Thursday, July 27, 2017

රාජ්‍ය මූලික සමාජ ක්‍රමයේ මහජන සම්බන්ධතා


ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූලික සමාජ ක්‍රමයේ වැඩිමනක් මහජන සම්බන්ධතා රජුට අදාළ ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම සඳහා ප්‍රධාන කොට භාවිතා කරන ලදි. ලංකාවේ ඒ ඒ රජවරු මහජනයා අතර විශ්වාසයක් හොඳ හිතක් ආගම සමඟ මනා සම්බන්ධතාවක් ඇති බව ජනතාවට ඒත්තු ගැන්වීමට විවිධ මහජන සම්බන්ධතා පවත්වා ඇත. මෙය විජයාවතරණයේ සිට ශ්‍රී ලංකාවේ සිඳු වූ විපර්යතාවකි.
 

විජය රජු ලංකාවට ගොඩ බැස කුවේණියගේ මාර්ගයෙන් දෙවියන්ගේ කැමැත්ත මත භූමිය ප්‍රමුඛ ඇතැම් දේ තහවුරු කරගනිමින් එක් රාත්‍රියක කුවේණිය සමඟ හිදිනා කළ සිරීස නම් වස්ථුපුරයෙන් ගී නාද සමඟ හඬක් ඇසී ඒ හඬ කිමැක් දැයි කුවේණියගෙන් විචාලහ. “ හිමියනි ඒ ඈත සිරීස නම් අප වස්ථුපුරයෙහි කා බී හිත් සන්තෝෂව නැටුම් ගැයුම් වාදන සහිතව සතුටු වන පිරිසක් බව” කුවේණිය විසින් එයට පිළිතුරු සපයන ලදි. විජය රජු විසින් මෙරට රාජ්‍ය පිහිටු වීමට මත්තෙන් එක් රාත්‍රියකදීම ලංකාවේ මහජන සම්බන්ධතාව තිබූ බවට වංශ කතුවරයා විසින් සාක්ෂි ලබා දී තිබෙයි. නැටුම්, ගැයුම්, වාදන පැවැත්වීමට නම් සමූහයක් සිටිය යුතුය. එකිනෙකා අතර සම්බන්ධතා තුළින් ගොඩ නැගුණු බැඳීම් තිබිය යුතු වෙයි. ලංකාවේ මහජන සම්බන්ධතා එතැකින් ආරම්භ වූ බව පිළිගත හැකිය.
 

රජු විසින් තමාට හිතකර භෞතිකව පෝෂණය වූ හා මානසිකව පෝෂණය වූ රාජ්‍යයක් ගොඩ නගා ගැනීමට සිතාමතාම මහජන සම්බන්ධතා ගොඩ නගා ගත් ආකාරය අතීත වංශ කතා සාක්ෂි දරයි.
“ලංකාවේ සිටි ඇතැම් රජවරු රහසිගතව වෙස්වලාගෙන තමන්ට මිනිසුන් කැමැත්තේ ද නැත්ද යන්න සොයා බැලීම සඳහා ගම් නියම් ගම් සැරිසැරූහ. රාජසිංහ රජු සවස් කාලයේ වෙල් යායක වී කරල් අහුලන රුව කාන්තාවක් දැක මෙසේ සිය අදහස පළ කර තිබෙයි.”
 

වෙලක මහිම බල මා වී        පැසීලා
පැලක මහිම බල බට කොළ සොයාලා
මලක මහිම බල අතු අග       පිපීලා
ලියක මහිම බල පෙති ගෝමර  ඉසීලා
 

රජ විසින් සිය අදහස සාර්ථක සම්බන්ධතාවක් ගොඩ නැගිමට පාරිසරික සාදක සමඟ කාන්තාව අමුතු ලෙස හගවයි. ඒ මොහොතේම වෙස්වලාගෙන සිටින්නේ රටේ ප්‍රධානියා බව දැනගත් කාන්තාව රජතුමාට පරිසරයේ අනිත්‍යතාව පිළිබඳ කවිකර මෙසේ පවසයි.
 

වෙල හොඳ මොකද යල මහ       පාලුවේ නම්
පැළ හොඳ මොකැ පොද වැස්සට තෙමේ නම්
මල හොඳ මොකදු අග         පරව යා නම්
ලිය හෙඳ මොකද පෙති ගෝමර   මැකේ  නම්
 

කාන්තාව කුමන දේ ප්‍රකාශ කළ ද රජු එයට අභියෝගයක් එල්ල කරන්නේ මහජන සබැදියාවද පලුදු නොකර ගනිමිනි.
මේ ලෙස රාජ්‍ය ගැළපෙන ආකාරයේ ක්‍රමභාවිත කරමින් මහජනතාව සමඟ හොද හිත පතතුරවමින් රාජ්‍ය ගෙන ගිය බව පෙනේ.


5 comments:

  1. Matae lipiya godak qedagath una.wedagath kaeunu resak me lipiye thibuna.sthuthi oyata.thawath me wage wedagath lipj liynna hekiyawa lebewa

    ReplyDelete
  2. Godk thorathuru mata hoyagnna puluwan una... ekta thnz thawath me wage lipi liynna...

    ReplyDelete
  3. Godk thorathuru mata hoyagnna puluwan una... ekta thnz thawath me wage lipi liynna...

    ReplyDelete
  4. Godk thorathuru mata hoyagnna puluwan una... ekta thnz thawath me wage lipi liynna...

    ReplyDelete