Showing posts with label සමාජ හමුව. Show all posts
Showing posts with label සමාජ හමුව. Show all posts

Thursday, August 3, 2017

අවුරුදු ජන ක්‍රීඩා


ලංකාවේ වෙසන ලොකු කුඩා කවුරුත් බක් මාසයට වඩාත් කැමතියි. ඒ මන්දැයි ඇසූවහොත් අවරුදු සිරියෙන් රට වෙලා ගන්න නිසා බව කවුරුත් කියයි. බාල මහලු කවුරු වුණත් අවුරුදු සිරිය විද ගැනීමට කැමතියි. නූතනයේ නම් විවිධ වෙනස්කම් දැකිය  හැකි වූවත් අතීතයේ දී නම් මේ වටා ගෙතුණු අපුරු සංස්කෘතික පසුබිමක් තිබුණු බව පෙනෙයි. ''පාර දිගේ'' රට වටා යන ගමනේ අද කතා කරන්න හිතුවේ අවුරුදු සිරිය සමඟ දායාද වුණූ ජන ක්‍රීඩා ගැනයි.


කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුවුණු ආදීතමයන් එකී කාර්යයේ අවසානය හරි අපූරුවට නිම කර තිබේ. මානසික සුවය පතා ඔවුන් එක්වී විවිධ ජන නාටක රග දැක්වූ අතර ජන ක්‍රීඩාවේ යෙදෙන්නත් අමතක කළේ නම් නෑ. මේ ක්‍රීඩා වර්ග පිළිබ`ඳ සොයා ගිය ගමනේ ගොඩක් රසමුසු තැන් ස්පර්ශ වුණා.
 

              ජන ක්‍රීඩා පිළිබඳ කතා කරනකොට,
 

ගෘහ ක්‍රීඩා  - පංච කෙළිය / ඔළිද කෙළිය /නෙරෙන්චි ඇදීම
 

එළිමහන් ක්‍රීඩා- රබන් ගැසීම/ ඔන්චිලි පැදීම/චකකුඩු පැනීම
 

ආගමික හා දේව සංකල්පය මත බැදුණු ක්‍රීඩා - අං කෙළිය /පොර පොල් ගැසීම
 

සාමූහික ක්‍රීඩා - මේවර කෙළිය/ එ`ඵවන් කෑම/පංච කෙළිය
 

ලෙස ඒවා බෙදා දැක්විය හැකිය.
 

පංච කෙළිය
 
ගජබා රජතුමා සොළී රටට පැහැර ගෙන ගිය  සිංහල සේනාවට පළිගැනීමක් වශයෙන් සොලී රටෙන් දොළොස් දහසසක් සෙනග රැගෙන එන ලදි. ඒත් සමගම මෙම ක්‍රීඩාව මෙරටට ව්‍යාප්ත වූ බව ඉතිහාස කතාවල සදහන් වෙයි. මෙම ක්‍රීඩාවට සම්බන්ධ වීමෙන් මුලින්ම ඉත්තන් එගොඩ කරන පිලට ජයග්‍රහණය හිමි වෙයි. පත්තිනි දේවිය හා බැදුණු ක්‍රීඩාවක් වන මෙය පත්තිනි දේවියගේ ප්‍රසාදය දිනා ගැනීමට කරනු ලබන ක්‍රීඩාවක් බව ගැමියන් වශ්වාස කරයි. පංච යනු දෙමලෙන් බෙල්ලන් හෙවත් කවඩිවලට කියනු ලබන නමකි. ගජබා රජු සොළී රටට ගොස් වන්දි වශයෙන් ගෙන ආ දමිළයන්ට වන්දනා කිරීම පිණිස පත්තිනි සළඹ ගෙන ආ බව සිතිය හැකිය. ඒ සමගම පතිතිනි දේවිය හා සබැදි ක්‍රීඩා ආ බවට මෙහි දී භාවිතා කරන සල්ලන් වීමේදී කියනු ලබන ඔණ්ඩු , රෙන්ඩු වැනි වචනවලින් පෙනේ. එමෙන්ම පංච පෙතේ ද්‍රවිඩ චිත්‍ර ශෛලීන් ද  මෙයට උදාහරණයකි.

ඔළිඳ කෙළිය


 
මේ සදහා කාන්තාවන් දෙදෙනෙකු සහභාගී වෙයි. දිග අගල් 10 සිට 14  අතර දක්වා වන අතර පළල 6 සිට 8 අතර වන පරිදි සකසා ගත් ලෑල්ලක් මේ  සදහා යොදා ගනු ලබයි. ඔළිද පුවරුවට ඔළිද කොම්බුව යන නම ද භාවිතා කරනු ලබයි. එමෙන්ම මේ සදහා ගායනා ක්‍රමයක්  ද පවතියි.
 

ඔළිද තිබෙන්නේ කොයි කොයි දේසේ
ඔලිද තිබෙන්නේ බංගලි දේසේ
ගෙනත් හදන්නේ කොයි කොයි  දේසේ
ගෙනත් සදන්නේ සිංහල දේසේ
 

මෙවැනි ගායනා සහිතව මෙම  ක්‍රීඩවේ යෙදෙයි. ඔළිද පුවරුවේ වළවල් 14කට ඇට 4 බැගින් 56 ක් ඇත .එක් ක්‍රීඩිකාවක් තම පේළියේ මුල් වළේ ඇට අතට ගනු ලබයි. මෙසේ  ලබා ගත් ඔළිද ඇට වළකට එක බැගින්  ළඟම ඇති වළවල් වලට  පිළිවෙළින් දමනු ලබයි. ඊළග වළේ ඇති ඇට සියල්ල ද මුලින් කළ අන්දමට සිදු කරයි. මෙසේ ඔළිද ඇට පුරවන අතර අතේ ඇට පුරවන විට හිස් වළක් හමුවුවහොත්  ඊට එහා පැත්තේ ඇති ඇට සියල්ල ඉසීම කරන ක්‍රීඩිකාවට හිමි වෙයි. පිළිවෙළින් හිස් වළවල් දෙකක් හමු වූ විට තුන්වෙනි වළේ ඇති ඔළිද ඇට කෑමට ක්‍රීඩිකාවට අවසර නැත. එවැනි අවස්ථා පුස්සක් ලෙස හදුන්වයි. එවිට අනෙක් ක්‍රීඩිකාවට ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසෙයි. පුවරුව එක් පැත්තක ඇට සියල්ල හමාර  වූයේ නම් එය පුහුල කපනවා ලෙස හදුන්වයි. මෙහිදී ජය ගන්නේ වැඩිම ඔළිද ඇට ලබා ගන්නා අයයි.

මේවර කෙළිය


 
මෙය කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් කරනු ලබන ක්‍රිඩාවකි. මේවර යන්නට අදහස් කිහිපයක් තිබෙයි.
 

මේවර යනු වළල්ලකි
මේවර යනු කන පළදින ආභරණයකි
මේවරයා යනු මෙහෙකරුවෙකි. 


නමුදු සමස්ත පිළිගැනීම වන්නේ මේවරය යනු කන  පළදින ආභරණයක් බවයි.
මෙහිදී සමූහ වශයෙන් ගීත ගායනා කරනු ලබයි.
 

“සාර සදිසි පෙති පේර නෙලන කළ වළගිය දෝ මගේ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹේ දරුවන් පල් අප දුටුවේ නැත මේවරයා”
 

මෙලෙස අවුරුදු ජන ක්‍රීඩා රැසක් පවතියි. එවන් වූ තවත් ක්‍රීඩාවන් කිහිපයක් ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.











Saturday, July 29, 2017

හතේ 7



හතේ හත වැදිලා ඉන්න වෙලාවේ අද පාර දිගෙන් හත ගැන කතා කරන්න හිතුවා. ලෝක ධර්මතාවයන්ගේ බොහෝමයක් දේවල් හතක් පවතියි. සිදුහත් කුමාරයා නෙ`ඵම් මල් 7ක් උඩ වැඩියා කියලා ධර්මයේ සදහන් වෙනවා. මේ වගේ තව බොහෝමයක් කරුණු තියෙනවා. උන්වහන්සේ බුද්ධත්වය ලබා ගත් පසු සත් සතිය ගත කළ අකාරය ධර්මයේ සදහන් වෙයි.
 

                           සත් සතිය
                 සප්ත අපරිහානි ධර්ම
                      සප්ත භාර්යාවෝ
            ලෝකෙත් පුදුම 7ක් තියෙනවා

මෙන්න මේ වගේ ගොඩක් දේවල් 7ත් එක්ක සම්බන්ධයි. සත් සතිය ගත කළ ආකාරය මෙසේ දැක්වෙයි.
 

1.ඇසතු  බෝරුක මුල වැඩ සිටීම
2.අනිමිස  ලෝචන පූජාව
3.රුවන් ගෙය
4.රුවන් සක්මන
5.අජපල් නුග රුක මුල වැඩ සිටීම
6.මුචලින්ද නාගදරණය
7.කිරිපලු නුග රුක මුල වැඩ සිටීම

රාජ්‍ය පාල
ය පිළිබඳ එකල පැවති ආකෘති දෙකක් සැලකිල්ලට ගනිමින් බුදුන්වහන්සේ , නායකයෙකු විසින් රට පාලනය කිරීම  සදහා වූ කරුණු දේශනා කළ සේක. බුදුන්වහන්සේ විසින් දෙන ලද උපදෙස් “ මහ පරිනිබ්බාන සූත්‍රයේ , සප්ත අපරිහානි ධර්ම” වශයෙන් දක්වා තිබේ. ඔවුන් සිය රාජ්‍ය පාලනය සදහා කරුණු උපයෝගී කොට ගත් බව බුද්ධ දේශනයේ සදහන් වෙයි.

සප්ත අපරිහානි ධර්මතා
1. නිතර රැස්වීම
2. සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම
3.පැනවූ නීති කඩ නොකිරීම, නොපැනවූ නීතී නොපැනවීම
4, වැඩිහිටියන්ට ගරු කිරීම
5.කාන්තාවන් බලහත්කාරයෙන් රදවා හිරිහැර නොකිරීම
6. සම්ප්‍රධායිකව ගරු සත්කාර කරන පූජනී්‍ය ස්ථානවලට ඒ ගරු සත්කකාර නොපිරිහෙලා ඉටු කිරීම
7.පිටතින් පැමිණි ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණි විට ඒ අය තමන්ගේම අය සේ පිළිගෙන ගරු සත්කාර කිරීම

ගමෙම සප්ත අපරිහානි ධර්ම අනුගමනය කරන රාජ්‍ය නොපිරිහෙන බව බුදුන් වහන්සේ ඔවුන්ට දේශනා කළහ. මෙමගින් බලාපොරොත්තු වන්නේ සාමූහිකව පාලනය කරනු ලබන සාමාජීය හා ආර්ථික ප්‍රගතිය සැලසෙන ආකාරයෙන් දේශපාලන සංවිධාන මෙහෙය වීමයි.

අප මහා ලොව්තුරු බුදුපියාණන්  වහන්සේ දේහනා කළ බුද්ධ දේශනාවේ, භාර්යාවන් 7ක් සිටින බව සදහන් වෙයි. සප්ත භාර්යාවෝ මෙසේය.
 


1. මාතෘ භාර්යා -  යම් භාර්යාවක් තම ස්වාමියා කෙරෙහි මවක මෙන් අනුකම්පා කිරීම

2.භගිනි භාර්යා -    යම් භාර්යාවක් ස්වාමියා කෙරෙහි ලැජ්ජා බිය සහිතව හැසිරෙන්නේද, ස්වාමියාගේ 
                      යසස, කීර්තිය නිතර නිතර පතන්නේ ද , පරපුරුෂයන් කෙරෙහි සිතුවිලි මාත්‍රයක්
                      නොකොට තම ස්වාමියාගෙන්ම සතුටු වන්නී

3. සකී භාර්යා  - තම ස්වාමිය සමග යෙහෙළියක මෙන් වාසය කරන්නී

4. දාසී භාර්යා - පළමුව තම ස්වාමියාගේ කටයුතු සොයා බලා කටයුතු කරන්නී

5.වධක භාර්යා - තම ස්වවාමියා කෙරෙහි නිතර දුෂ්ටකම් කරන්නී
 

6.චෞර භාර්යා - තම ස්වාමියාගේ භෝග විනාශ කරන්නී

7.ස්වාමී භාර්යා  -ස්වාමියාට යම දූතියක මෙන් කටයුතු කරන්නී

ඊට අමතරව ලෝකයේ පුදුම 7ක් ද පවතියි.
 

1. බ්‍රසීලයේ රියොද ජෙජයයිරෝ නුවර ක්‍රිස්තූන් වහන්සේගේ ප්‍රතිමාව
 

2.චීන මහා ප්‍රාකාරය
 

3. ඉතාලියේ කොලෝසියම

4. පෙට්‍රා නගරය
 

 5. ජේරුහි මාවු පීචු  බලකොටුව
 

6. විචෙන් ඉට්සා පූජනීය නගගරය
 

 7. ඉන්දියාවේ ටජ් මහල
 



මීට අමතරව මනාලියකට ද මේ හතේ කතාව වැදගත් වෙනවා.  මංගල දිනයේ දී මනාලිය විසින් මාල හතක් පලදින බව සන් වෙයි.
 

1.පෙති මාලය
2.ගෙඩි මාලය
3.කිරිබෝ මාලය
4.පොල් මල් මාලය
5.අගස්ති මාලය
6.ගෙලපෙති මාලය
7.තවලම් මාලය

මෙම මාල හතෙන් පෙන්නුම් කරන්නේ පත්තිනි මෑණිවරුන් සත්  දෙනාගේ ගුණයයි. එයට හේතුව කාන්තාවගේ පිරිසිදු බව සංකේතවත් කිරීමය.

බුදු දහමේ පමණක් නොව කිතුණු දහමේ පවා මෙම 7 ඉලක්කමට යම් වටිනාකමක් ලැබෙයි. මරණයේ පාප 7 ක් පවතින බව එහි දැක්වෙයි.

6වන ශත වර්ෂයේ සිටියා වූ  ග්‍රෙගරි නම් පාප් වහන්සේ පවසන පරිදි මරණයේ පාප 7,
 

1.උඩගුකම
2,ඊර්ෂ්‍යාව
3.තෘෂ්ණෘව
4.කාම රාගය
5.කෝපය
6.කෑදරකම
7.අලසකම

ලංකාවෙන් එහා  ලෝකය ගැන බලන කළ ද මේ හතේ සංකල්පය වැදගත් වෙයි.

ලොව ඇති බලවත්ම කාර්මික රටවල් ලෙස සැලකෙන්නේ,
 

1.අමරිකාාව
2.මහා බිතත්‍රාන්‍ය
3.පප්‍රංශය
4.ඉතාාලිය
5.කැනඩාාව
6.ජර්මනිය
7.ජපානය
 

මේ රටවල් හතේ එකමුතුව ජී -7 ලෙසින් හැදින්වෙයි.


                                                                

                                                                                                                        චලනි ලක්ෂාණි








Wednesday, July 5, 2017

දිනයට සීමා වූ පොහො දිනය


 


දින 365 කි. මාස 12කි. මේ සෑම මාසයකටම පොහෝ දින ඇති බව අප දන්නා කරුණකි. ඒත් අනෙක් මාසයන්ට නැති සුවිශේෂීත්වයක් 5, 6 හා 7 යන මාසවලට තිබෙයි. සිංහල මාස ක්‍රමයට අනුව වෙසක්, පොසොන් හා ඇසළ යන නම්වලින් හඳුන්වන එකී මාසයන් බෞද්ධයන් වශයෙන් ඉතාම වැදගත්කමකින් යුතු පොහෝදිනයන් යෙදී ඇති මාස ලෙස නම් කරනවා. පරිසරය පවා මෙකී මාසයන්වලදී අපූරු වෙනස්කම් දක්වයි.බක් පොහොය ගෙවෙනවාත් සමඟ උදාවන්නේ වෙසක් පෙහොයයි. 

අවුරුද්දට ලකලෑස්ති වුණු අපි ඊළඟට සැරසෙන්නේ වෙසක් පොහොයටයි. වෙසක් පොහොය බෞද්ධයන් වශයෙන් අපට ඉතාමත් වැදගත් දිනයකි. බුදුන්වන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු 2500 ඉක්මවා ගියද අදටත් ලොව පුරා බෞද්ධ රටවල ජනතාව වෙසක් උත්සවය ඉතාමත් භක්තියෙන් සමරනු ලබයි.
 

අපගේ ශාස්තෘන් වහන්සේ බුදුන් වහන්සේය. උන්වහන්සේගේ උත්පත්තිය සිදුවුණේ වෙසක් පුන් පොහෝ දිනයේදීය. කිඹුල්වත් පුරයත් දෙව්දහ නුවරත් අතර පිහිටි ලුම්බිණිය එදා හරි අපූරුවට තියෙන්න ඇති කියලා හිතෙනවා. වෙසක් පුන් පොහෝ දා උපන් ඒ කුමාරයා ලොවටම අර්ථයක් කරන නිසාවෙන් “සිද්ධාර්ථ” යන නාමයෙන් පිදුම් ලැබුවා. නිසි වයසට පැමිණීමත් සමඟ සත්‍ය වටහා ගත් ඒ කුමාරයා ගිහි ගෙයි ඇති නිස්සාරත්වය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත්තේ සතර පෙර නිමිති දැකීමෙන්ය. ඉන්පසුව තම පුත් කුමරු මෙලොව එළිය දුටු දා සිදුහත් කුමාරයා අභිනික්මන් කල බව අප හැමෝම අහල තියන කාරණයක්. ඔන්න ඔය විදිහට ගිහිගෙය කළ කිරුණ එතුමන් තනිවම සත්‍ය සොය යන්නට වුණා. ආලාරකාලාම, උද්දකරාමපුත්ත යන ගුරුවරුන්ගෙන් ඉගෙන ගත් එතුමා තමන් සොයන සත්‍ය නොමැති බව වටහා ගත්තේය.
කෙසේවෙතත් තනිවම සත්‍ය සොයා ගමන් ගත් උන්වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ බුද්ධත්වයට පත්වූහ. ඒ උතුම් වූ වෙසක් පුන් පෙහෝ දිනකය. තමන් සොයා ගත් උතුම් වූ බුදු දහමේ නිරාමිස සතුට ලෝක සත්ත්වයන්ට දේශනා කරමින් චාරිකාවෙහි යෙදුණාහ. අවුරුදු 80ක් ආයූ වැළදූ ගෞතම බෝධි සත්ත්වයන් වහන්සේ තවත් වෙසක් පුන් පොහෝ දිනයක අපවත් වී වදාළහ.
 

උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන උතුම් වූ මංගල අවස්ථා ත්‍රිත්වය මුල් කරගෙන අදටත් බෞද්ධයන් වෙසක් පුන් පොහෝ  දිනය වෙනුවෙන් විවිධ වතාවත්වල නිරත වෙති. නමුදු අද තත්ත්වය ඊට වෙනස්ය. ඔලුබක්කන් පෙළපාලි, විකාර ලෙස හැසිරෙමින් ගමන් ගන්නා රථ පෙරහැරවලින් පොහෝ දිනයට මාර්ග පිරී ඉතිරී ගොස්ය. තමන්ගේ මවුපියන් මහ`ඵ නිවාසවල තනිකර දමා යන දරුවන්ගේ නාමයන් විවිධ වූ  සන්දර්ශනයන්ගේ ඉහළින් වැජඹෙන නම් අතර වෙති. මව්පිය සෙනෙහස නොහදුනන දරුවන් වෙසක් පොහෝ දින සුදුවතින් සැරසී රථ පෙළපාලිවල ගමන් ගති. ප්‍රතිපත්ති පූජාවන් අමතක කොට ආමිස  පූජාවන්වල නිරවන බොහෝ දෙනා ඒ පිළිබඳව නොදන්නවා සේ හැසිරෙති.
 



 බැලු බැලූ අත දන්සැල්, තොරණ්වලින් පිරී ඉතතිරී ගොස්ය. කය වචනය සංවර කර ගැනීම වෙනුවට කය සරසා  ගැනීමක් සිදු කරනවාදැයි හැගේ. වෙසක්, පොසොන් , ඇසළ මේ කුමන මාසයක දී වුව මිනිසාගෙ මේ හැසිරීම ඒ ආකාරයම වෙයි. මෙවර පොසොන් පෝයට වගේම වෙසක් පොහොය දිනයන්හී දී පුද්ගලයෝ කිහිප දෙනෙකුගේම ජීවිත හානියට පත්වූහ. අනතුරු සහිත ස්ථානවලින් දිය නෑමෙන් මෙන්ම නිසි ලෙස රිය නොපැදවීමෙන් ද එලෙස ජීවිත හානි කිහිපයක්ම සිදු වුණා.
 



 දීර්ඝ ඉතිහාසයක් සහිත වැදගත්කමකින් යුතු පොහෝ දිනය මීට වඩා අර්ථවත් ලෙස ගත කරන්නට උත්සාහ ගත යුතුවන්නේය.
මහින්ද මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සිදු වූයේ උතුම් වූ පොසොන් පෙහෝ දිනයකය. අදටත් එය සිහි කරමින් රට පුරා විවිධ ස්ථානවල විවිධ වූ  පිංකම් මාලාවන් පවත්වනු ලබනවා. ආගමක නිසි අර්ථයක් නොදැන සිටි එදා ලාංකිකයාට ආගමේ පවතින සැබෑ යථාව පසක් කර දුන්නේ මිහිදු මහ රහතන් වහන්සේ විසිනි. ලංකාවට භික්ෂු ශාසනය පමණක් නොව භික්ෂුණී ශාසනය පවා ආරම්භ කිරීමට හේතු වූයේ මහින්දාගමනයයි.
 

බොහෝදෙනා පොහොය දිනය හුදෙක් නිවාඩු දිනයක් පමණක්ම කර ගනියි. විශේෂයෙන්ම  එය සති අග දිනයක යෙදෙනවාට බොහෝ දෙනා කැමතිය. වර්තමාන මිනිසා නවීකරණයත් සමග පොහෝ දිනය පවා වෙනස් කර ගැනීමට උත්සාහ ගෙන තිබේ. එදා එකමුතුකමින් යුක්තව විශාල තොරණ් ඉදි කෙරුණා. ඒත් අද ගෙදර ඉදන්ම තොරණ් දැකබලා ගත හැකි ලෙස ඩිජිටල්කරණයට සියල්ල භාර කර තිබේ. හුදකලා වූ  මිනිසා තවදුරටත් හුදකලා සත්ත්වයෙකු බවට පත් කොට තිබේ. දානමාන පවා නිවසේ සිටම කරගත හැකිය. ධාතු වන්දනය පවා නිවසේ සිට  නැරඹිය හැකිය. කය ,වචනය සංවර කරන භාවනාව පවා අද වනවිට පංති ආකාරයෙන් පැැවැත්වීමට කටයුතු යොද තිබෙනවා. ඒ කෙසේ වෙතත් ඊට පසු දිනයේ සිට සුරා සැල් ,වංචා මංකොල්ල කෑම් වැනි සාහසික ක්‍රියාවන්ගේ අඩුවක් නම් නොමැත. සැදැහැවතුන් ඉන්නා රටේ  තාමත් වැරදිකරුවන් වෙනුවෙන් හිරගෙවල් විවෘතව පවතින්නේ මන්ද? එළැඹෙන ඇසළ පොහොය අර්ථවත් ලෙස ගත කිරීමට උත්සාහ ගනිමු.
 

                                                                                                             චලනි ලක්ෂාණි

Monday, July 3, 2017

දුප්පත්කම විසින් නිර්මාණය කළ සොල්දාදුවා සමාජ අසාධාරණය විසින් රණවිරුවෙකු ලෙස මිහිදන් කළේය......

     

 

මේ දවස්වල නිතර කතා බහට ලක්වෙන මාතෘකාවක් ගැන ෆේස්බුක් එකේ විවිධ කතා බහක් ඇතිවෙලා තියෙනවා. පාර දිගේ වත ගොත සොයා යන සංචාරකයාගේ ඇස ගැටුන ෆේස්බුක් පෝස්ට් එකක් ගැන අද කතා කරනන් හිතුවා. මේ තමයි ඒ කියන පින්තූරය.
 




අසාධාරණ සමාජ ක්‍රමය විසින් නිර්මාණය කළ සොල්දාදුවා යුද්ධය ඉදිරියේ දී රණවිරුවෙක් විය. රට පිළිබඳ උනන්දුවකින් රණවිරුවා රැකියාවට බැදෙන්නේ නෑ. කෙනෙක් හමුදාවට බැදෙන්නේ දුප්පත්කම නැති කරගන්න හරි රැකියාවක් කරන්න හරි. ලෝකයේ ඕනම රටක හමුදාවට වැඩ වර්ජන කරන්න, උද්ඝෝෂණ කරන්න හමුදා  නීතිය යටතේ තහනම්. ඒ වගේම තමයි පවතින රජය යටතේ කරන අණකිරීම්, ප්‍රශ්න කිරීමකින් තොරව කළ යුතුය. ඒ නීතියට යටත්වෙලා තමයි ඔවුන් හමුදාවට බැදෙන්නේ. රටට, ජාතියට මුහුණ පෑමට සිදු වන ව්‍යසනයක් හෝ රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වුණාම රාජ්‍ය නායකයා දෙනු ලබන නියෝග පිළිපැදීම ඔවුන්ගේ යුතුකමක් නොව රැකියාවේ කොටසක්.
 

මෑතකදී සිදු වූ ගං වතුර හා නායයෑම් තර්ජන හමුවේ සොල්දාදුවන් මිනිස් ජීවිත දස දහස් ගණනින් බේර ගන්න කටයුතු කළා. ඇතැම් වෙලාවට  ඔවුන්ගේ ජීවිත පවා අහිමි වුණා. රැකියාවේ කොටසක් විදිහට එය රණවිරුවන්ට  පමණක් අදාළ කාරණයක් නොව ,රාජ්‍ය සේවයේ සියලු දෙනාට පැවරෙන එක හා සමාන රාජකාරියක්. නමුත්, සොල්දාදුවාගේ රාජකාරිය ඉස්මතු වෙලා සමාජයට පේනවා. සමාජයට පේන්නේ හෙලිකොප්ටරයකින් ලණුව දිගේ පහළට බැහැලා මිනිහෙක් බේර ගන්න සොල්දාදුවෙක් විතරයි. නමුත් ඒ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා බලපාන අතුරු කාරණා රාශියක් තියෙනවා. ඒ ඔවුන්ගේ රාජකාරිය. ආපදා තතත්වයක දී සුවිශාල රාජකාරියේ කොටසක් අනෙකුත් රාජ්‍ය නිළධාරීන්ට පැවරෙන අතර ඔවුන්ගේ එම රාජකාරී පථය පැතිරී තිබෙන්නේ සමාජයේ ප්‍රදර්ශනය කරන සීමාවන්ට එහායින්. එම නිසා ජාතික ව්‍යසනයක දී සොල්දාදුවා රණවිරුවෙකු ලෙසත් අනෙකුත් රාජ්‍ය නිළධාරීන් සාමාන්‍ය ලෙසත් කියවීමට අපේ ජන සමාජය හුරු වී තිබේ. සොල්දාදුවා කරනු ලබන සියලු රාජකාරීන් වෙනුවෙන් මහජන බදුවලින් වැටුපක් ගෙවනු ලබන අතර එය අනවශ්‍ය වීරත්වයකින් හුවා දැක්වීම අවශ්‍ය නොවේ.
 

රැකියාව හා සේවය වෙනස් වන්නේ වැටුප් ලැබීම හා නොලැබීම යන කාරණා දෙක මතය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු සමාජය වෙනුවෙන් ඉටු කර ඇති වැඩ කොටස කුමක්ද යන්න ප්‍රශ්න කරන සමාජ ජාල විද්වතුන් මතක තබාගත යුතු කරුණ වන්නේ ඔහු රැකියාවක් නොව සේවයක් පමණක් සිදු කරන බවයි. අනෙකුත් සියලු කාරණා පසෙකලා අධ්‍යාපනය යනු පෞද්ගලීකරණය නොකළ යුත්තක් බව මාගේ අදහසයි. 1945 එවකට අධ්‍යාන ඇමතිව සිටි සී .ඩබ්. ඩබ්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය රාජ්‍ය මන්ත්‍රණ සභාවට හදුන්වා දෙමින් ප්‍රකාශ කළේ මෙතුවක් කල් පෝසතුන්ගේ ඒකාධිකාරියට යටත්ව පැවති අධ්‍යාපනය මෙතැන් සිට දුප්පතුන්ගේ ඒකාධිකාරිය යටතට පත් කරන බවයි. එසේ හදුන්වා දුන් නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීම වෙනුවෙන් අන්තරේ කැදවුම්කරු පමණක් නොව සමස්ත ශිෂ්‍ය ප්‍රජාව ගනු ලබන සු`ඵ හෝ ක්‍රියාමාර්ගයක් වැටුප් ලබා ගන්න රැකියාවට වඩා ඉතා අගනා බව මාගේ හැගිමයි. එසේ තිබිය දී රැකියාවක් සහ ගරු සේවාවක් සන්සන්ධනය කිරීම නොකළ යුතුතක් බව මෙහිලා සටහන් කරමි.

Tuesday, June 13, 2017

ධර්ම චක්‍රය


 Image result for dharmachakra
  

ඕනෑම පුද්ගලයෙකුට ආගමක් උපතින්නම හිමිවෙනවා. සමහරු පසු කාලීනව තම ආගම වෙනස් කර ගන්නවා. ඇතැමෙක්ට මෙය උප්පැන්න සහතිකයට පමණක් සීමා වූවකි. මේ කොහෙමෙ උනත් මෙලොව එළිය දුටු බොහෝ දෙනා කුමන හෝ ආගමක කොටස්කරුවක් බවට පත් වෙයි. අප රටේ බොහෝ දෙනෙකු අදහන ආගමක් ලෙස සැලකෙන්නේ බුද්ධාගමයි. බුදුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් උන්වහන්සේගේ ධර්ම මාර්ගය සොයා යන්නෙමු. බුදුන් වහන්සේ වෙනුවට වන්දනාමාන කළ හැකි ආගමික වස්තූන් අතර බෝධීන් වහන්සේ, බදු පිළිම වහන්සේ, මෙන්ම ධර්ම චක්‍රය ද බෞද්ධයන් අතර වන්දනාවට ලක්ව තිබෙනවා. ඒ නිසාම ඒ පිළිබඳව අද කතා කරන්න හිතුවා.
 
 පන්සල් භූමියේ දී අපට මෙම ධර්ම චක්‍රය දැක ගත හැකිය. ඒ වගේම වෙසක් පත්වල, වැනි නිර්මාණවල පවා අද වනවිට ධර්ම චක්‍රය යොදා ගනු ලබයි. අප උත්පත්තිය ඉදන්ම මරණය දක්වා වූ ජීවන ගමන් මඟ එයින් නිරූපණය වන බව මගේ අදහසයි, නමුදු මේ සඳහා විවධ අදහස් ඉදිරිපත් වී තිබෙයි. ඉන්දියවේ ජාතික ධජයට පවා ධර්ම චක්‍රය යොදා ගෙන තිබෙයි . වර්තමානය වනවිට යම් වෙනස්කමක් දැක්වුවද එහි අර්ථාන්විත බවක් පවතියි.
 
මුල් කාලීනව ධර්ම චක්‍රය නිම වී තිබෙන්නේ ගරාදි 24 ක එකතුවකිනි. 


 Image result for dharmachakra
 මෙය හිතුමතේ නිරිමණය කරන ලද්දක් නොවෙයි. ඊට යම්කිසි අර්ථයක් එක් කර තිබෙනවා. මෙකී ගරාදිවලින් නිරූපණය වන්නේ බුදුන් වහන්සේ විසින් දේශිත සද්ධර්මය බව විදිවත් අදහසයි. බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මයේ මූලික ඉගැන්වීමක් ලෙස චතුරාර්ය සත්‍යය සැලකෙයි. එනම්
 
දුක්ඛ ආර්ය සත්‍යය
 
දුක්ඛ සමුදය ආර්ය සත්‍යය
 
දුක්ඛ නිරෝධාර්ය සත්‍යය
 
දුක්ඛ නිරෝධගාමීණි පටිපදා ආර්ය සත්‍යය යන උතුම් සත්‍යය 4යි.
 
දුක්ඛාර්ය සත්‍යයෙන් විස්තර කරන්නේ ජාති ,ජරා,ව්‍යාධි..... ආදි දුක් 12ක් පිළිබඳවයි.
 
දෙවැන්නෙන් කියවෙන්නනේ දුක ඇති වීමට හේතුව පිළිබඳවයි. ඊට හේතු 3ක් මුල් වන බව ධර්මයේ සඳහන් වෙයි. එනම් කාම තණ්හා, භව තණ්හා හා විභව තණ්හාවයි. තණ්හාව නම් ආශාවයි. මිනිසා උත්පත්තියේ සිට මරණය තෙක් විවිධ ආශාවන් පොදි බදිනවා. නිමක් නොමැති ඒ ආහාවන් පිළිබඳ එහිදී විස්තර කරනවා.
තුන්වැන්න නම් දුක නැති කිරීම පිළිබඳවයි.
 
සිවිවැන්නෙන් ඊට අවශ්‍ය මාර්ගය පිළිබඳ විස්තර කෙරේ. එනම් අරි අට මඟ හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ධි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධිය එම කරුණු 8යි.
 
මේ අනුව සියලු ධර්මස්කන්ධය ගරාදි 24න් නිරූපණය කරයි. මුල් කාලීනව ධර්ම චක්‍රය නිරූපණය කර තිබෙන්නේ ඒ ආකාරයෙනි.
එමෙන්ම ධරම චක්‍රය පිළිබඳ අදහස ඈත ඉතිහාසය දක්වා දිවයයි. තිස් පස් වැනි වියේදී බුදුන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය ප්‍රථම වරට දේශනා කිරීම යන ගමන් මඟ අතරතුර උන්වහන්සේට උපක ආජිවකයා ම්ණ ගැස්ණ් සේක. ඔහු විසින් බුදුන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයන්ට පිළිතුරු මෙසේ ඉදිරපත් කරන ලදි’
 
“ධම්ම චක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං”
 
“ධර්ම චක්‍රය පරිවර්තනය සඳහා කාසි පුරයට යන්නෙමි”
 
පස්වග තවුසන්ට දේශනා කරන ලද එකී ධම්ම චක්ක පවත්තන සූත්‍රයේ බුදුන් වහනසේගේ අසූ හාරදහසක් වූ ධර්මස්කන්ධය ගැබ්බ තිබෙයි. ධම්ම් චක්‍ර යන්නෙන් ධර්ම චක්‍ර යන්න බිදී ආ බව සඳහන් වෙනවා.

Wednesday, May 17, 2017

සංචාරක කර්මාන්තය පණ නගමු

 
 ප්‍රාග් ඵෙතිහාසික මිනිසා තම මූලික මිනිස් අවශ්‍යතා සොයා තැනින් තැනට ගමන් කළහ. පසුව එම අවශ්‍යතාවන් පුළුල්වෙමින් ගමන් සීමාවන් අතික්‍රමණය කරන්නට විය. එලෙස වූ පුළුල් අරමුණු කෙළවර වූයේ එකී සංචාරය අද වනවිට කර්මාන්තයක් බවට පත් කරමිනි. එලෙස වූ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයත් සමඟම වෙනත් රටවල් අතර ලංකාවේ නාමය ඉහළින් බැබළෙන්නට විය. විවිධ අරමුණු මුදුන් පමුණනුවස් විවිධ  සංචාරකයින් සිය ගමනාන්තය බවට ලක්බිම තෝරා ගනු ලැබීය. සංචාරය කිරීම, ගමන් කිරීම, ඇවිදීම, තැනකින් තවත් තැනයට යාම  මේ කුමන නමකින් හැඳින්වුවද මෙය අද වනවිට මෙය ලංකාවේ එක් ප්‍රධන ඉපැයුම් මාර්ගයක් වී හමාරය. ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට ආර්ථික උත්පාදනයේ ප්‍රතිලාභ උසස් ලෙස ලබා ගැනීම මෙමගින් සැලසෙන බව සඳහන් කළ යුතුය.

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය...” අප ලොව්තුරු බුදුපියාණන් වහන්සේ පවා යහපත් චාරිකාවේ යෙදෙන ලෙස වදාළහ. 


සංචාරයක විවිධ අරමුණු තිබිය හැකිය.
 අධ්‍යාපනය
රැකියාව
විනෝදය
සෞඛ්‍යය පහසුකම්...මේ කුමන අරමුණු පෙරදැරි කර ගෙන වුව කෙනෙකු තැනකින් තවත් තැනකට විතැන් වීම පැය 24කට වඩා වැඩිනම් එය සංචාරයේ මූලික අදහස සපිරෙනු ලබයි. 

මෙවන් වූ කර්මාන්තයක් අපේ රටේ  සංවර්ධනයට දායක කර ගත හැකි මාර්ගයන් බොහෝය.
 

 ලංකාව වැනි සංවර්ධනයේ දොරටු විවෘත කර ගනිමින් ඉන්නා රටකට අවශ්‍යවන්නේ මෙවැනි කර්මාන්ත දියුණු කිරීම බව හැගෙයි. මන්ද එම  නිසා විශාල විනිමය මුදල් ප්‍රමාණයක් උපයා ගත හැකිය. විදේශීය රටවල පිරිස් ලංකාවේ සුන්දරත්වය විඳ ගැනීමට  විශාල ලෙස පැමිණෙයි. යුධ සමයේදී එය තරමක් අඩු ප්‍රමාණයක් ගත්තද වත්මනය වනවිට ලංකාවේ පවතින සාමකාමි වපසරියත් සමඟ විශාල ලෙස සංචාරක ආකර්ෂණය හිමි වී ඇති බව සතුටට කරුණකි. මෙලෙස සංචාරක ආකර්ෂණය දිනා ගන්නා කළ එය විශාල වශයෙන් දේශීය ආර්ථීකයට උර දෙන්නේය. එය හෝටල් කර්මාන්තය, ප්‍රවාහන ක්ෂේත්‍රය ආදිය පමණක් නොව සෑම ක්ෂෙත්‍රයකටම බලපාන්නේය. සරලවම කිවහොත් එය මාර්ගයේ සිටිනා පළතුරු වෙළෙන්දාට පවා බලපාන්නේය.
 

ස්වභාව දහම් දිනිතියගෙන් ලැබී ඇති දායාදයන් නිසි ලෙස නඩත්තු කරමින් එය සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථානයක් බවට පත් කළ හැකිය. අද වනවිට ලංකාව වෙත විශාල වශයෙන් පැමිණෙන සංචාරකයන්ගේ අරමුණ වන්නේ එහි සුන්දරත්වය විඳ ගැනීමයි. වියදමට සරිලන ලෙස එහි උපරිම ආශ්වාදය විදගැනීමට ඉඩහසර වෙන් කර දිය යුතුය. අතීතයේ ලංකාව වෙත සංචාරකයින් ඇඳී ආවේම ලක්වැසියන්ගේ පවතින සුහදශීලිබව ද හේතුවෙනි. නමුදු අද වනවිට එම ලෙන්ගතුකම මුවාවෙන් මුදල් වංචා කරන පිරිස් ද වෙයි.
 

මෙලෙස සංචාරක කර්මාන්තය රට පුරා ව්‍යාප්ත වී තිබෙන නිසා එමගින් විශාල තරුණ පිරිස් ප්‍රමාණයක් හට රැකියා අවස්ථා උද්ගතව පවතියි. රටේ පවතින විරැකියා ප්‍රශ්නයට මෙය එක් පිළිතුරක් ලෙස සඳහන් කළ හැකිය. එය සංවර්ධනය කරා යන ගමනේ සීඝ්‍ර බව තව තවත් වැඩි කරයි. මේ සඳහා වූ අවධානය පුළුල් කළ යුතු වෙයි. මේ වනවිට රජය ඒ සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව, වත්මනයේ ඉදිවෙන සුවිසල් ඉදි කිරීම්, මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම් තුළින් මනාව පිළිබිඹු වෙයි. 


සංචාරකයා රටට ආගන්තුකයෙකි.ඒ නිසාම ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට රජය ක්‍රියාත්මක විය යුතුය.සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමෙන් රටට අත්පත් වන ප්‍රතිලාභ අති මහත්ය.විදේශ විනිමය අනිසි ලෙස යොදා නොගන්නේ නම් එය ඉතා වටියි.නමුදු ගැට කපන්නන්ගෙන් පිරී පවතින සංචාරක ස්ථාන ආරක්ෂා කර ගැනීම වැදගත්ය.සීගිරිය වැනි පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන කරා දිනකට අතිවිශාල විදේශකයින් ප්‍රමාණයක් ඇදී එයි.මෙලෙස පැමිණෙන සංචාරකයින්ට අළෙවි කරන ජල බෝතලයේ සිට නවාතැන් පහසුකම් සැපයීමේ සියලු කටයුතු ඊට අයත්ය.


මීට අමතරව මේ සඳහා විශාල ප්‍රචාරණයක් සන්නිවේදනය හරහා ලබා දිය හැකිය. අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකි ඒ දසුන් ජීවමාන ලෙස විඳ ගැනීමට සංචාරකයාට  උපරිම පහසුකම් සලසා දිය යුතුය. මේ මඟින් රටේ සංවර්ධනයේ ඉදිරි පියවරක් තැබිය හැකි යැයි හැගෙයි.
 

Thursday, January 26, 2017

පුරුෂාධිපත්‍යය





බයාදුකම, නිහඬභාවය, අහිංසකකම, යටත්වීම ....මේ හැම දෙයක්ම මෙලොාව එළිය දුටු දා පටන් ම කාන්තාවකට උරුම වූ ගුණාංගයන්ය. ඇය ඒවා බලෙන් කරපින්නා ගත්තේ  නොව සමස්ත සමාජය විසින් ඇයව ලේබල් කර ඇතතේ එලෙසය. උපතින්ම ඇය අනෙකාගේ සේවයට ලක්වන්නීය. එකී තත්ත්වය අද පමණක් නොව බුද්ධ කාලීන භාරතීය සමාජයේ පවා  එලෙසය. කුඩා කළ පියාගේ රැකවරණය ලබන ඇය තරුණ වයසේ දී සිය ස්වාමියා යටතේ ජීවත් විය යුත්තේය. විවාහ ජීවිතයේදී ඇය ලබන අත්දැකීම අතිශය කටුක වූවකි. එයට සාක්ෂි අපමණය.
 

වත්මනයේදී කාන්තාව මවගේ භූමිකාවට අමතරව සිය ජීවිත වේදිකාවේ විවිධ භූමිකා දරන්නීය. නමුදු සියල්ලන්ගේ ජීවිත සතුට සලසන ඇයට ඇගේ ජීවිතයේ සතුට, සැනසුම සැලසෙන්නේ කවදාද? ජීවිතයේ වැඩි කාලයක් ඇය පුරුෂයන් සමඟ  ජීවත් වෙයි. එමෙන්ම පුරුෂයන්ගේ අඩන්තේට්ටම්වලට ඇය නතු වන්නීය. පුරුෂාධිපත්‍යය මේ වනවිටත් නිවස තුළ හිස ඔසවා සිටියි. ගෘහස්ථ ජීවිතයේ පමණක් නොව කාර්යාලීය ජීවිතයේ පවා ඇය පීඩා ලබන්නේ මේ නිසාය. මෙලෙස නිරන්තරයෙන් ඇගේ ජීවිතයේ ඇත්තේ අනෙකාට යටහත් පහත්ව සිටීම පමණි.
 

බොහෝවිට නිවසේ බර පැන උසුලන්නී ඇය වූවත් ඇගේ ජීවිත ගමනේ හැලහැප්පීම්, බාධාක අපමණය. කාන්තාවක වශයෙන් උපත ලද බොහෝ දෙනා මෙයට මුහුණ දිය යුතුය. පුරුෂයා විසින් බලෙන් ආරෝපණය කර ගත් මේ ආධිපත්‍යය ගැහැණිය තලාපෙලා දමන්නීය.“ උඹ ගැහැණියක් නිසා මම කියන විදිහටයි ඉන්න ඕන” මේ නිරන්තරයෙන් පිරිමියෙකු විසින් කාන්තාවකට හිමි කරදෙන භුමිකාවය. මෙය කවරෙකුගේ වරදක්ද? උපතේ දී ගැහැණිය හා පිරිමියා වශයෙන් මිනිසාව ලේබල් කිරීමේදී සිදු වූ  වරදක්ද? නිවසේ භාරදූර වගකීම්වල නිරත වන ඇය මෙලෙස පුරුෂාධිපත්‍යය හමුවේ පීඩා විඳිය යුතුද? ඇයට තනිවම ගමනක් බිමනක් යා නොහැක. පිරිමි යහළුවන් සමඟ සුහද සබදතාවයන් පැවැත්විය නොහැක. නිදහසේ තනි තීරණ පවා ගැනීම අපහසුය. කාන්තාවන් මෙසේ පීඩාවට පත් කර පිරිමින් බලාපොරොත්තු වන සහනය කුමක්ද? පිරිමියා දන්නේ අණ දීමට පමණි. එකී අණ පළිපැදීම කාන්තාව සතුය. කොපමණ කාන්තා සංවිධාන පැවැතියද කාන්තාවකට සැබෑ නිදහස ලැබෙන්නේ කවදාද? යුග දිවියට ඇතුල් වූදා සිට ඇය විඳින දුක් වේදනාවන් කොපමණ පැවතියද, බොහෝ ස්ත්‍රීන් පවුල් ජීවීත ගත කරන්නේ ම මව් පදවියේ යදම් බිඳද යා නොහැකි නිසාය. ඇය පුරුෂයන් හමුවේ දණ නමන්නීය. ලොව සම අයිතිවාසිකම් ලැබිය යුතු කලෙක පිරිමියාට පමණක් මෙලෙස අසීමිත බලයක් ලැබුණේ කෙලෙසද? කාන්තාවක් සැබෑ ලෙසම පිරිමියාට යටහත් පහත්ව සේවය කළ යුතුද? ඇයට සිදු වන මෙකී සාධාරණය හමුවේ නැගී සිටින්නේ කවදාද?