

මෙවැනි ගායනා සහිතව මෙම  ක්‍රීඩවේ යෙදෙයි. ඔළිද පුවරුවේ වළවල් 14කට ඇට 4 බැගින් 56 ක් ඇත .එක් ක්‍රීඩිකාවක් තම පේළියේ මුල් වළේ ඇට අතට ගනු ලබයි. මෙසේ  ලබා ගත් ඔළිද ඇට වළකට එක බැගින්  ළඟම ඇති වළවල් වලට  පිළිවෙළින් දමනු ලබයි. ඊළග වළේ ඇති ඇට සියල්ල ද මුලින් කළ අන්දමට සිදු කරයි. මෙසේ ඔළිද ඇට පුරවන අතර අතේ ඇට පුරවන විට හිස් වළක් හමුවුවහොත්  ඊට එහා පැත්තේ ඇති ඇට සියල්ල ඉසීම කරන ක්‍රීඩිකාවට හිමි වෙයි. පිළිවෙළින් හිස් වළවල් දෙකක් හමු වූ විට තුන්වෙනි වළේ ඇති ඔළිද ඇට කෑමට ක්‍රීඩිකාවට අවසර නැත. එවැනි අවස්ථා පුස්සක් ලෙස හදුන්වයි. එවිට අනෙක් ක්‍රීඩිකාවට ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසෙයි. පුවරුව එක් පැත්තක ඇට සියල්ල හමාර  වූයේ නම් එය පුහුල කපනවා ලෙස හදුන්වයි. මෙහිදී ජය ගන්නේ වැඩිම ඔළිද ඇට ලබා ගන්නා අයයි.

මේවර කෙළිය


 
මෙය කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් කරනු ලබන ක්‍රිඩාවකි. මේවර යන්නට අදහස් කිහිපයක් තිබෙයි.
 

මේවර යනු වළල්ලකි
මේවර යනු කන පළදින ආභරණයකි
මේවරයා යනු මෙහෙකරුවෙකි. 


නමුදු සමස්ත පිළිගැනීම වන්නේ මේවරය යනු කන  පළදින ආභරණයක් බවයි.
මෙහිදී සමූහ වශයෙන් ගීත ගායනා කරනු ලබයි.
 

“සාර සදිසි පෙති පේර නෙලන කළ වළගිය දෝ මගේ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා”
 

මෙලෙස අවුරුදු ජන ක්‍රීඩා රැසක් පවතියි. එවන් වූ තවත් ක්‍රීඩාවන් කිහිපයක් ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.











Monday, July 31, 2017

සිහිනය


මහා ඉහළින් කිරුලු පළදින්නට
උසස් රැකියාවක් කරන්නට
මිල මුදල් හෙම හම්බ කරනට
මටත් තිබුණා සිහිනයක්...
 

වරම් ලැබුණා සරසවියට
යෙදුවේ කාලය ඉගෙන ගැනුමට
ගෙවුණු ටික කාලෙට
ඉගෙන ගත්තා නොදුටු දහමක්...
 

යහලු යෙහෙලියෝ පිරිවරා ගෙන
මමත් හිටියා මහා ඉහළින්
නොකළ වරදට නොසිතු මොහොතක
වුණා සිරබත් මටත් කන්නට...
 

සුපිරි ගෙයකට සිහින මැවුවට
සිපිරි ගෙයි තුළ මසක් ගෙවුමට
ඇඳක් නැතුවම බිම නිදන්නට
හුරු වුණා මම නොබෝ කලෙකින්...
 

එළිය දැකුමට අවැසි වූවත්
අඳුර පමණකි ඉතිරි වූයේ
පිරිවරාගෙන හිටිය යහලුවෝ
කිසි කෙනෙක් අද ඇවිත් නෑනේ...

                                                                                                           චලනි ලක්ෂාණි

Saturday, July 29, 2017

හතේ 7



හතේ හත වැදිලා ඉන්න වෙලාවේ අද පාර දිගෙන් හත ගැන කතා කරන්න හිතුවා. ලෝක ධර්මතාවයන්ගේ බොහෝමයක් දේවල් හතක් පවතියි. සිදුහත් කුමාරයා නෙ`ඵම් මල් 7ක් උඩ වැඩියා කියලා ධර්මයේ සදහන් වෙනවා. මේ වගේ තව බොහෝමයක් කරුණු තියෙනවා. උන්වහන්සේ බුද්ධත්වය ලබා ගත් පසු සත් සතිය ගත කළ අකාරය ධර්මයේ සදහන් වෙයි.
 

                           සත් සතිය
                 සප්ත අපරිහානි ධර්ම
                      සප්ත භාර්යාවෝ
            ලෝකෙත් පුදුම 7ක් තියෙනවා

මෙන්න මේ වගේ ගොඩක් දේවල් 7ත් එක්ක සම්බන්ධයි. සත් සතිය ගත කළ ආකාරය මෙසේ දැක්වෙයි.
 

1.ඇසතු  බෝරුක මුල වැඩ සිටීම
2.අනිමිස  ලෝචන පූජාව
3.රුවන් ගෙය
4.රුවන් සක්මන
5.අජපල් නුග රුක මුල වැඩ සිටීම
6.මුචලින්ද නාගදරණය
7.කිරිපලු නුග රුක මුල වැඩ සිටීම

රාජ්‍ය පාල
ය පිළිබඳ එකල පැවති ආකෘති දෙකක් සැලකිල්ලට ගනිමින් බුදුන්වහන්සේ , නායකයෙකු විසින් රට පාලනය කිරීම  සදහා වූ කරුණු දේශනා කළ සේක. බුදුන්වහන්සේ විසින් දෙන ලද උපදෙස් “ මහ පරිනිබ්බාන සූත්‍රයේ , සප්ත අපරිහානි ධර්ම” වශයෙන් දක්වා තිබේ. ඔවුන් සිය රාජ්‍ය පාලනය සදහා කරුණු උපයෝගී කොට ගත් බව බුද්ධ දේශනයේ සදහන් වෙයි.

සප්ත අපරිහානි ධර්මතා
1. නිතර රැස්වීම
2. සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම
3.පැනවූ නීති කඩ නොකිරීම, නොපැනවූ නීතී නොපැනවීම
4, වැඩිහිටියන්ට ගරු කිරීම
5.කාන්තාවන් බලහත්කාරයෙන් රදවා හිරිහැර නොකිරීම
6. සම්ප්‍රධායිකව ගරු සත්කාර කරන පූජනී්‍ය ස්ථානවලට ඒ ගරු සත්කකාර නොපිරිහෙලා ඉටු කිරීම
7.පිටතින් පැමිණි ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණි විට ඒ අය තමන්ගේම අය සේ පිළිගෙන ගරු සත්කාර කිරීම

ගමෙම සප්ත අපරිහානි ධර්ම අනුගමනය කරන රාජ්‍ය නොපිරිහෙන බව බුදුන් වහන්සේ ඔවුන්ට දේශනා කළහ. මෙමගින් බලාපොරොත්තු වන්නේ සාමූහිකව පාලනය කරනු ලබන සාමාජීය හා ආර්ථික ප්‍රගතිය සැලසෙන ආකාරයෙන් දේශපාලන සංවිධාන මෙහෙය වීමයි.

අප මහා ලොව්තුරු බුදුපියාණන්  වහන්සේ දේහනා කළ බුද්ධ දේශනාවේ, භාර්යාවන් 7ක් සිටින බව සදහන් වෙයි. සප්ත භාර්යාවෝ මෙසේය.
 


1. මාතෘ භාර්යා -  යම් භාර්යාවක් තම ස්වාමියා කෙරෙහි මවක මෙන් අනුකම්පා කිරීම

2.භගිනි භාර්යා -    යම් භාර්යාවක් ස්වාමියා කෙරෙහි ලැජ්ජා බිය සහිතව හැසිරෙන්නේද, ස්වාමියාගේ 
                      යසස, කීර්තිය නිතර නිතර පතන්නේ ද , පරපුරුෂයන් කෙරෙහි සිතුවිලි මාත්‍රයක්
                      නොකොට තම ස්වාමියාගෙන්ම සතුටු වන්නී

3. සකී භාර්යා  - තම ස්වාමිය සමග යෙහෙළියක මෙන් වාසය කරන්නී

4. දාසී භාර්යා - පළමුව තම ස්වාමියාගේ කටයුතු සොයා බලා කටයුතු කරන්නී

5.වධක භාර්යා - තම ස්වවාමියා කෙරෙහි නිතර දුෂ්ටකම් කරන්නී
 

6.චෞර භාර්යා - තම ස්වාමියාගේ භෝග විනාශ කරන්නී

7.ස්වාමී භාර්යා  -ස්වාමියාට යම දූතියක මෙන් කටයුතු කරන්නී

ඊට අමතරව ලෝකයේ පුදුම 7ක් ද පවතියි.
 

1. බ්‍රසීලයේ රියොද ජෙජයයිරෝ නුවර ක්‍රිස්තූන් වහන්සේගේ ප්‍රතිමාව
 

2.චීන මහා ප්‍රාකාරය
 

3. ඉතාලියේ කොලෝසියම

4. පෙට්‍රා නගරය
 

 5. ජේරුහි මාවු පීචු  බලකොටුව
 

6. විචෙන් ඉට්සා පූජනීය නගගරය
 

 7. ඉන්දියාවේ ටජ් මහල
 



මීට අමතරව මනාලියකට ද මේ හතේ කතාව වැදගත් වෙනවා.  මංගල දිනයේ දී මනාලිය විසින් මාල හතක් පලදින බව සන් වෙයි.
 

1.පෙති මාලය
2.ගෙඩි මාලය
3.කිරිබෝ මාලය
4.පොල් මල් මාලය
5.අගස්ති මාලය
6.ගෙලපෙති මාලය
7.තවලම් මාලය

මෙම මාල හතෙන් පෙන්නුම් කරන්නේ පත්තිනි මෑණිවරුන් සත්  දෙනාගේ ගුණයයි. එයට හේතුව කාන්තාවගේ පිරිසිදු බව සංකේතවත් කිරීමය.

බුදු දහමේ පමණක් නොව කිතුණු දහමේ පවා මෙම 7 ඉලක්කමට යම් වටිනාකමක් ලැබෙයි. මරණයේ පාප 7 ක් පවතින බව එහි දැක්වෙයි.

6වන ශත වර්ෂයේ සිටියා වූ  ග්‍රෙගරි නම් පාප් වහන්සේ පවසන පරිදි මරණයේ පාප 7,
 

1.උඩගුකම
2,ඊර්ෂ්‍යාව
3.තෘෂ්ණෘව
4.කාම රාගය
5.කෝපය
6.කෑදරකම
7.අලසකම

ලංකාවෙන් එහා  ලෝකය ගැන බලන කළ ද මේ හතේ සංකල්පය වැදගත් වෙයි.

ලොව ඇති බලවත්ම කාර්මික රටවල් ලෙස සැලකෙන්නේ,
 

1.අමරිකාාව
2.මහා බිතත්‍රාන්‍ය
3.පප්‍රංශය
4.ඉතාාලිය
5.කැනඩාාව
6.ජර්මනිය
7.ජපානය
 

මේ රටවල් හතේ එකමුතුව ජී -7 ලෙසින් හැදින්වෙයි.


                                                                

                                                                                                                        චලනි ලක්ෂාණි








Thursday, July 27, 2017

රාජ්‍ය මූලික සමාජ ක්‍රමයේ මහජන සම්බන්ධතා


ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූලික සමාජ ක්‍රමයේ වැඩිමනක් මහජන සම්බන්ධතා රජුට අදාළ ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම සඳහා ප්‍රධාන කොට භාවිතා කරන ලදි. ලංකාවේ ඒ ඒ රජවරු මහජනයා අතර විශ්වාසයක් හොඳ හිතක් ආගම සමඟ මනා සම්බන්ධතාවක් ඇති බව ජනතාවට ඒත්තු ගැන්වීමට විවිධ මහජන සම්බන්ධතා පවත්වා ඇත. මෙය විජයාවතරණයේ සිට ශ්‍රී ලංකාවේ සිඳු වූ විපර්යතාවකි.
 

විජය රජු ලංකාවට ගොඩ බැස කුවේණියගේ මාර්ගයෙන් දෙවියන්ගේ කැමැත්ත මත භූමිය ප්‍රමුඛ ඇතැම් දේ තහවුරු කරගනිමින් එක් රාත්‍රියක කුවේණිය සමඟ හිදිනා කළ සිරීස නම් වස්ථුපුරයෙන් ගී නාද සමඟ හඬක් ඇසී ඒ හඬ කිමැක් දැයි කුවේණියගෙන් විචාලහ. “ හිමියනි ඒ ඈත සිරීස නම් අප වස්ථුපුරයෙහි කා බී හිත් සන්තෝෂව නැටුම් ගැයුම් වාදන සහිතව සතුටු වන පිරිසක් බව” කුවේණිය විසින් එයට පිළිතුරු සපයන ලදි. විජය රජු විසින් මෙරට රාජ්‍ය පිහිටු වීමට මත්තෙන් එක් රාත්‍රියකදීම ලංකාවේ මහජන සම්බන්ධතාව තිබූ බවට වංශ කතුවරයා විසින් සාක්ෂි ලබා දී තිබෙයි. නැටුම්, ගැයුම්, වාදන පැවැත්වීමට නම් සමූහයක් සිටිය යුතුය. එකිනෙකා අතර සම්බන්ධතා තුළින් ගොඩ නැගුණු බැඳීම් තිබිය යුතු වෙයි. ලංකාවේ මහජන සම්බන්ධතා එතැකින් ආරම්භ වූ බව පිළිගත හැකිය.
 

රජු විසින් තමාට හිතකර භෞතිකව පෝෂණය වූ හා මානසිකව පෝෂණය වූ රාජ්‍යයක් ගොඩ නගා ගැනීමට සිතාමතාම මහජන සම්බන්ධතා ගොඩ නගා ගත් ආකාරය අතීත වංශ කතා සාක්ෂි දරයි.
“ලංකාවේ සිටි ඇතැම් රජවරු රහසිගතව වෙස්වලාගෙන තමන්ට මිනිසුන් කැමැත්තේ ද නැත්ද යන්න සොයා බැලීම සඳහා ගම් නියම් ගම් සැරිසැරූහ. රාජසිංහ රජු සවස් කාලයේ වෙල් යායක වී කරල් අහුලන රුව කාන්තාවක් දැක මෙසේ සිය අදහස පළ කර තිබෙයි.”
 

වෙලක මහිම බල මා වී        පැසීලා
පැලක මහිම බල බට කොළ සොයාලා
මලක මහිම බල අතු අග       පිපීලා
ලියක මහිම බල පෙති ගෝමර  ඉසීලා
 

රජ විසින් සිය අදහස සාර්ථක සම්බන්ධතාවක් ගොඩ නැගිමට පාරිසරික සාදක සමඟ කාන්තාව අමුතු ලෙස හගවයි. ඒ මොහොතේම වෙස්වලාගෙන සිටින්නේ රටේ ප්‍රධානියා බව දැනගත් කාන්තාව රජතුමාට පරිසරයේ අනිත්‍යතාව පිළිබඳ කවිකර මෙසේ පවසයි.
 

වෙල හොඳ මොකද යල මහ       පාලුවේ නම්
පැළ හොඳ මොකැ පොද වැස්සට තෙමේ නම්
මල හොඳ මොකදු අග         පරව යා නම්
ලිය හෙඳ මොකද පෙති ගෝමර   මැකේ  නම්
 

කාන්තාව කුමන දේ ප්‍රකාශ කළ ද රජු එයට අභියෝගයක් එල්ල කරන්නේ මහජන සබැදියාවද පලුදු නොකර ගනිමිනි.
මේ ලෙස රාජ්‍ය ගැළපෙන ආකාරයේ ක්‍රමභාවිත කරමින් මහජනතාව සමඟ හොද හිත පතතුරවමින් රාජ්‍ය ගෙන ගිය බව පෙනේ.


Tuesday, July 25, 2017

කාලා බලමුද ?







 



hostel එකෙන් එලියට පැන්නේ අතට අහු උනු කොල 2,3 ක් සාක්කුවේ දමා ගෙන. එත් lecture එක පටන් ගන්න විනාඩි 10 ක් විතර තියෙන්නේ. බඩට මුකුත් දාගන්න වෙලාවක් තිබ්බෙත් නෑ. පොඩි උනු t-shirt එකයිල  රූමගේ කලිසමයි bata කෑලි දෙකත් හදිස්සියේ දාගෙන එළියට බැස්සේ අදවත් lecture යන්න හිතා ගෙන...ඒත් campus එකට ගොඩවෙන්නත් කලින් බඩේ පනුවෝ අරගල කලා....... හදිස්සියෙන් canteen එකට ගොඩ උනේ අහළ පහළ වුන්ද set කරගෙනය..
 
'' අම්මෝ.................. පෝලිම................”ඉබේටම කියවුණා..........දැන් ඉතින් පෝලිමේ තමා..........
 
වරුවක් විතර පෝලිමේ ලැගල ඉදලා ගත්ත 40 ක් ම දීලා මාළු කෑම එකක්ම...තිබ්බෙත් එච්චරමයි....අදනම් ඉතින් lecture මෙහෙ ඉදන් තමා........රෑටත් හරියට කන්න නැති නිසා දැන්නම් ඕ......න කෑමක්..........රූමගේ කොක්කත් වෙලාවටම එතන............දැන් ඉතින් තවත් එකෙක් ..... කටට දෙකට බත් එක ඉවර කරන්න තරම් බඩගිනියි.........වටේම උන් ....බත් එකට ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නැ.........අමාරුවෙන් කටක් දෙකක් බඩට දාගත්තා................
 '' ඊ...............................................................”රූමගෙ කොක්ක  කෑ ගැහුවා........................


 කැරපොත්තා දුටුවෙහිද?
මේ කැරපොත්තා හැර තවත් කැරපොත්තන් සිටීද?

 

Monday, July 17, 2017

ෆේස්බුක් වාර්තා අ`ඵත් වෙයි

ෆේස්බුක් කියන්නේ අද  වනවිට ලොකු කුඩා කා අතරත් එකලෙස ජනප්‍රිය වුණු මාධ්‍යක්. නව මාධ්‍යය සිය දොරගු`ඵ විවිර කර ගැනීමත් සමග ජනතාව අතරට පැමිණි මේ ෆේස්බුක් කලාව අද වන විට ලොව බොහෝ රටවල් ආක්‍රමණය කර තිබේ. අ`ඵත්ම දත්ත වාර්තාවන්ට අනුව ඉන්දියාව ෆේස්බුක් ගිණුම් හිමියන් වැඩි ප්‍රමාණයක් සිටින රට බවට පත්වෙලා තියෙනවා. එම සමීක්ෂණ වාර්තාවලට අනුව ඉන්දියාව තුළ මේ වන විට ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 214ක් සිටින බවයි වාර්තා වන්නේ. මීට පෙර මෙම ස්ථානය හිමි කර සිටියේ අමරිකාවයි. අමරිකාව තුළ ෆේස්බුක් ගිණුම් මිලියන 240ක ප්‍රමාණයක් තිබෙන අතර ඉන්දියාව තුළ එක් මසකට සාමාන්‍ය ක්‍රියාකාරී ෆේස්බුක් ගිණුම් හිමියන් ප්‍රමාණය මිලියන 201ක් බව සඳහන් වෙනවා. ෆේස්බුක් ගිණුම් මිලියන 139ක් හිමිකර ගනිමින් තෙවැනි තැනට පත්ව ඇත්තේ බ්‍රසීලයයි.


ඒක පට්ට

පාර දිගේ යන ගමනේ අද කතා කරන්නේ මේ දවස්වල නිතර කතා බහට ලක්වෙන මාතෘකාවක් පිළිබඳවයි. කාලෙන් කාලෙට සමාජයේ අහන්න දකින්න තියෙන දේවල් එක්ක මුහුණු පොතත් අ`ඵත්ම කතාංගයන් ගොතන්න පටන් ගන්නවා. 

මුහුණු පොතේ අ`ඵත්ම පෝස්ට් වගයක් මේ දවස්වල කාගෙත් කතා බහට ලක්වෙලා තියෙනවා. ඒ තමයි “ඒක පට්ට” නම් වු වදන් පෙළ සමග ගෙතෙන විවිධ කතාංගයන්ය.

මුහුණු පොතට අදහස් පල කරන බොහෝදෙනා ඒ පිළිබඳවත් විවිධ අදහස් පල කර තිබෙනවා. කාලෙන් කාලෙට කුමන හෝ දෙයක් පසුපස ලුහු බදින තාරුණ්‍යයේ අ`ඵත්ම කතාබහ ඒ ගැනයි.




Tuesday, July 11, 2017

උන්මාද චිත්‍රා


            විළිරුදාවෙන් ඉකි බිදින හඬ
            දෙදර වූවා පොළෝ තලයම
           දරාගත නොහැකි ගින්දර
           ඉවසුවා පුත නුඹ නමින්
   

                  මගේ කුස තුළ ඔබේ ජීවය
                  දරා සිටියා  දස මසක්
                  ඔබ උපන් දා සිගිති දුවකගේ
                 මවක් වූවා මා එදා
 

    රාජ  සම්පත් ලැබුණු මා හට
   ඔබේ සියුමැලි සිනහ දැකුමට
   ඔබේ මොළකැටි වදන් ඇසුමට
   අහිමි කර දුන් සොහොයුරන්
  

              සොළොස් අවුරුදු ඉක්ම ගිය දා
              යුධ බිමේ ඔබේ සටන් පෙන්වා
             සතුරා පරදා ජය ලැබූ වග
             සැලකලා මැතිදුන් පුතේ


                                                                     චලනි ලක්ෂාණි