Monday, July 31, 2017

සිහිනය


මහා ඉහළින් කිරුලු පළදින්නට
උසස් රැකියාවක් කරන්නට
මිල මුදල් හෙම හම්බ කරනට
මටත් තිබුණා සිහිනයක්...
 

වරම් ලැබුණා සරසවියට
යෙදුවේ කාලය ඉගෙන ගැනුමට
ගෙවුණු ටික කාලෙට
ඉගෙන ගත්තා නොදුටු දහමක්...
 

යහලු යෙහෙලියෝ පිරිවරා ගෙන
මමත් හිටියා මහා ඉහළින්
නොකළ වරදට නොසිතු මොහොතක
වුණා සිරබත් මටත් කන්නට...
 

සුපිරි ගෙයකට සිහින මැවුවට
සිපිරි ගෙයි තුළ මසක් ගෙවුමට
ඇඳක් නැතුවම බිම නිදන්නට
හුරු වුණා මම නොබෝ කලෙකින්...
 

එළිය දැකුමට අවැසි වූවත්
අඳුර පමණකි ඉතිරි වූයේ
පිරිවරාගෙන හිටිය යහලුවෝ
කිසි කෙනෙක් අද ඇවිත් නෑනේ...

                                                                                                           චලනි ලක්ෂාණි

No comments:

Post a Comment