Monday, July 10, 2017

පෙළඹවීමේ කලාව


 









අපි හැමෝම අපේ ජීවිත ගමන ලස්සන කර ගන්න උත්සාහ කරනවා. එකී උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට  හැමෝගෙම ජීවිතවලට යම් යම් දේ ලැබෙනවා. අපි ජීවිතයට ළං කර ගන්න සමහර දේවල් අපිට අත්‍යවශ්‍යම දැයි ටිකක් කල්පනා කළොත් ඇතැම් වෙලාවට අපි ළඟ තියෙන බොහෝ දේවල් අපිට අවශ්‍යම නෑ. අද අපි කතා කරන්නනේ ප්‍රචාරණය ගැනයි. 

වෙලාවකට අපි අපිවම ප්‍රචාරණය කර ගන්නවා. අනිත් අය අතර කැපී පෙනීමට අපි විවිධ උපක්‍රම භාවිත කරනවා. ඒ වගේ තමා වෙළඳ  ආයතන. යම් භාණ්ඩයක් හෝ සේවාවක් සමාජය තුළ ප්‍රවර්ධනය උදෙසා විවිධ උපක්‍රම භාවිතා කරනවා. ඒ අය පාරිභෝගිකයාගේ ආකර්ශනය දිනා ගන්නේ ක්ෂූක්ෂම විදිහටයි. කලින් සදහන් කළා වගේ අපි අපිට අවශ්‍යම දේවල් විතරක් නෙමේ මිලදී ගන්නෙ. ජන මාධ්‍ය මගින් අපිව ඔවුන්ගේ වෙළඳ භාණ්ඩයන් වෙත පෙළඹීමක් ඇති කරනවා. වෙළඳ ප්‍රචාරණයේ මූලික පරමාර්ථය වනනේ එයයි.
 

යම්කිසි භාණ්ඩයක වෙළද නාමය කන වැකුණු සැනින් ඒ පිළිබඳ ප්‍රතිරූපය අපේ හිතේ මැවෙන්නේ ප්‍රචාරණය මගින් අප තුළ ඇති කරනු ලැබූ යහපත් හෝ අයහපත් මානසිකත්වය මතයි. වෙළද භාණ්ඩ මිනිසුන් අතරට යන්නේ ප්‍රචාරණය තුළින් සිදු කරන පෙළඹවීම නිසාය.
නිදසුනක් ලෙස , සබන් අපි හැමෝම භාවිතා කරනවා. නමුත් ඒ සඳහා විවිධ නාමයන්, හැඩයන් , වර්ණයන්, වැනි විවිධකාර ගුණය ඇතුළත් කොට තිබෙන්නේ ප්‍රචාරණය තුළිනි. අලෙවිකරණ ක්‍රියාවලියේ දී ප්‍රචාරණයට වැදගත් තැනක් හිමි වෙනවා.


Production   නිෂ්පාදනය
Place        ස්ථනය
Price                    මිල
Promotion      ප්‍රවර්ධනය
 

ලෙවිකරණ මිශ්‍ර සංකල්පය ලෙස මෙය හදුන්වයි. ප්‍රචාරණය උදෙසා යොදා ගනු ලබන මාධ්‍ය ඉතා වැදගත් වන්නේය.
 

මුද්‍රිත මාධ්‍යයෙන් කරනු ලබන ප්‍රචාරණය  වෙනත් මාධ්‍යයකට උචිත නොවන්න පු`ඵවන්. ඇතැම් මාධ්‍ය මගින් කරනු ලබන ප්‍රචාරණය පාරිභෝගිකයා වෙත වඩා සහෘද ආමන්ත්‍රණයක් ලබා දෙයි. ඇතැම් විට වෙළද සන්නාමය සඳහා යොදා ගන්නා උපක්‍රමය ජනතාව දැනුවත් කිරීම සඳහා යොදා ගනු ලබයි. වෙළදපොළ අධ්‍යයනය මහජන සම්බන්ධතාව සමඟ බැදුණු කාර්යයකි. සාර්ථක වෙළදපළක් ඇති  කිරීම එහි මූලික අභිප්‍රාය වෙනවා. ප්‍රචාරණය සඳහා අනුගමනය කරන වැඩසටහන් ක්‍රම විවිධ විය හැකිය.
 

කූපන් පිරවීම
තරග වැඩසටහන්
වට්ටම් ක්‍රම
නොමිලේ ලබා දීම්
අත් පත්‍රිකා ලබා දීම
 











වැනි උපක්‍රම භාවිතා කරනු ලබයි. යම් භාණ්යඩක් මිලදී ගත් විට එහි ඇති වාසිදායක බව වගේම ඒත් සමග නිකුත් කරන අතිරේක භාණ්ඩ පිළිබදව ද නිරන්තර දැනුවත් කිරීමත් ප්‍රචාරණය තුළින් සිදු කරනු ලබයි.
මුද්‍රිත මාධ්‍යයේ දී භාවිත කරන වචන වල හැසිරීම ද
රූපවාහිනියේ නම් රූපයේ සහ වර්ණ ගැලපීමේ ක්‍රමය ද
ගුවන්විදුලියේ හඬ භාාවිතය ද ප්‍රබල වෙයි.
 

ඒ අනුව ග්‍රාහකයා ආමන්ත්‍රණය කිරීමට වෙළද  ප්‍රචාරක ආයතනය සමත් විය යුතු වෙනවා. අද වනවිට ඒ සඳහා ගොඩ නැගී ඇති වෙළදපල තරගකාරී ස්වරුපයක් ගනු ලබනවා. එකිනෙකට නොදැවෙනි භාණ්ඩ අලෙවියක් ඒ හරහා දියත් කිරීමට ඔවුන් උත්සාහ ගන්නවා. එකම භාණ්ඩයක් වෙනුවෙන්  මේ වන විට නිශ්පාන ආයතන විශාල ප්‍රමාණයක් තරගකාරී වෙළදපළට එක් වී තිබෙනවා.  ඒ නිසාම අද වන විට ප්‍රචාරණය කාගෙත් කතා බහට ලක් වී ඇති මාතෘකාවක් වී තිබෙනවා.
 

නගරයේ විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු සවි කර තිබෙනවා ඔබ දැකලා අති. විශාල ඉඩ ප්‍රමාණයක මෙලෙස දැන්වීම් පුවරු සවි කර තිබීමෙන් ඒ සඳහා මිනිසුන්ගේ අවධානය විශාල ලෙස දිනා ගනු ලබනවා. එමෙන්ම ඒ සඳහා වැඩි වශයෙන් යොදා ගෙන තිබෙන්නේ කාන්තා ප්‍රතිරූපයි. එමගින් ද විශාල ආකර්ශනයක් ලබා ගැනීමට දැන්වීම්කරුවා උත්සාහ ගෙන තිබෙනවා.
 

අලෙවිකරණය, වෙළද ප්‍රචාරණය හා දැන්වීම්කරණය තුළ ඇත්තේ එකිනෙකට සුසංයෝග වුණ සබදතාවකි. අද වන විට මිනිසා ප්‍රචාරණයට ගොදුරු වී ඇති නිසාවෙන් ම අවශ්‍යම දේ වෙනුවට ඔවුන් ලබා දෙන  දේ මිලදී ගැනීමට හුරු වී තිබෙයි. ප්‍රචාරණය කලාවක් බව සඳහන් කරන්නේ එබැවිනි. පාාරිභෝගිකයෙකු වශයෙන් අපි හැමෝම එහි කොටස්කරුවෝ වන්නෙමු.


No comments:

Post a Comment