Monday, July 31, 2017
සිහිනය
මහා ඉහළින් කිරුලු පළදින්නට
උසස් රැකියාවක් කරන්නට
මිල මුදල් හෙම හම්බ කරනට
මටත් තිබුණා සිහිනයක්...
වරම් ලැබුණා සරසවියට
යෙදුවේ කාලය ඉගෙන ගැනුමට
ගෙවුණු ටික කාලෙට
ඉගෙන ගත්තා නොදුටු දහමක්...
යහලු යෙහෙලියෝ පිරිවරා ගෙන
මමත් හිටියා මහා ඉහළින්
නොකළ වරදට නොසිතු මොහොතක
වුණා සිරබත් මටත් කන්නට...
සුපිරි ගෙයකට සිහින මැවුවට
සිපිරි ගෙයි තුළ මසක් ගෙවුමට
ඇඳක් නැතුවම බිම නිදන්නට
හුරු වුණා මම නොබෝ කලෙකින්...
එළිය දැකුමට අවැසි වූවත්
අඳුර පමණකි ඉතිරි වූයේ
පිරිවරාගෙන හිටිය යහලුවෝ
කිසි කෙනෙක් අද ඇවිත් නෑනේ...
චලනි ලක්ෂාණි
Saturday, July 29, 2017
හතේ 7
හතේ හත වැදිලා ඉන්න වෙලාවේ අද පාර දිගෙන් හත ගැන කතා කරන්න හිතුවා. ලෝක ධර්මතාවයන්ගේ බොහෝමයක් දේවල් හතක් පවතියි. සිදුහත් කුමාරයා නෙ`ඵම් මල් 7ක් උඩ වැඩියා කියලා ධර්මයේ සදහන් වෙනවා. මේ වගේ තව බොහෝමයක් කරුණු තියෙනවා. උන්වහන්සේ බුද්ධත්වය ලබා ගත් පසු සත් සතිය ගත කළ අකාරය ධර්මයේ සදහන් වෙයි.
සත් සතිය
සප්ත අපරිහානි ධර්ම
සප්ත භාර්යාවෝ
ලෝකෙත් පුදුම 7ක් තියෙනවා
මෙන්න මේ වගේ ගොඩක් දේවල් 7ත් එක්ක සම්බන්ධයි. සත් සතිය ගත කළ ආකාරය මෙසේ දැක්වෙයි.
1.ඇසතු බෝරුක මුල වැඩ සිටීම
2.අනිමිස ලෝචන පූජාව
3.රුවන් ගෙය
4.රුවන් සක්මන
5.අජපල් නුග රුක මුල වැඩ සිටීම
6.මුචලින්ද නාගදරණය
7.කිරිපලු නුග රුක මුල වැඩ සිටීම
රාජ්‍ය පාලනය පිළිබඳ එකල පැවති ආකෘති දෙකක් සැලකිල්ලට ගනිමින් බුදුන්වහන්සේ , නායකයෙකු විසින් රට පාලනය කිරීම සදහා වූ කරුණු දේශනා කළ සේක. බුදුන්වහන්සේ විසින් දෙන ලද උපදෙස් “ මහ පරිනිබ්බාන සූත්‍රයේ , සප්ත අපරිහානි ධර්ම” වශයෙන් දක්වා තිබේ. ඔවුන් සිය රාජ්‍ය පාලනය සදහා කරුණු උපයෝගී කොට ගත් බව බුද්ධ දේශනයේ සදහන් වෙයි.
සප්ත අපරිහානි ධර්මතා
1. නිතර රැස්වීම
2. සමගියෙන් රැස්වීම, සමගියෙන් සාකච්ඡා කොට සමගියෙන් විසිර යාම
3.පැනවූ නීති කඩ නොකිරීම, නොපැනවූ නීතී නොපැනවීම
4, වැඩිහිටියන්ට ගරු කිරීම
5.කාන්තාවන් බලහත්කාරයෙන් රදවා හිරිහැර නොකිරීම
6. සම්ප්රධායිකව ගරු සත්කාර කරන පූජනී්ය ස්ථානවලට ඒ ගරු සත්කකාර නොපිරිහෙලා ඉටු කිරීම
7.පිටතින් පැමිණි ශ්‍රමණ බ්‍රාහ්මණයන් පැමිණි විට ඒ අය තමන්ගේම අය සේ පිළිගෙන ගරු සත්කාර කිරීම
ගමෙම සප්ත අපරිහානි ධර්ම අනුගමනය කරන රාජ්‍ය නොපිරිහෙන බව බුදුන් වහන්සේ ඔවුන්ට දේශනා කළහ. මෙමගින් බලාපොරොත්තු වන්නේ සාමූහිකව පාලනය කරනු ලබන සාමාජීය හා ආර්ථික ප්‍රගතිය සැලසෙන ආකාරයෙන් දේශපාලන සංවිධාන මෙහෙය වීමයි.
අප මහා ලොව්තුරු බුදුපියාණන් වහන්සේ දේහනා කළ බුද්ධ දේශනාවේ, භාර්යාවන් 7ක් සිටින බව සදහන් වෙයි. සප්ත භාර්යාවෝ මෙසේය.
1. මාතෘ භාර්යා - යම් භාර්යාවක් තම ස්වාමියා කෙරෙහි මවක මෙන් අනුකම්පා කිරීම
2.භගිනි භාර්යා - යම් භාර්යාවක් ස්වාමියා කෙරෙහි ලැජ්ජා බිය සහිතව හැසිරෙන්නේද, ස්වාමියාගේ
යසස, කීර්තිය නිතර නිතර පතන්නේ ද , පරපුරුෂයන් කෙරෙහි සිතුවිලි මාත්‍රයක්
නොකොට තම ස්වාමියාගෙන්ම සතුටු වන්නී
3. සකී භාර්යා - තම ස්වාමිය සමග යෙහෙළියක මෙන් වාසය කරන්නී
4. දාසී භාර්යා - පළමුව තම ස්වාමියාගේ කටයුතු සොයා බලා කටයුතු කරන්නී
5.වධක භාර්යා - තම ස්වවාමියා කෙරෙහි නිතර දුෂ්ටකම් කරන්නී
6.චෞර භාර්යා - තම ස්වාමියාගේ භෝග විනාශ කරන්නී
7.ස්වාමී භාර්යා -ස්වාමියාට යම දූතියක මෙන් කටයුතු කරන්නී
ඊට අමතරව ලෝකයේ පුදුම 7ක් ද පවතියි.
1. බ්‍රසීලයේ රියොද ජෙජයයිරෝ නුවර ක්‍රිස්තූන් වහන්සේගේ ප්‍රතිමාව
2.චීන මහා ප්‍රාකාරය
3. ඉතාලියේ කොලෝසියම
4. පෙට්රා නගරය
5. ජේරුහි මාවු පීචු බලකොටුව
6. විචෙන් ඉට්සා පූජනීය නගගරය
7. ඉන්දියාවේ ටජ් මහල
මීට අමතරව මනාලියකට ද මේ හතේ කතාව වැදගත් වෙනවා. මංගල දිනයේ දී මනාලිය විසින් මාල හතක් පලදින බව සදහන් වෙයි.
1.පෙති මාලය
2.ගෙඩි මාලය
3.කිරිබෝ මාලය
4.පොල් මල් මාලය
5.අගස්ති මාලය
6.ගෙලපෙති මාලය
7.තවලම් මාලය
මෙම මාල හතෙන් පෙන්නුම් කරන්නේ පත්තිනි මෑණිවරුන් සත් දෙනාගේ ගුණයයි. එයට හේතුව කාන්තාවගේ පිරිසිදු බව සංකේතවත් කිරීමය.
බුදු දහමේ පමණක් නොව කිතුණු දහමේ පවා මෙම 7 ඉලක්කමට යම් වටිනාකමක් ලැබෙයි. මරණයේ පාප 7 ක් පවතින බව එහි දැක්වෙයි.
6වන ශත වර්ෂයේ සිටියා වූ ග්‍රෙගරි නම් පාප් වහන්සේ පවසන පරිදි මරණයේ පාප 7,
1.උඩගුකම
2,ඊර්ෂ්‍යාව
3.තෘෂ්ණෘව
4.කාම රාගය
5.කෝපය
6.කෑදරකම
7.අලසකම
ලංකාවෙන් එහා ලෝකය ගැන බලන කළ ද මේ හතේ සංකල්පය වැදගත් වෙයි.
ලොව ඇති බලවත්ම කාර්මික රටවල් ලෙස සැලකෙන්නේ,
1.අමරිකාාව
2.මහා බිතත්රාන්ය
3.පප්රංශය
4.ඉතාාලිය
5.කැනඩාාව
6.ජර්මනිය
7.ජපානය
මේ රටවල් හතේ එකමුතුව ජී -7 ලෙසින් හැදින්වෙයි.
චලනි ලක්ෂාණි
Thursday, July 27, 2017
රාජ්‍ය මූලික සමාජ ක්රමයේ මහජන සම්බන්ධතා
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූලික සමාජ ක්රමයේ වැඩිමනක් මහජන සම්බන්ධතා රජුට අදාළ ප්‍රතිරූපයක් ගොඩ නගා ගැනීම සඳහා ප්‍රධාන කොට භාවිතා කරන ලදි. ලංකාවේ ඒ ඒ රජවරු මහජනයා අතර විශ්වාසයක් හොඳ හිතක් ආගම සමඟ මනා සම්බන්ධතාවක් ඇති බව ජනතාවට ඒත්තු ගැන්වීමට විවිධ මහජන සම්බන්ධතා පවත්වා ඇත. මෙය විජයාවතරණයේ සිට ශ්‍රී ලංකාවේ සිඳු වූ විපර්යතාවකි.
විජය රජු ලංකාවට ගොඩ බැස කුවේණියගේ මාර්ගයෙන් දෙවියන්ගේ කැමැත්ත මත භූමිය ප්රමුඛ ඇතැම් දේ තහවුරු කරගනිමින් එක් රාත්‍රියක කුවේණිය සමඟ හිදිනා කළ සිරීස නම් වස්ථුපුරයෙන් ගී නාද සමඟ හඬක් ඇසී ඒ හඬ කිමැක් දැයි කුවේණියගෙන් විචාලහ. “ හිමියනි ඒ ඈත සිරීස නම් අප වස්ථුපුරයෙහි කා බී හිත් සන්තෝෂව නැටුම් ගැයුම් වාදන සහිතව සතුටු වන පිරිසක් බව” කුවේණිය විසින් එයට පිළිතුරු සපයන ලදි. විජය රජු විසින් මෙරට රාජ්‍ය පිහිටු වීමට මත්තෙන් එක් රාත්‍රියකදීම ලංකාවේ මහජන සම්බන්ධතාව තිබූ බවට වංශ කතුවරයා විසින් සාක්ෂි ලබා දී තිබෙයි. නැටුම්, ගැයුම්, වාදන පැවැත්වීමට නම් සමූහයක් සිටිය යුතුය. එකිනෙකා අතර සම්බන්ධතා තුළින් ගොඩ නැගුණු බැඳීම් තිබිය යුතු වෙයි. ලංකාවේ මහජන සම්බන්ධතා එතැකින් ආරම්භ වූ බව පිළිගත හැකිය.
රජු විසින් තමාට හිතකර භෞතිකව පෝෂණය වූ හා මානසිකව පෝෂණය වූ රාජ්‍යයක් ගොඩ නගා ගැනීමට සිතාමතාම මහජන සම්බන්ධතා ගොඩ නගා ගත් ආකාරය අතීත වංශ කතා සාක්ෂි දරයි.
“ලංකාවේ සිටි ඇතැම් රජවරු රහසිගතව වෙස්වලාගෙන තමන්ට මිනිසුන් කැමැත්තේ ද නැත්ද යන්න සොයා බැලීම සඳහා ගම් නියම් ගම් සැරිසැරූහ. රාජසිංහ රජු සවස් කාලයේ වෙල් යායක වී කරල් අහුලන රුව කාන්තාවක් දැක මෙසේ සිය අදහස පළ කර තිබෙයි.”
වෙලක මහිම බල මා වී පැසීලා
පැලක මහිම බල බට කොළ සොයාලා
මලක මහිම බල අතු අග පිපීලා
ලියක මහිම බල පෙති ගෝමර ඉසීලා
රජ විසින් සිය අදහස සාර්ථක සම්බන්ධතාවක් ගොඩ නැගිමට පාරිසරික සාදක සමඟ කාන්තාව අමුතු ලෙස හගවයි. ඒ මොහොතේම වෙස්වලාගෙන සිටින්නේ රටේ ප්‍රධානියා බව දැනගත් කාන්තාව රජතුමාට පරිසරයේ අනිත්‍යතාව පිළිබඳ කවිකර මෙසේ පවසයි.
වෙල හොඳ මොකද යල මහ පාලුවේ නම්
පැළ හොඳ මොකැ පොද වැස්සට තෙමේ නම්
මල හොඳ මොකදු අග පරව යා නම්
ලිය හෙඳ මොකද පෙති ගෝමර මැකේ නම්
කාන්තාව කුමන දේ ප්‍රකාශ කළ ද රජු එයට අභියෝගයක් එල්ල කරන්නේ මහජන සබැදියාවද පලුදු නොකර ගනිමිනි.
මේ ලෙස රාජ්‍ය ගැළපෙන ආකාරයේ ක්‍රමභාවිත කරමින් මහජනතාව සමඟ හොද හිත පතතුරවමින් රාජ්‍ය ගෙන ගිය බව පෙනේ.
Tuesday, July 25, 2017
කාලා බලමුද ?
hostel එකෙන් එලියට පැන්නේ අතට අහු උනු කොල 2,3 ක් සාක්කුවේ දමා ගෙන. එත් lecture එක පටන් ගන්න විනාඩි 10 ක් විතර තියෙන්නේ. බඩට මුකුත් දාගන්න වෙලාවක් තිබ්බෙත් නෑ. පොඩි උනු t-shirt එකයිල රූමගේ කලිසමයි bata කෑලි දෙකත් හදිස්සියේ දාගෙන එළියට බැස්සේ අදවත් lecture යන්න හිතා ගෙන...ඒත් campus එකට ගොඩවෙන්නත් කලින් බඩේ පනුවෝ අරගල කලා....... හදිස්සියෙන් canteen එකට ගොඩ උනේ අහළ පහළ වුන්ද set කරගෙනය..
'' අම්මෝ.................. පෝලිම................”ඉබේටම කියවුණා..........දැන් ඉතින් පෝලිමේ තමා..........
වරුවක් විතර පෝලිමේ ලැගල ඉදලා ගත්ත 40 ක් ම දීලා මාළු කෑම එකක්ම...තිබ්බෙත් එච්චරමයි....අදනම් ඉතින් lecture මෙහෙ ඉදන් තමා........රෑටත් හරියට කන්න නැති නිසා දැන්නම් ඕ......න කෑමක්..........රූමගේ කොක්කත් වෙලාවටම එතන............දැන් ඉතින් තවත් එකෙක් ..... කටට දෙකට බත් එක ඉවර කරන්න තරම් බඩගිනියි.........වටේම උන් ....බත් එකට ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නැ.........අමාරුවෙන් කටක් දෙකක් බඩට දාගත්තා................
'' ඊ...............................................................”රූමගෙ කොක්ක කෑ ගැහුවා........................
'' ඊ...............................................................”රූමගෙ කොක්ක කෑ ගැහුවා........................
කැරපොත්තා දුටුවෙහිද?
මේ කැරපොත්තා හැර තවත් කැරපොත්තන් සිටීද?
මේ කැරපොත්තා හැර තවත් කැරපොත්තන් සිටීද?
Monday, July 17, 2017
ෆේස්බුක් වාර්තා අ`ඵත් වෙයි
ෆේස්බුක් කියන්නේ අද වනවිට ලොකු කුඩා කා අතරත් එකලෙස ජනප්‍රිය වුණු මාධ්‍යයක්. නව මාධ්‍යය සිය දොරගු`ඵ විවිර කර ගැනීමත් සමග ජනතාව අතරට පැමිණි මේ ෆේස්බුක් කලාව අද වන විට ලොව බොහෝ රටවල් ආක්‍රමණය කර තිබේ. අ`ඵත්ම දත්ත වාර්තාවන්ට අනුව ඉන්දියාව ෆේස්බුක් ගිණුම් හිමියන් වැඩි ප්‍රමාණයක් සිටින රට බවට පත්වෙලා තියෙනවා. එම සමීක්ෂණ වාර්තාවලට අනුව ඉන්දියාව තුළ මේ වන විට ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 214ක් සිටින බවයි වාර්තා වන්නේ. මීට පෙර මෙම ස්ථානය හිමි කර සිටියේ අමරිකාවයි. අමරිකාව තුළ ෆේස්බුක් ගිණුම් මිලියන 240ක ප්‍රමාණයක් තිබෙන අතර ඉන්දියාව තුළ එක් මසකට සාමාන්‍ය ක්‍රියාකාරී ෆේස්බුක් ගිණුම් හිමියන් ප්‍රමාණය මිලියන 201ක් බව සඳහන් වෙනවා. ෆේස්බුක් ගිණුම් මිලියන 139ක් හිමිකර ගනිමින් තෙවැනි තැනට පත්ව ඇත්තේ බ්‍රසීලයයි.
ඒක පට්ට
පාර දිගේ යන ගමනේ අද කතා කරන්නේ මේ දවස්වල නිතර කතා බහට ලක්වෙන මාතෘකාවක් පිළිබඳවයි. කාලෙන් කාලෙට සමාජයේ අහන්න දකින්න තියෙන දේවල් එක්ක මුහුණු පොතත් අ`ඵත්ම කතාංගයන් ගොතන්න පටන් ගන්නවා.
මුහුණු පොතේ අ`ඵත්ම පෝස්ට් වගයක් මේ දවස්වල කාගෙත් කතා බහට ලක්වෙලා තියෙනවා. ඒ තමයි “ඒක පට්ට” නම් වු වදන් පෙළ සමග ගෙතෙන විවිධ කතාංගයන්ය.
මුහුණු පොතට අදහස් පල කරන බොහෝදෙනා ඒ පිළිබඳවත් විවිධ අදහස් පල කර තිබෙනවා. කාලෙන් කාලෙට කුමන හෝ දෙයක් පසුපස ලුහු බදින තාරුණ්‍යයේ අ`ඵත්ම කතාබහ ඒ ගැනයි.
මුහුණු පොතේ අ`ඵත්ම පෝස්ට් වගයක් මේ දවස්වල කාගෙත් කතා බහට ලක්වෙලා තියෙනවා. ඒ තමයි “ඒක පට්ට” නම් වු වදන් පෙළ සමග ගෙතෙන විවිධ කතාංගයන්ය.
මුහුණු පොතට අදහස් පල කරන බොහෝදෙනා ඒ පිළිබඳවත් විවිධ අදහස් පල කර තිබෙනවා. කාලෙන් කාලෙට කුමන හෝ දෙයක් පසුපස ලුහු බදින තාරුණ්‍යයේ අ`ඵත්ම කතාබහ ඒ ගැනයි.
Tuesday, July 11, 2017
උන්මාද චිත්‍රා
විළිරුදාවෙන් ඉකි බිදින හඬ
දෙදර වූවා පොළෝ තලයම
දරාගත නොහැකි ගින්දර
ඉවසුවා පුත නුඹ නමින්
මගේ කුස තුළ ඔබේ ජීවය
දරා සිටියා දස මසක්
ඔබ උපන් දා සිගිති දුවකගේ
මවක් වූවා මා එදා
රාජ සම්පත් ලැබුණු මා හට
ඔබේ සියුමැලි සිනහ දැකුමට
ඔබේ මොළකැටි වදන් ඇසුමට
අහිමි කර දුන් සොහොයුරන්
සොළොස් අවුරුදු ඉක්ම ගිය දා
යුධ බිමේ ඔබේ සටන් පෙන්වා
සතුරා පරදා ජය ලැබූ වග
සැලකලා මැතිදුන් පුතේ
චලනි ලක්ෂාණි
Subscribe to:
Posts (Atom)