Showing posts with label මාධ්‍ය හමුව. Show all posts
Showing posts with label මාධ්‍ය හමුව. Show all posts

Monday, August 7, 2017

මාධ්‍ය සංස්කෘතිය

සංස්කෘතිය 

මිනිස් චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම සංස්කෘතිය නියෝජනය කරයි. මානව දිවිපැවත්ම මෙහෙය වන ප්‍රධාන සාධකය වන්නේ ද එයයි. පළමුව සංස්කෘතිය යනු කුමක්ද විමසීම වැදගත්ය.

ඒ අනුව සංස්කෘතිය යන්න පිළිබඳව පැහැදිලි කරන නිර්වචන කිහිපයක් විමසා බලමු.
 


සමාජ විද්‍යාඥ ඊ.බී. ටයිලර් ,
 

“ සංස්කෘතිය හෝ සභ්‍යත්වය යනු දැනුම, ඇදහිලි, කලා, නීතිය, සදාචාර, සිරිත් විරිත් හා මිනිසා සමාජයේ ජීවත්වන පුද්ගලයෙකු වශයෙන් ලබා ගත්තා වූ පුරුදු පුහුණු හා හැකියාවන් අඩංගු සංකීර්ණ සමස්තයයි. ”



රේමන්ඞ් විලියම්,
“ සංස්කෘතිය යනු සමස්ත ජීවන මාර්ගයයි.’



මාර්ටින් වික්‍රමසිංහ මහතා - මානව විද්‍යාව සහ සිංහල සංස්කෘතිය කෘතිය
 

“ සංස්කෘතිය යන වචනෙන් හැඳින්වෙන්නේ වෙනස් නොවන ස්ථාවර වස්තු හා ධර්ම සමූහයන් නොවෙි. හේතු ප්‍රත්‍යයක් ලැබෙන සැටියෙන් වෙනස් වන උපකරණ හා ධර්මයන් සමූහයකි.”


බී.මැලිනොවුස්කි - (Scientific theory of culture)

“සාකේතානුසාරයෙන් සමාජීය ලෙස හිමිකරගත්තා වූ පාරම්පාරික වශයෙන් ලබා ගන්නා වූ සියළුම චර්යා රටාවන්ට දිය හැකි සාමුහික නාමය සංස්කෘතියයි.”




ෆිස්කි

    ’‘ අපගේ සමාජ අත්දැකීම්වල හා ඒ තුළින් අර්ථ නිශ්පාදනය කිරීමේ අනාවරණ ක්‍රියාවලිය සංස්කෘතියයි.”



සමාජ සංවර්ධන ක්‍රියාවලියේ දී සංස්කෘතිය හා බැඳුණු සංකල්ප ගණනාවක් පිළිබඳ අවධානයට ලක් වෙයි.

 

             සංස්කෘතික දුගී බව  - කොතරම් උසස් යැයි සම්මත  සංස්කෘතියක වුවද දැකිය හැකි දුබල සංස්කෘතික ලක්ෂණ හෙවත් ජාතිවාදය, ආගම්වාදය ,ස්ත්‍රීන් නොසලකා හැරීම,කුලවාදය වැනි ගති ලක්ෂණ මෙයට අයත් ය.
 

           දුගී බවෙි සංස්කෘතිය     - දුගී බව තුළ දිගු කාලයක් ලැග සිටින සමාජයක ස්ථාවර වෙන දුගී බව හා බැඳුණු ගති ලක්ෂණ  සමූහය මෙයට අයත්ය.

    
           මානව කේන්ද්‍රනය       - අන් සංස්කෘතීන් අතර තම ජාතිය , ආගම හෝ කුලය උසස් යැයි සිතමින් අන් අය පහත් කොට සලකමින් තමා පිළිබඳ උඩඟු ආකල්පයක් සහිත වීම මෙයින් අදහස් කෙරේ.
 


          සමාජ අනුකලනය         - අන් සංස්කෘතීන් පිළිබඳ ගෞරවයක් ,පිළිගැනීමක් තුළින් ඇතිවන අන්තර් සංස්කෘතික සංහිදියාව මෙනමින් අදහස් කෙරේ.
 


       සංස්කෘතික මිනිසා               - උසස් සංස්කෘතික ලක්ෂණ සහිත මිනිසා මෙයට අයත්ය.

වැනි සංකල්ප සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන් වැඩි අවධානයකට ලක්ව තිබේ. ඉහත විග්‍රහයට ලක් කළ සංස්කෘතිය හා බැඳුණු සංකල්ප සමූහය සන්නිවෙිදන ක්‍රියාදාමයේ දි අතිශයෙන් වැදගත් බව පැහැදිලිය.




මාධ්‍ය හා සංස්කෘතිය අතර සම්බන්ධතාව

                       ලේඛන කලාව පිළිබඳ ව ඉතා දිගු ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇතත් මුද්‍රණ ශිල්පය පිළිබඳ ශ්‍රී ලංකා ඉතිහාසය ඇරඹෙන්නේ ලන්දේසි යටත් විජිත යුගයේදීය. ක්‍රිස්තු වර්ෂ 1656 දී පෘතුගීසීන් පලවා හැර ශ්‍රී ලංකාවෙි මුහුදුබඩ ප්‍රදේශය අල්ලා ගත්තේ ලන්දේසි ජාතිකයන්ය. ඔවුන්ගේ එක් අරමුණක් වූයේ ඔවුන්ගේ ආගම වූ ක්‍රිස්තු ධර්මය ප්‍රචලිත කිරීමය. පළමු වරට සිංහල අච්චු අකුරු නිපදවීම ගැන වාර්තා වන්නේ 1734 පමණ කාලයේදීය. සිංහල මුද්‍රණාලයක් පිහටුවන මෙන් පිලාත් ආණ්ඩුකාරවරයා විසින් ගේබි්‍රයල් වෙත කරන ලද දැන්වීමකට අනුව ඔහු විසින් 1737 දී ප්‍රථම වරට මුද්‍රණාලය කොළඹ දී පිහිටුවන ලදි. මුලින්ම මෙහි මුද්‍රණය කරන ලද්දේ ලන්දේසි ආණ්ඩුවේ නීති හා රෙගුලාසිය.
                මුද්‍රණ තාක්ෂණය පැමිණීමත් සමඟ ජන ජීවිතවල යමි වෙනසක් දැක ගත හැකි විය. ඉන් පසුව ගුවන්විදුලිය , සිනමාව ,රූපවාහිනිය සහ අන්තර්ජාලය දක්වා වර්ධනය විය. ඒත් සමඟම සංස්කෘතියේද යම් යම්ි වෙනස්කම්වලට බදුන්විය. එලෙස මාධ්‍යයන්ගේ ආගමනයක් සිදු නොවුනානමි අද වනවිට ගොඩ නැගෙන්නේ වෙනම සංස්කෘතියකි. ඒ අනුව ජන මාධ්‍ය හා සංස්කෘතිය අතර ඇත්තේ කෙබඳු සම්බන්ධයක් ද යන්න පැහැදිලි වේ .
■    බහුජන සංස්කෘතිය
■    ජනප්‍රිය සංස්කෘතිය
■    සංස්කෘතික නිෂ්පාදන
■    සංස්කෘතික ප්‍රාග්ධනය
■     සංස්කෘතික අධිරාජ්‍යයවාදය
■    ගෝලීය සංස්කෘතිය
ඇතුළු  ප්‍රවනතා මතු වන්නේ ජන මාධ්‍යය බලපෑමෙනි. සංස්කෘතීන්ට තනිව සිටීමට අවස්ථාවක් නොලැබෙන්නේ එකී ජන මාධ්‍යයේ බලපෑම නිසාය. ජන මාධ්‍ය තුළින් සියල්ල සමෝධානය කරවයි.
 

නිදසුනක් ලෙස ගතහොත්
සමාජය තුළ විවිධාකාර  වූ උප සංස්කෘතීන් පවතියි. ජන මාධ්‍ය විසින් එකී සියලු  සංස්කෘතීන් එකම සංස්කෘතියක් බවට පත් කරයි. උප සංස්කෘතිය තුළ දැකිය හැකි යම් යම් දේ පොදු සංස්කෘතියේ අංග බවට පත් කරයි. රූපවාහිනිය බිහි වීමත් සමඟ එතෙක් සිංහලකරණයට පමණක් සීමා වී තිබූ සංස්කෘතික ක්‍රියාවලිය ශ්‍රී ලාංකිය  සංස්කෘතියක් බවට පුළුල් වීමේ ප්‍රවණතාවක් බවට පත්ව තිබේ. සියලු කලාංගයන්ට ඉහළ ප්‍රාසාංගික අගයක් නිර්මාණය කර දෙනු ලැබීය.

ජන මාධ්‍යයේ බලපෑම  නිසා ජනප්‍රිය සංස්කෘතිය බිහි විය. 


  ජනප්‍රිය සංස්කෘතිය යනු;  ඒ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පවසන්නේ
 

‘ජනයා අතර ප්‍රියවූ’ යන අරුත ලබා දෙන බවයි.
 

ජන මාධ්‍ය වටා පෙළ ගැසී සිටින ව්‍යාපාරික ප්‍රජාව විසින් තම ව්‍යාපාරික අරමුණු මුදුන් පත් කිරීම සඳහා ග්‍රාහකයන්ට සිදු කරන බලපෑම් කරණ කොටගෙන මතු වන සංස්කෘතික ප්‍රවනතාව මෙනමින් හැඳින්විය හැකිය.

  සංස්කෘතික නිෂ්පාදන යනු;
ජන මාධ්‍ය තුළින් නිර්මාණය වන සංස්කෘතියේ ව්‍යාප්තිය සමඟ බිහිවෙන වෙළඳ දැන්වීම්, රූපවාහිනි නාට්‍ය, සිනමාව , නාට්‍ය ,සංගීත සංයුක්ත තැටි ආදි වූ සියල්ලය.





  සංස්කෘතික ප්‍රාග්ධනය  යනු ;
ඒ සියල්ලෙහි එකතුව නැතහොත් මානව හා භෞතික සම්පත්හි ඓක්‍යය ලෙස හැඳින්විය හැකිය.
 

   සංස්කෘතික අධිරාජ්‍යවාදය යනු;
සංස්කෘතික නිෂ්පාදන හා ජන මාධ්‍ය ඔස්සේ බලවත් රටවල් සෙසු රාජ්‍යයන්ට කරන සංස්කෘතික බලපෑම අතිවිශාලය. ඇමරිකාව ඇතුළු බලවත් ජාතීන් කිහිපදෙනෙකු විසින් සෙසු ජාතීන්ට තම සංස්කෘතික නිෂ්පාදන බලයෙන් පවා ඇත. හොලිවුඞ් හා බොලිවුඞ් චිත්‍රපට මීට නිදසුන්ය.


   ගෝලීය සංස්කෘතිය යනු ;
බහුජන සමාගම්වල න්‍යාය පත්‍රයට අනුව මෙහෙයවන ගෝලීයකරණ ක්‍රියාවලියේ එක් මුහුණුවරක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙි පිළිබඳව ආචාර්ය ටියුඩර් වීරසිංහයන් මෙසේ අදහස් දක්වා තිබෙි.
 

“ ගෝලීයකරණය යටතේ ලොව පුරා ව්‍යාප්ත වන ලෝක සංස්කෘතිය යනු අන් කිසිවක් නොව එය ලෝකයේ ජීවත් වන විවිධ ජාතීන්ගේ සංස්කෘතීන් ඇමරිකානුකරණය හා බටහිරකරණය කිරීමයි. එහි අරුත වන්නේ ලෝකයේ වෙනස් ජාතීන්ට ඇමරිකානු හා බටහිර සංස්කෘතිය බලයෙන් පැටවීමයි. එසේම ලෝක සංස්කෘතික අධිරාජ්‍යවාදය ,තොරතුරු අධිරාජ්‍යවාදය ආදිය පෙරදිග උපත ලද ඒවා නොවන අතර ඒවා සිය ගෝලීයකරණ මතවාදයේ ඓතිහාසික පරිණාමයේ දී බටහිර ශිෂ්ටාචාර තුළින්ම උපත ලද ඒවාය.”
                                 ඉහත සඳහන් කළ කරුණුවලට අනුව රටෙි සංස්කෘතිය ගොඩනැගීමටත් එය විකාශනයටත් මාධ්‍ය මඟින් සිදු කෙරන බලපෑම අතිවිශාල බව වටහා ගත හැකිය.




Thursday, July 27, 2017

රාජ්‍ය මූලික සමාජ ක්‍රමයේ මහජන සම්බන්ධතා


ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූලික සමාජ ක්‍රමයේ වැඩිමනක් මහජන සම්බන්ධතා රජුට අදාළ ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම සඳහා ප්‍රධාන කොට භාවිතා කරන ලදි. ලංකාවේ ඒ ඒ රජවරු මහජනයා අතර විශ්වාසයක් හොඳ හිතක් ආගම සමඟ මනා සම්බන්ධතාවක් ඇති බව ජනතාවට ඒත්තු ගැන්වීමට විවිධ මහජන සම්බන්ධතා පවත්වා ඇත. මෙය විජයාවතරණයේ සිට ශ්‍රී ලංකාවේ සිඳු වූ විපර්යතාවකි.
 

විජය රජු ලංකාවට ගොඩ බැස කුවේණියගේ මාර්ගයෙන් දෙවියන්ගේ කැමැත්ත මත භූමිය ප්‍රමුඛ ඇතැම් දේ තහවුරු කරගනිමින් එක් රාත්‍රියක කුවේණිය සමඟ හිදිනා කළ සිරීස නම් වස්ථුපුරයෙන් ගී නාද සමඟ හඬක් ඇසී ඒ හඬ කිමැක් දැයි කුවේණියගෙන් විචාලහ. “ හිමියනි ඒ ඈත සිරීස නම් අප වස්ථුපුරයෙහි කා බී හිත් සන්තෝෂව නැටුම් ගැයුම් වාදන සහිතව සතුටු වන පිරිසක් බව” කුවේණිය විසින් එයට පිළිතුරු සපයන ලදි. විජය රජු විසින් මෙරට රාජ්‍ය පිහිටු වීමට මත්තෙන් එක් රාත්‍රියකදීම ලංකාවේ මහජන සම්බන්ධතාව තිබූ බවට වංශ කතුවරයා විසින් සාක්ෂි ලබා දී තිබෙයි. නැටුම්, ගැයුම්, වාදන පැවැත්වීමට නම් සමූහයක් සිටිය යුතුය. එකිනෙකා අතර සම්බන්ධතා තුළින් ගොඩ නැගුණු බැඳීම් තිබිය යුතු වෙයි. ලංකාවේ මහජන සම්බන්ධතා එතැකින් ආරම්භ වූ බව පිළිගත හැකිය.
 

රජු විසින් තමාට හිතකර භෞතිකව පෝෂණය වූ හා මානසිකව පෝෂණය වූ රාජ්‍යයක් ගොඩ නගා ගැනීමට සිතාමතාම මහජන සම්බන්ධතා ගොඩ නගා ගත් ආකාරය අතීත වංශ කතා සාක්ෂි දරයි.
“ලංකාවේ සිටි ඇතැම් රජවරු රහසිගතව වෙස්වලාගෙන තමන්ට මිනිසුන් කැමැත්තේ ද නැත්ද යන්න සොයා බැලීම සඳහා ගම් නියම් ගම් සැරිසැරූහ. රාජසිංහ රජු සවස් කාලයේ වෙල් යායක වී කරල් අහුලන රුව කාන්තාවක් දැක මෙසේ සිය අදහස පළ කර තිබෙයි.”
 

වෙලක මහිම බල මා වී        පැසීලා
පැලක මහිම බල බට කොළ සොයාලා
මලක මහිම බල අතු අග       පිපීලා
ලියක මහිම බල පෙති ගෝමර  ඉසීලා
 

රජ විසින් සිය අදහස සාර්ථක සම්බන්ධතාවක් ගොඩ නැගිමට පාරිසරික සාදක සමඟ කාන්තාව අමුතු ලෙස හගවයි. ඒ මොහොතේම වෙස්වලාගෙන සිටින්නේ රටේ ප්‍රධානියා බව දැනගත් කාන්තාව රජතුමාට පරිසරයේ අනිත්‍යතාව පිළිබඳ කවිකර මෙසේ පවසයි.
 

වෙල හොඳ මොකද යල මහ       පාලුවේ නම්
පැළ හොඳ මොකැ පොද වැස්සට තෙමේ නම්
මල හොඳ මොකදු අග         පරව යා නම්
ලිය හෙඳ මොකද පෙති ගෝමර   මැකේ  නම්
 

කාන්තාව කුමන දේ ප්‍රකාශ කළ ද රජු එයට අභියෝගයක් එල්ල කරන්නේ මහජන සබැදියාවද පලුදු නොකර ගනිමිනි.
මේ ලෙස රාජ්‍ය ගැළපෙන ආකාරයේ ක්‍රමභාවිත කරමින් මහජනතාව සමඟ හොද හිත පතතුරවමින් රාජ්‍ය ගෙන ගිය බව පෙනේ.


Monday, July 10, 2017

පෙළඹවීමේ කලාව


 









අපි හැමෝම අපේ ජීවිත ගමන ලස්සන කර ගන්න උත්සාහ කරනවා. එකී උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට  හැමෝගෙම ජීවිතවලට යම් යම් දේ ලැබෙනවා. අපි ජීවිතයට ළං කර ගන්න සමහර දේවල් අපිට අත්‍යවශ්‍යම දැයි ටිකක් කල්පනා කළොත් ඇතැම් වෙලාවට අපි ළඟ තියෙන බොහෝ දේවල් අපිට අවශ්‍යම නෑ. අද අපි කතා කරන්නනේ ප්‍රචාරණය ගැනයි. 

වෙලාවකට අපි අපිවම ප්‍රචාරණය කර ගන්නවා. අනිත් අය අතර කැපී පෙනීමට අපි විවිධ උපක්‍රම භාවිත කරනවා. ඒ වගේ තමා වෙළඳ  ආයතන. යම් භාණ්ඩයක් හෝ සේවාවක් සමාජය තුළ ප්‍රවර්ධනය උදෙසා විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඒ අය පාරිභෝගිකයාගේ ආකර්ශනය දිනා ගන්නේ ක්ෂූක්ෂම විදිහටයි. කලින් සදහන් කළා වගේ අපි අපිට අවශ්‍යම දේවල් විතරක් නෙමේ මිලදී ගන්නෙ. ජන මාධ්‍ය මගින් අපිව ඔවුන්ගේ වෙළඳ භාණ්ඩයන් වෙත පෙළඹීමක් ඇති කරනවා. වෙළඳ ප්‍රචාරණයේ මූලික පරමාර්ථය වනනේ එයයි.
 

යම්කිසි භාණ්ඩයක වෙළද නාමය කන වැකුණු සැනින් ඒ පිළිබඳ ප්‍රතිරූපය අපේ හිතේ මැවෙන්නේ ප්‍රචාරණය මගින් අප තුළ ඇති කරනු ලැබූ යහපත් හෝ අයහපත් මානසිකත්වය මතයි. වෙළද භාණ්ඩ මිනිසුන් අතරට යන්නේ ප්‍රචාරණය තුළින් සිදු කරන පෙළඹවීම නිසාය.
නිදසුනක් ලෙස , සබන් අපි හැමෝම භාවිතා කරනවා. නමුත් ඒ සඳහා විවිධ නාමයන්, හැඩයන් , වර්ණයන්, වැනි විවිධකාර ගුණය ඇතුළත් කොට තිබෙන්නේ ප්‍රචාරණය තුළිනි. අලෙවිකරණ ක්‍රියාවලියේ දී ප්‍රචාරණයට වැදගත් තැනක් හිමි වෙනවා.


Production   නිෂ්පාදනය
Place        ස්ථනය
Price                    මිල
Promotion      ප්‍රවර්ධනය
 

ලෙවිකරණ මිශ්‍ර සංකල්පය ලෙස මෙය හදුන්වයි. ප්‍රචාරණය උදෙසා යොදා ගනු ලබන මාධ්‍ය ඉතා වැදගත් වන්නේය.
 

මුද්‍රිත මාධ්‍යයෙන් කරනු ලබන ප්‍රචාරණය  වෙනත් මාධ්‍යයකට උචිත නොවන්න පු`ඵවන්. ඇතැම් මාධ්‍ය මගින් කරනු ලබන ප්‍රචාරණය පාරිභෝගිකයා වෙත වඩා සහෘද ආමන්ත්‍රණයක් ලබා දෙයි. ඇතැම් විට වෙළද සන්නාමය සඳහා යොදා ගන්නා උපක්‍රමය ජනතාව දැනුවත් කිරීම සඳහා යොදා ගනු ලබයි. වෙළදපොළ අධ්‍යයනය මහජන සම්බන්ධතාව සමඟ බැදුණු කාර්යයකි. සාර්ථක වෙළදපළක් ඇති  කිරීම එහි මූලික අභිප්‍රාය වෙනවා. ප්‍රචාරණය සඳහා අනුගමනය කරන වැඩසටහන් ක්‍රම විවිධ විය හැකිය.
 

කූපන් පිරවීම
තරග වැඩසටහන්
වට්ටම් ක්‍රම
නොමිලේ ලබා දීම්
අත් පත්‍රිකා ලබා දීම
 











වැනි උපක්‍රම භාවිතා කරනු ලබයි. යම් භාණ්යඩක් මිලදී ගත් විට එහි ඇති වාසිදායක බව වගේම ඒත් සමග නිකුත් කරන අතිරේක භාණ්ඩ පිළිබදව ද නිරන්තර දැනුවත් කිරීමත් ප්‍රචාරණය තුළින් සිදු කරනු ලබයි.
මුද්‍රිත මාධ්‍යයේ දී භාවිත කරන වචන වල හැසිරීම ද
රූපවාහිනියේ නම් රූපයේ සහ වර්ණ ගැලපීමේ ක්‍රමය ද
ගුවන්විදුලියේ හඬ භාාවිතය ද ප්‍රබල වෙයි.
 

ඒ අනුව ග්‍රාහකයා ආමන්ත්‍රණය කිරීමට වෙළද  ප්‍රචාරක ආයතනය සමත් විය යුතු වෙනවා. අද වනවිට ඒ සඳහා ගොඩ නැගී ඇති වෙළදපල තරගකාරී ස්වරුපයක් ගනු ලබනවා. එකිනෙකට නොදැවෙනි භාණ්ඩ අලෙවියක් ඒ හරහා දියත් කිරීමට ඔවුන් උත්සාහ ගන්නවා. එකම භාණ්ඩයක් වෙනුවෙන්  මේ වන විට නිශ්පාන ආයතන විශාල ප්‍රමාණයක් තරගකාරී වෙළදපළට එක් වී තිබෙනවා.  ඒ නිසාම අද වන විට ප්‍රචාරණය කාගෙත් කතා බහට ලක් වී ඇති මාතෘකාවක් වී තිබෙනවා.
 

නගරයේ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු සවි කර තිබෙනවා ඔබ දැකලා අති. විශාල ඉඩ ප්‍රමාණයක මෙලෙස දැන්වීම් පුවරු සවි කර තිබීමෙන් ඒ සඳහා මිනිසුන්ගේ අවධානය විශාල ලෙස දිනා ගනු ලබනවා. එමෙන්ම ඒ සඳහා වැඩි වශයෙන් යොදා ගෙන තිබෙන්නේ කාන්තා ප්‍රතිරූපයි. එමගින් ද විශාල ආකර්ශනයක් ලබා ගැනීමට දැන්වීම්කරුවා උත්සාහ ගෙන තිබෙනවා.
 

අලෙවිකරණය, වෙළද ප්‍රචාරණය හා දැන්වීම්කරණය තුළ ඇත්තේ එකිනෙකට සුසංයෝග වුණ සබදතාවකි. අද වන විට මිනිසා ප්‍රචාරණයට ගොදුරු වී ඇති නිසාවෙන් ම අවශ්‍යම දේ වෙනුවට ඔවුන් ලබා දෙන  දේ මිලදී ගැනීමට හුරු වී තිබෙයි. ප්‍රචාරණය කලාවක් බව සඳහන් කරන්නේ එබැවිනි. පාාරිභෝගිකයෙකු වශයෙන් අපි හැමෝම එහි කොටස්කරුවෝ වන්නෙමු.