ෆේස්බුක් කියන්නේ අද වනවිට ලොකු කුඩා කා අතරත් එකලෙස ජනප්‍රිය වුණු මාධ්‍යයක්. නව මාධ්‍යය සිය දොරගු`ඵ විවිර කර ගැනීමත් සමග ජනතාව අතරට පැමිණි මේ ෆේස්බුක් කලාව අද වන විට ලොව බොහෝ රටවල් ආක්‍රමණය කර තිබේ. අ`ඵත්ම දත්ත වාර්තාවන්ට අනුව ඉන්දියාව ෆේස්බුක් ගිණුම් හිමියන් වැඩි ප්‍රමාණයක් සිටින රට බවට පත්වෙලා තියෙනවා. එම සමීක්ෂණ වාර්තාවලට අනුව ඉන්දියාව තුළ මේ වන විට ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 214ක් සිටින බවයි වාර්තා වන්නේ. මීට පෙර මෙම ස්ථානය හිමි කර සිටියේ අමරිකාවයි. අමරිකාව තුළ ෆේස්බුක් ගිණුම් මිලියන 240ක ප්‍රමාණයක් තිබෙන අතර ඉන්දියාව තුළ එක් මසකට සාමාන්‍ය ක්‍රියාකාරී ෆේස්බුක් ගිණුම් හිමියන් ප්‍රමාණය මිලියන 201ක් බව සඳහන් වෙනවා. ෆේස්බුක් ගිණුම් මිලියන 139ක් හිමිකර ගනිමින් තෙවැනි තැනට පත්ව ඇත්තේ බ්‍රසීලයයි.
Showing posts with label මුහුණු පොත. Show all posts

Monday, July 17, 2017
ඒක පට්ට
පාර දිගේ යන ගමනේ අද කතා කරන්නේ මේ දවස්වල නිතර කතා බහට ලක්වෙන මාතෘකාවක් පිළිබඳවයි. කාලෙන් කාලෙට සමාජයේ අහන්න දකින්න තියෙන දේවල් එක්ක මුහුණු පොතත් අ`ඵත්ම කතාංගයන් ගොතන්න පටන් ගන්නවා. මුහුණු පොතේ අ`ඵත්ම පෝස්ට් වගයක් මේ දවස්වල කාගෙත් කතා බහට ලක්වෙලා තියෙනවා. ඒ තමයි “ඒක පට්ට” නම් වු වදන් පෙළ සමග ගෙතෙන විවිධ කතාංගයන්ය.
මුහුණු පොතට අදහස් පල කරන බොහෝදෙනා ඒ පිළිබඳවත් විවිධ අදහස් පල කර තිබෙනවා. කාලෙන් කාලෙට කුමන හෝ දෙයක් පසුපස ලුහු බදින තාරුණ්‍යයේ අ`ඵත්ම කතාබහ ඒ ගැනයි.
Tuesday, July 11, 2017
කොයි ලොව යන්නේ මරණින් පස්සේ....
පාර දිගේ විවිධ ඉසව් සොයා යන ගමනේ අද ගොඩ වදින්නේ තවත් කතිතාවතක් වෙතයි. ෆේස්බුක් පිටුවේ පළ වුණු තවත් පෝස්ට් එකක් පිළිබඳ අද කතා කරන්න හිතුවා.
මිනිසා උත්පත්තියෙන් කුමන හෝ ආගමක කොටස්කරුවෙකු බවට පත් වෙයි. නමුදු එහි අර්ථාන්විත හරය වටහා ගෙන ඇත්තේ අතලොස්සක් යැයි හැගෙයි. වත්මනයේ දැකිය හැකි සමාජ වපසරිය ඊට සාක්ෂි දරයි. අභෞතික වස්තූන් පවා ඇතැම් වෙලාවට ප්‍රාණය ඇත්තෙකුට වඩා වටිනේය. අප්‍රාණික දෙයට පවා දැනෙන හැගෙන මානූෂීය ගති ලක්ෂණයන් මිනිසා බැහැර කරන්නේ කෙසේද? නමුදු පින් පව් , කුසල් අකුසල් නැති බව විශ්වාස කරන බොහෝ දෙනා එහි සැබෑව මිත්‍යාවෙන් යුතුව දකියි.
“චේතනහං භික්ඛවේ කම්මං වදාමි” මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. සිතින් සිතා කයින් වචනයෙන් කර්ම සිදු කරයි.
ඒ බුදුන් වහන්සේගේ දේශනයයි. කර්මය අවිශ්වාස කරන අකර්මවාදීන් එහි සත්‍යතාව දකින්නේ අවිශ්වාසයෙනි. උපන්නොත් තනියම, මරණය අත්වන්නෙ ්ද තනිවමය. කදුලු සහිතව මෙලොව එළිය දකින මනුෂ්‍යයා මෙලොවින් සමුගන්නේ අනෙකාගේ නෙතට කදුලක් එක් කරමිනි. එයයි සැබෑ දහම ලොවේ. කුල මිත්‍රාදීන් පිරිවරා ගෙන සිටියද ඔවුන් තමන් සමග පැමිණෙන්නේ සීමිත දුරකි. මළ කද රැගෙන සොහොන අභියසට පමණක් එන ඥාතීන් කිසිවෙකුට ඉන් එහාට ගමන් කිරීමට නොහැකිය. නමුදු රැගෙන යන එක දෙයක් තිබේ. බුදු දහමට අනුව පින් පව් තමා පසුපස ලුහු බදියි. ගොනා පසුපස එන රියසක මෙන් තමා කළ අකුසල් තමා පසු එයි. තමන් සමඟ එන හෙවනැල්ල මෙන් කුසලය අප සමග නිරතුරු ජීවන ගමනේ කොටස්කරුවෙකු ලෙස පැමිණෙයි.
මරණින් පසු තමා කළ කුසල අකුසලයන් විපාක දෙන බවට බුදු දහමේ බොහෝ කතාවන් සාක්ෂි දරයි.
මගධයේ රජ වුණු බිම්බිසාර රජතුමාට , මුගලන් තෙරුන්ට, චුන්ද සූකිරකට ආදි බොහෝ දෙනාට ඒ කර්මයන් විපාක දුන් බවට බෞද්ධ කතා සඵත කරයි. ප්‍රාණඝාත අකුසලය සම්පූර්ණ වීමට කොටස් 5ක් සම්පූර්ණ විය යුතු බව බුදු දහමේ සදහන් වෙයි.
සතෙකු වීම
සතෙකු බව දැනීම
මැරීමට සිතක් පහළ වීම
උපක්‍රමයක් සිතීම
උපක්‍රමය ක්‍රියාත්මක කර සත්ත්වයා ඝාතනය කිරීම යන කරණු 5 සම්පූර්ණ වුවහොත් ප්‍රාණඝාත අකුසලය සිදුවෙයි.
කුසල හෝ අකුසල කර්මයන් විවිධ ආත්ම භවවලදී විපාක දී තිබේ. යහපත් සමාජයක් කරා යන ගමනේ මෙවැනි ධර්මතාවයන් සිහි තබා ගැනීම වටිනේයයි හැගේ.
චලනි ලක්ෂාණි

Subscribe to:
Posts (Atom)