Wednesday, February 1, 2017

වෙළඳ දැන්වීම්කරණය හා ජනප්‍රිය ප්‍රතිරූප




  යම්කිසි පණිවුඩයක් එසේත් නැතිනම් යම් තොරතුරක් යම්කිසි මාධ්‍යයකින් යමෙකුට දැනුම්දීම දැන්වීම්කරණය ලෙස හැඳින්විය හැකිය. දැන්වීම්කරණයේ ආරම්භය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව ගියද අද වනවිට එය ඩිජිටල්කරණය දක්වා සිය නිම්වළලු පුළුල් කොට ගෙන තිබෙන බව දැකිය හැකිය. එහෙයින් වෙළඳ දැන්වීම්කරණය ගැන කතාබහට ලක් කිරීම වැදගත් වෙයි.
වෙළඳ දැන්වීමක් ග්‍රාහක ආකර්ෂණය දිනා ගැනීම සඳහා විවිධ ප්‍රයෝග භාවිත කරනු ලබයි.
    ජන විඥානය
    මන: කල්පිතයන්
    මානව සංවේදීතාවයන් මෙන්ම ඒ අතර ජනප්‍රිය සංස්කෘතියද වෙයි. 


එවන් වූ විවිධ භාවිතයන් අතර ජනප්‍රිය සංස්කෘතිකාංග යොදා ගැනීම හරහා එම වෙළඳ භාණ්ඩ හෝ සේවාව වහා ඉක්මනින් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැදෙන්නක් බවට පත් වෙයි. අද බොහෝ වෙළඳ දැන්වීම්වලට ජනප්‍රිය සංස්කෘතිතාංග යොදා ගන්නා අතර ජනප්‍රිය ප්‍රතිරූප ඒ හරහා ඉදිරිපත් කිරීම තුළින් එය වඩාත් ආකර්ශනීය මාධ්‍යයක් බවට පත් වෙයි.
මාධ්‍ය ලෝකයේ ප්‍රබල චරිත මේ සඳහා පාදක කර ගනියි. රංගන ශිල්පීන් ,නර්තන ශිල්පීන්, ගායක ගායිකාවන් පමණක් නොව ක්‍රීඩකයන් පවා මෙම දැන්වීම් සඳහා  සිය දායකත්වය සපයා තිබෙන බව පෙනෙයි.
 

ප්‍රසිද්ධ ගායකයන් ලෙස වත්මන් තරුණ ප්‍රජාවගේ හදවත් දිනා ගත් භාතිය හා සන්තූෂ් මේ වනවිට වෙළඳ භාණඩ ජනතාව අතරට ගෙන යාමට සිය රංගන දායකන්වය සපයා තිබෙන බැව් දැකිය හැකිය. කොකාකෝලා නිශ්පාදන වෙළඳ සන්නාමය ග්‍රාහකගත කරනු පිණිස ඔවුන් එම දැන්වීම් වෙනුවෙන් පෙනී සිටියි. මේ සඳහා වර්තමානයේ දී ක්‍රීඩා ලොවේ නම රැන්දූ කුමාර සංගක්කාර වැනි දැවැන්ත චරිත ද යොදා ගෙන තිබෙන්නේ තාරුණ්‍යයේ හදවත් පැහැර ගැනීම පිණිසය.




 වර්තමනය වනවිට දේශීය ජනප්‍රිය ප්‍රතිරූප පමණක් නොව විදේශීය ආකර්ෂණය දිනා ගත් චරිත පවා වෙළඳ දැන්වීම්කරණය වෙනුවෙන්  පෙනී සිටියි. එයට කදිම සාක්ෂී ඇන්ලීන් දැන්වීමෙන් මෙන්ම ලක්ස් , එයාටෙල් වැනි නිශ්පාදන භාණ්ඩ හරහා සැපයෙයි.


ඇන්ලීන් කිරි නිශ්පාදන නාමය වඩාත් විශ්වාසනීයත්වයෙන් යුතු ව ජනතා පරිභෝජනය සඳහා ගෙන ඒමට ඉන්දීයානු නිළියක් යොදා ගනු ලබයි. එය වෙළඳ උපක්‍රමයකි. ඇය එම ටෙලි නාට්‍ය හරහා යහපත් බිරිදක් මෙන්ම යහපත් මවකගේ භූමිකාව නිරූපණය කරයි. එලෙස විශ්වාසනීයවන්ත මවකගේ තේරීම ලෙස එම කිරිපිටි නිශ්පාදනය ග්‍රාහකයා වෙත ගෙන එනු ලබයි. එලෙස වෙළඳ දැන්වීම්කරණයේ යෙදීම තුළින් සිය භාණ්ඩයේ විකුණුම් ඉහළ යන බව විචාරක මතයයි.එමෙන්ම සිය සන්නාමය වඩා ආකර්ෂණීයව ඉදිරිපත් කිරීම සඳහා ඒ සඳහා නිශ්චිත වර්ණ භාවිතයක් ද එක් කරනු ලබයි. කොළ පැහැය මෙම නිශ්පාදනය සඳහා යොදා ගන්නේ ඒ නිසාවෙනි.
 


 











ඒවගේම පූජා උමාශංකර් වැනි විදේශීය නිළියන් මෙම වෙළඳ දැන්වීම්කරණය සඳහා යොදා ගන්නේ  ඔවුන් මේ වනවිටත් දේශීය ජනතාවගේ සිත් ගන්නා ජනප්‍රිය ප්‍රතිරූපයක් බවට පත් වී ඇති හෙයිනි. රූමත් බව ස්ත්‍රීන් වඩාත් කැමති ගුණාංගයකි. ලොව පුරා ජනප්‍රිය චරිත පවා මෙවැනි නිශ්පාදන භාවිතයෙන් එකී සුන්දරත්වය ලබා ගත් බවට දැන්වීම්කරුවා ප්‍රති නිරූපණය කරයි. එය වඩාත් ඉක්මනින් ග්‍රහණය කර ගත් ප්‍රජාව සිය භාවිතයට එවැනි භාණ්ඩ පහසුවෙන් එකතු කර ගනියි.

සුසිනිදු  බවේ රහස මෙම නිශ්පාදනයෙන් ලබා ගත හැකි බව ඒ හරහා ගෙන එයි.

මෙලෙස නිර්මාණය වන බොහෝ වෙළද නිශ්පාදනයන් සදහා ජනප්‍රිය චරිත යොදා ගන්නා බව දැක ගත හැකිය.