Showing posts with label කවි සංකල්පනා. Show all posts
Showing posts with label කවි සංකල්පනා. Show all posts
Monday, July 31, 2017
සිහිනය
මහා ඉහළින් කිරුලු පළදින්නට
උසස් රැකියාවක් කරන්නට
මිල මුදල් හෙම හම්බ කරනට
මටත් තිබුණා සිහිනයක්...
වරම් ලැබුණා සරසවියට
යෙදුවේ කාලය ඉගෙන ගැනුමට
ගෙවුණු ටික කාලෙට
ඉගෙන ගත්තා නොදුටු දහමක්...
යහලු යෙහෙලියෝ පිරිවරා ගෙන
මමත් හිටියා මහා ඉහළින්
නොකළ වරදට නොසිතු මොහොතක
වුණා සිරබත් මටත් කන්නට...
සුපිරි ගෙයකට සිහින මැවුවට
සිපිරි ගෙයි තුළ මසක් ගෙවුමට
ඇඳක් නැතුවම බිම නිදන්නට
හුරු වුණා මම නොබෝ කලෙකින්...
එළිය දැකුමට අවැසි වූවත්
අඳුර පමණකි ඉතිරි වූයේ
පිරිවරාගෙන හිටිය යහලුවෝ
කිසි කෙනෙක් අද ඇවිත් නෑනේ...
චලනි ලක්ෂාණි
Tuesday, July 11, 2017
උන්මාද චිත්‍රා
විළිරුදාවෙන් ඉකි බිදින හඬ
දෙදර වූවා පොළෝ තලයම
දරාගත නොහැකි ගින්දර
ඉවසුවා පුත නුඹ නමින්
දරා සිටියා දස මසක්
ඔබ උපන් දා සිගිති දුවකගේ
මවක් වූවා මා එදා
රාජ සම්පත් ලැබුණු මා හට
ඔබේ සියුමැලි සිනහ දැකුමට
ඔබේ මොළකැටි වදන් ඇසුමට
අහිමි කර දුන් සොහොයුරන්
සොළොස් අවුරුදු ඉක්ම ගිය දා
යුධ බිමේ ඔබේ සටන් පෙන්වා
සතුරා පරදා ජය ලැබූ වග
සැලකලා මැතිදුන් පුතේ
චලනි ලක්ෂාණි
Subscribe to:
Posts (Atom)