Thursday, January 12, 2017

ආදිවාසීන් සොයා යන ගමනක්

                ආදිවාසීන් සොයා යන ගමනක්


   

ශ්‍රී ලංකාව වූ කලී බහු සංස්කෘතික රටකි. ආදිවාසීන් යනු ඒ තුළ ජීවත් වන්නා වූ ජන කණ්ඩාමකි. මුඛ පරම්පරාවෙන් එන කතාවලට අනුව සිංහල ජාතියේ පළමු වන රජු වන විජය කුමරු හා කුවේණිය නම් වූ යක්ෂ ගෝත්‍රික කාශ්‍රී ලංකාව වූ කලී බහු සංස්කෘතික රටකි. ආදිවාසීන් යනු ඒ තුළ ජීවත් වන්නා වූ ජන කණ්ඩාමකි. මුඛ පරම්පරාවෙන් එන කතාවලට අනුව සිංහල ජාතියේ පළමු වන රජු වන විජය කුමරු හා කුවේණිය නම් වූ යක්ෂ ගෝත්‍රික කාන්තාවකගේ දරුවන් ජීවහත්ත හා දිසාල යන පෙළපතින් පැවත එන්නක් ලෙස ආදිවාසීන් හැඳින්විය හැකිය.                                                  

  ලෝකයේ බොහෝ රටවල දීර්ඝ ඉතිහාසයක් ඇති මානවයෝ වාසය කරති. ලොව කොතරම් සංකීර්ණ වුවද ඉතාමත් අල්පේච්ඡ  ගෝත්‍රික ජීවිතයක් ගත කරන ඔවුන්ගේ ජීවිත අතිශය සුන්දරය. ලොව අනෙක් රටවලට වඩා විශේෂ දීර්ඝ ඉතිහාසයක් ඇති මානවයෝ පිරිසක් අප රටේ ද සිටිති. ඔවුහු ආදිවාසින්  හෙවත් වැද්දෝ වෙති. අතීතයේ ලංකාව පුරා ව්‍යාප්තව සිටි වැදි ජනතාව අද වන විට නැගෙනහිර , ඊසාන, ඌව පළාත්හි ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී සිටිති. අම්පාර, දිඹුලාගල, දඹාන වැනි ප්‍රදේශවල වාසය කරන මෙරට ආදිවාසි ජනතාවගේ ජීවනෝපාය ඉතා සරලය. කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වන ඔවුන්ගේ ආහාර රටාව ද ඉතා සරලය.

 සරල ජීවිතයක් ගත කරන ආදි වාසින්ගේ පවුල් පසුබිම අතිශය සුන්දරය. ගල් ගුහා තුළ භාර්යාව සමඟ වාසය කරන ආදිවාසිහූ ඇතැම් විට ගම්වලට මදක් යාබදින් පැල් ඉදි කර ගනිමින් සිය පවුල හා වාසය කරති. වැදි ජනතාවගේ  නිවාස ඉදි කිරීමේ පවතින විශේෂ ලක්ෂණයක් වන්නේ ඔවුන් වසරකට තුන් වරක් පමණ නිවාස මාරු කිරීමයි. දඩයම් ඉලක්ක කර ගනිමින් ඔවුන් කාළගුණ විපර්යාසයන්ට අනුව නිවාස මාරු කළ අතර නියං කාලවලදි සතුන් වතුර සොයා පහත් බිම් කරා යන බැවින් වැද්දෝ සිය පවුල් සමඟ නිවහන අතහැර පහත් බිමකට ගොස් නව නිවහනක් ඉදි කිරීමට පෙළඹුණහ. සත්වයන්ගේ ජීවන රටාවන්ට අනුව ඒ ආදිවාසින් ද සිය  වාසස්ථාන මාරු කිරීමෙන් ඔවුන්ගේ ප්‍රධානතම ජීවනෝපාය  දඩයම බව පැහැදිලිය.

 ඇතැම් අවස්ථාවල වැදි පවුල් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් එක් ව පදිංචිව සිටින අතර ශක්තිමත් වැදි පිරිමින් දඩයමේ හෝ මී කැඩීමට යෑම සිදු කරය්ි. වැදි කාන්තාවන් තුළ දක්නට ලැබෙන විශේෂිත වූ ලක්ෂණයක් වන්නේ වැදි පිරිමින්ට හිමි සම තැන වැදි කාන්තාවන්ට හිමිව තිබීමයි. පුරුෂාධිපත්‍යයක් දක්නට නොමැති වැදි පරපුරේ, කාන්තාවන්ට ද සම තැන හිමි කර දීම විශේෂත්වයකි. වැදි පියා දඩයමේ ගොස් විවේකයක් ලද සැනින් වැදි දරුවන් හා සුහදව විහිළු තහළු කිරීම වැනි දේ මගින් වැදි පවුල් සංස්ථාවේ සුන්දරත්වය මෙන්ම සුහදත්වය ඔවුහු මනාව ගොඩ නගා ගනිති.


ලෝක කම්කරු සංවිධානයේ 169 වන සම්මුතිය ඔස්සේ ආදිවාසි ජනයා හඳුනා ගැනීම සිදු කොට ඇත. ඒ අනුව ආදිවාසි ජනයාගේ මූලිකාංග ලෙස;

  සම්ප්‍රධායික ජීවන විලාසය
 

  ජාතික තලයේ සංවිධානිත ජනයාගෙන්, සංස්කෘතියෙන් හා ජීවන දිසානතියෙන් වෙනස් වීම

   ඔවුන්ගේම වන සමාජ සංවිධානයක් හා දේශපාලන සංස්ථාවක් පැවතීම
 

   අදාළ ප්‍රදේශයේ දිවි ගෙවීම පිළිබඳ ඓතිහාසික අඛණ්ඩතාවයක් පවත්වා ගැනීම හෝ ආක්‍රමණිකයන් පැමිණීමට පෙර ප්‍රදේශයේ ජීවත් වීම

ආදිය දක්වාලයි.

වැදි කාන්තාවගේ ළමා කාලය
                     ආදිවාසි පවුල වෙනුවෙන් පිළිසිඳ ගන්නා සෑම දරුවෙකු ම ඔවුන්ට වටිනා සම්පතකි- දඩයමේ යන පියාට , සහෝදරයාට පිරිමි දරුවන්ගේ සහාය අවශ්‍ය වන්නා සේම නිවසේ වැඩ කටයුතු ඉටු කර ගැනීමට සහයට ගැහැණු දරුවෙකු අවශ්‍යය වේ- අතීතයේ දී වැදි දරු උපත් ගල් ගෙයිදි ම සිදු විය- දරුවන් ඇති අම්මලා ගැබිණි මවුවරුන්ට උපස්ථාන කළහ- පෙකෙණි වැල කපන ලද්දේ ඊතලයෙනි- කැපූ තැන සුව වීමට අළු තබා රෙදි කඩකින් බඳින ලදි- දරුවෙකුට නම් තැබීම උපත සිදු වී මාසයක් පමණ කාලයක් තුළදි සිදු විය- දරුවා පිරිමියෙකු නම් “ගොරකා” යනුවෙන් ද, ගැහැණු දරුවෙකු නම් “ගොරකී” යනුවෙන් ද හැඳින්වේ- නම් තැබූ පසුව ද වයස හතර පමණ වන තෙක් තබන ලද නමින් ඇමතුමක් සිදු නොවීය - මේ අවධියේදි පිරිමි දරුවෙකු නම්“තුටා” යනුවෙන් ද, ගැහැණු දරුවෙකු නම්“තොටී” යනුවෙන් ද අමතන් ලබයි- සුලභ ගැහැණු දරුවන් නම් වූයේ යුදි, සුවදි , පිංචි, කබලි , කලති යනුවෙනි- ආදිවාසි ජනයා දරුවන් නෑවීමේදී බොහෝ සැලකිලිමත් වෙති. මන්දයත් බල්ලන් පානය කල ජලයෙන් දරුවන් නෑවුවහොත් දරුවන් රෝගි වන බව විශ්වාස කරති. සෑම නිවසකම සාමාජිකයන්ට අමතරව සුනඛයෙක් ද ජීවත් වෙති. ඒනිසාවෙන් ඒ පිළිබඳ ඔවුහු සැලකිලිමත් වෙති.
 

එයින් පැහැදිලි වන්නේ වැදි සමාජය තුළ විශ්වාසය යන සංස්කෘතික ලක්ෂණය පැවති බවයි. එකී විශ්වාසය තුළින් ඔවුන් සමාජයට යමක් සන්නිවෙිදනය වෙයි. දරුවන් නෑවීමේදී බොහෝ සැලකිලිමත් වන  ලෙස ඔවුන් පවසා ඇත්තේ ඒ නිසාය.

දරුවා කුඩා කළ සිට ම ඔවුන්ට ආරක්ෂාව ලබා දීමට දෙමාපියන් පුරුදු වී සිටියහ. එමෙන් ම දරුවාගේ උත්පතියේ දී මෙන් ම ඉන් පසුවද දරුවාට ආරක්ෂාව නෑ යකුන්ගෙන් ලැබෙන බව ඔවුහු විශ්වාස කරති. ආදිවාසි සමාජය තුළ හැඳී වැඩෙන දරුවා ළදරු වියේ සිටම ස්වාධීනය. මහා සමාජයේ මෙන්ම පිරිමි දරුවා තම පියාට අනුව ද, ගැහැණු දරුවා තම මවට අනුව ද සමාජානුයෝජනය වෙයි. පිරිමි දරුවකුට පැවරෙන කාර්ය ප්‍රමාණයට සාපේක්ෂව ගැහැණු දරුවන්ටද නියමිත කාර්යන් පවති. නිවසේ කාර්යන් පමණක් නොව සතුන් දඩයම් කිරීමට, අල හෑරීමට, මී කඩන්නට , ගස් නගින්නට ඔවුහු සමත් වෙති.  

වැඩිවියට පත් වීම

           ගැහැණු දරුවකුගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් ලෙස මල්වර වීම නැතහොත් වැඩිවියට පත් වීම හැඳින්විය හැකිය. එකී අවස්ථාවේදි කරනු ලබන චාරිත්‍ර බොහෝය. දැරියක් මල්වර වීමට පෙර සිටම මව විසින්  ඇයව දැනුවත් කිරීමක් කරන්නීය. ඒ අනුව ඇය මවගේ උපදෙස් පරිදි මල්වර වූ පසු ගෙයින් පිටව ඉදිරියට හමු වන කිරි ගසකට සංඥාවක් කර නවති. නිවසේ දැරිය නොමැති වූ විට ඇය සොයා යන මව කිරි ගස අසල සිටි දැරිය ගෙන්වා තම නිවස අසලින්ම ‘කිලි පැල’ නමින් ගෙයක් සකසා ඇයව එහි රඳවන්නීය. එහි ඥාති දැරියක් ද ආරක්ෂාවට තබයි . මෙම කාලසීමාව තුළදී ඇය තාවකාලිකව ජීවත් වන කිලි පැලෙන් පිටව බැහැරට යන අවස්ථාවේ දී යකඩ කැබැල්ලක් තබා ගැනීම අනිවාර්ය වේ. එමෙන්ම ඇයට පුලුටු හෝ තෙල් මිශ්‍රිත ආහාර ලබා නොදේ. එයින් ඔවුන් අපේක්ෂා කරන්නේ යකුන්ගෙන් ආරක්ෂා වීමය.

   ඇය එකී කිලි පැළ තුළ සිටින්නේ දින නමයක පමණ කාලයකි. ඉන්පසු ඇය නහවා ජීවත් වූ නිවසට නැවත කැඳවා එන අතර ඇය දින නමය තුළ ඇදි ඇඳුම් කිලි පැලට දමා ගිනි තැබීම ඔවුන්ගේ සිරිතකි. පසුව සුවිශේෂි ආහාර වේලක් සකසා දෙනු ලබයි. මීට අමතරව වෙනත් සුවිශේෂි යමක් සිදු කරනු නොලබයි.නමුත් ඉන් පසුව ඇයට යම් නීති රීතී ප්‍රමාණයක් පමණුවනු ලබයි. තනියම හවසට ගමන් බිමන් යෑම, තනියම කැලයට යෑම, පිරිමින් සමඟ කථාබහ කිරීම ආදිය තහංචි ලෙස පනවනු ලබයි. මීට අමතරව මාසික ඔසප් වීම්වලදී ඇය ජීවත් වන නිවසින් බැහැරව එනම් කැලෑබඳ ප්‍රදේශයකට ගොස් ජීවත් වීම සිදුවේ. ඒ කාල සීමාවේදි කාන්තාවට අවශ්‍ය ආහාර, ආරක්ෂාව ආදිය පිරිමි පාර්ශවය විසින්ය. මෙම දින කිහිපය කැලයේ ගත කරන කාන්තාව ඉන්පසු තමන් ජීවත් වන නිවස වෙත පැමිණ සාමාන්‍ය දිවි පෙවතක් ගත කරයි.
 

  සංස්කෘතියක උපදින ජීවියෙකුහට එහි සාමාජිකත්වය ලැබෙනුයේ සමාජානුයෝජනය නැමති ක්‍රියාවලිය තුළිනි. ආහාර, නින්ද, ලිංගික ප්‍රේරණ ක්‍රමයෙන් සිය සංස්කෘතිය විසින් පිළිගෙන භාවිතයට ගනු ලබන ඇදහිලි, සිරිත්, විරිත්, දැනුම, ආකල්ප ආදි සියලු දේ පුහුණු කර වීම එම ජන කණ්ඩායමේ වැඩිහිටි පාර්ශවය මඟින් සිදු කෙරේ. ක්‍රමයෙන් ඔහු වැඩෙත්ම ඔහු තුළින් ද එම සංස්කෘතින ලක්ෂණ සන්නිවේදනය වීම ආරම්භ වේ. සන්නිවේදනයත් සංස්කෘතියත් අවියෝජනය ආකාරයෙන් බැඳී පවතින්නේ එබැවිනි. උක්ත දක්වන ලද මල්වර චාරිත්‍ර තුළින් ගම්‍ය වන්නේ එකී සංස්කෘතිය වැදි ජන ජීවිත කෙරේ කෙසේ බලපෑවේද යන්නයි.

විවාහ සම්බන්ධතා
           සන්නිවෙිදන විෂය ක්ෂේත්‍රයට සංස්කෘතික ප්‍රවෙිශය යටතේ මෙහිදී අවධානයට ලක් කෙරෙනුයේ වැදි සංස්කෘතියේ එන “විවාහය” නැමති සංස්කෘතිකාංගයේ වැදි ජනතාව විසින් අනුගමනය කරනු ලබන ඇතැමි චාරිත්‍රයන් වටා නිර්මාණය වී ඇති සන්නිවෙිදනාර්ථයන් අධ්‍යයනය කිරීමයි.
                           

වැදි ජනතාවගේ සමාජීය ජීවිතය තුළ අවාහ   විවාහ කටයුතු සිදු වන ආකාරය විමසා බලමු. ඔවුන් එකම සමාජයක් තුළ ජීවිකාව ගත කළ බැවින් ඥාති විවාහයන් බහුලව සිදු විය. ඥාතීන් අතර සිදු වන විවාහ නිසා අසාමාන්‍ය දරු උපත් සහ විකෘති දරුවන් සමාජය තුළ දැකිය හැකි විය. කණ්ඩායම් වශයෙන් ජීවත් වූ වැදි ජනතාව ද මෙම ගැටලුවට මුහුණ පෑවේය. මෙම ඥාති විවාහ නිසා ලාරන්ස් සින්ඩ්‍රෝමයට  (ඛ්ර්බජැ ිසබාරදප) හසු වූ එනම්, මොළයේ වර්ධනය අඩුවෙන් සිදු වූ මන්දමානසික දරුවන් බිහි වීමේ අවධානමක් පවතී. ආදී යුගය තුළ මොවුහු මෙවැනි දරුවන් අදෘශ්‍යමාන බලවේගයන් හි ප්‍රතිඵලයක් යැයි සිතා ඔවුන් සොබාදහමට පූජා කළ බව සඳහන් වේ.
 

  ඉහත සඳහන් කළ පරිදි බොහෝ විට වැද්දන් අතර විවාහ සිදුවන්නේ නෑ සබඳතා මතය. විවාහය සඳහා වරිගය සම නම් වරිග දෙකෙහි වැද්දෝ විවාහය අනුමත කරති. වැදි සංස්කෘතියට අනුව විවාහ වීම සඳහා ස්ත්‍රියට වයස් භේදයක් නොමැති අතර මල්වර වූ පසු හෝ ඊට පෙර ද වැදි දැරියෝ විවාහ ජීවිතය ආරමිභ කරති. නූතන සමාජය මෙන් පිරිමියාගේ රැකියාව , දේපල ආදි කිසිවක් වැදි ජනතාව නොබලන අතර පිරිමියෙකුට විවාහ වීමට ඇති එකම සුදුසුකම වන්නේ දඩයමක් කිරීමට හැකි වීම හා හේනක් කෙටීමට හැකි ටීමයි.

                           පරමිපරාවෙි සිරිත් විරිත් හා වෙදකම පිළිබඳව වැදි පුරුෂයාගේ හැකියාව සොයා බැලීමට ඇතැමි අවස්ථාවල වැදි ස්ත්‍රීයගේ ඥාතීහු පෙළෙඹෙති. වරිග දෙක අතර විවාහය සිදු වන්නේ ප්‍රථමයෙන් වැදි යුවතිය හා වැදි තරුණයාගේ වැඩිහිටියන්ගේ මනාපයෙනි. දෙපිරිසෙහි මනාපයෙන් පසු වැදි තරුණයාගේ මවුපියන් වැදි තරුණියගේ නිවසට ගොස් ඇයගේ කරට මාලයක් දමයි. එම මාලය ඕනෑකමින් පැලඳ ගන්නේ නමි දෙපාර්ශවය මංගල්‍ය තහවුරු කර ගනිති. වැදි තරුණිය මාලය තර කර ගැනීමෙන් ජීවිත කාලයේම වෙනත් තරුණයෙකු දෙස පටු සිතින් නොබලන බවට සිය අනාගත සැමියාට ප්‍රතිඥා දෙයි. මෙම විවාහ අවස්ථාවෙි දී ආදිවාසී නායකයාට සුවිශේෂි රාජකාරියක් පවතී. එනමි විවාහය සිදුවන අවස්ථාවෙි දී මදුවැලක් ගෙන මනාලයාගේ හා මනාලියගේ මාපටඟිලි එක්කොට ගැටගැසීමයි. එය විවාහ බැමිම ලෙස සැලකේ. පසුව එම මදු වැලෙන් කළ බැමිම ඉවත් කරන වැදි නායකයා විවාහපත් යුවල විසින් තම තමන්ගේ ඥාතීන්ගේ සිත් නොසතුටට පත් නොකොට ඔවුන්ගේ අදහස් පිළිගනිමින් එක්ව වාසය කරන බවට පොරොන්දු කරවා ගනු ලබයි. තරුණිය සරණ පාවා දෙන දවසේ ඇගේ පියත්, මවත් සිය බෑනාට දුන්නක්, ඊතලයක් හා බල්ලන් දෙදෙනෙකු තෑගි කළ බවත් එය අනාගතයේ ආරක්ෂා වීම සඳහා කරනු ලැබූ දෙයක් බවත් සඳහන් වෙි.


විවාහයෙන් පසුව බොහෝ දුරට නව යුවල දෙමාපියන්ගේ නිවස පදිංචිය සඳහා තෝරා නොගන්නා අතර තමා විසින් ම වගාකර ගත් හේනක සකස් කර ගත් පැලක වාසය කරනු ලබයි. විවාහ නීතිය එදා කට වචනයෙන් පමණක් සීමා වුවද වර්තමානයේ පවතින සාමාන්‍ය විවාහ නීතිය ද මෙම සමාජයේ දැනට ක්‍රියාත්මකය. පැරණි ක්‍රමයට විවාහ ගිවිස ගැනීමද දැකිය හැකි අතර එය විශ්වාසය මත පදනමි වූ වැඩිහිටියන්ගේ ආශිර්වාදය මත ඔවුන්ගේ උපදේශකත්වයෙන් යුතුව විවාහ ජීවිතය සකස් කර ගැනීමට වැදි සමාජයේ තවමත් දැකිය හැකිය.
 
                   වැදි සමාජය තුළ කන්‍යාභාවය පිළිබඳව වැඩිහිටියන් තබා විවාහපත් යුවලවත් අවධානයක් යොමු නොකරති. ඔවුන් ස්ත්‍රියකගේ පවිත්‍රතාවය මැන බලනුයේ කන්‍යාභාවය මුල් කොට ගෙන නොවෙි. ස්ත්‍රිය තුළ පවත්නා කුලෑටිභාවය සලකා බැලීමෙනි. ස්ත්‍රියගේ හැසිරීමි රටාව මඟින් ඇගේ පවිත්‍රතාවට තහවුරු කරනු ලබයි. වැදි තරුණිය අතීතයේ පිරිමින් සමඟ සබඳතා පැවැත්වූයේ ඉතාමත් සීමිත වශයෙනි. නූතනයේ පවා ඇය පිරිමි ඇසුරට ඉතාමත් ලැජ්ජාශීලි බවක් දක්වයි. ආදිවාසි වැදි ජනයා තම පවුලට බොහෝ සේ ආදරය දැක්වූහ. තමා සමඟ විවාහ වූ පුද්ගලයා හැරුනු කොට වෙනත් ඇසුරක් ඔවුහු නොපැතූහ. සැමියා මිය ගිය පසු හැරුනු කොට වෙනත් විවාහයක් සිදු නොකලාය. 


              වැදි තරුණියන්ට හා තරුණයන්ට අවශ්‍ය නමි ප්‍රේම සමිබන්ධතා පැවැත්වීම සඳහා ඉඩ ප්‍රස්ථාව හිමි විය. විශේෂයෙන්ම තම නිවසේ හමුවී කතාබහ කිරීමට ඉඩ නොලැබුණ අතර නාන තොට හා දර බැද්ද ඔවුන්ගේ ප්‍රේම සමිබන්ධතා පැවැත්වීමට ඉවහල් විය. විවාහයෙන් පසුව ඔවුනොවුන් අතර පවතින ආලය වර්ධනය විය. එලෙස බැදීමි වර්ධනය වූ ආකාරය පහත කවිය පෙන්නුමි කරයි.
“ කෑදෙන් කෑමෙන්  පාන නොයේ
  චීතෙන් පින්නෙන්  පාන නොයේ
  .............................................................
  කුඩිපෙත නැත්තන්  පන යන්නේ ”
මෙහි ‘කුඩිපෙත’ යන්නෙන් අදහස් කෙරෙන්නේ විවාහයයි. නාන තොටට ගියත් ඔවුහු සිය දරුවන්ද කැටුව එකට ගියහ. මෙයින් පවුල තුළ ඇති එකමුතු බව මනාව විශද කරයි.
       

එලෙස අතීතයට සාපේක්ෂව වැදි  සමාජය වර්තමානය වන විට විවිධ වෙනස්කමි රැසකට භාජනය වී තිබෙයි.
 ඒ අතර අධ්‍යාපනය ද වැදි ස්ත්‍රියගේ විවාහ සමිබන්ධතා කෙරෙහි බලපෑමි කරයි. ඔවුන්ගේ අධ්‍යාපන රටාවද වෙනස් විය. ප්‍රාථමික අධ්‍යාපනය පමණක් නොව ඉන් අනතුරුව ද්විතීක අධ්‍යාපනය පවා හැදෑරීමට ඔවුන් සමත් වෙති. ස්ත්‍රීන් නූතනයේදී කොළඹට පැමිණ සිය රැකියා කටයුතු කරයි. එවැනි අවස්ථාවලදී ඔවුන් තම සහකරුවා තෝරා ගනු ලබන්නේ පිට ප්‍රදේශයකිනි. ඔවුන් මහා සමාජය මාධ්‍ය හරහා ජය ගත්තේය. එහෙත් ඔවුන් සිය විවාහ චාරිත්‍ර මඟ හැරියේ නැත. ඔවුන් අඩු වයසින් විවාහ වූ නිසා ලාංකීය නීතියට අනුව නීත්‍යානුකූල විවාහ වූවන් සේ සලකනු නොලැබුන ද පසු කාලීනව දරුවන් හා සමිබන්ධව මතු වූ ගැටලු මුල් කරගෙන 1907 උඩරට විවාහ ලියාපදිංචි කිරීමේ පනතට අනුව තම විවාහය ලියාපදිංචි කළහ.
                 

 නූතන සමාජ ක්‍රමයේ පවතින විවිධතා සමඟ විවාහ සබඳතා ද වෙනස් වෙමින් පවතින බව උක්ත කරුණු ඇසුරෙන් පැහැදිලි මනාය.

ගර්භනී කාලය හා දරු ප්‍රසූතිය

ඕනෑම ගර්භනී කාන්තාවකට දොළදුක ඇතිවීම පොදු කරුණකි. එය වැදි කාන්තාවට ද එසේම බලපායි. වැදි කාන්තාව සිය දරුවා කුසට පැමිණ තුන් මසක් සපිරුණු තැන නෑ යකුන් වෙනුවෙන් භාරහාර ඉටු කරනු ලබයි. ලෙඩ රෝගවලින් දරුවත් මවත් ආරක්ෂා කර ගැනීම මෙයින් අපේක්ෂිතය. එවැනි චාරිත්‍ර 


පැහැදුන් යැදීම
 

ගර්භනී වැදි කාන්තාව වෙනුවෙන් කරනු ලබන යාදින්නක් මෙන්ම තෙන්පාලි යකුන් වෙනුවෙන් කරනු ලබන භාරයකි.
 

  හඟලේ පනම
 

ගර්භනී වැදි කාන්තාව වෙනුවෙන් කරනු ලබන යාදිනි විශේෂයකි.
සාමාන්‍ය සමාජයේ මෙන් ම වැදි ජනතාවටද ඔවුන්ටම ආවෙිණික වූ චාරිත්‍ර පවතින බව පවතින බව එයින් පැහැදිලි වෙි. එයින් ඔවුන්ගේ සංස්කෘතික සන්නිවෙිදනය විදහා දක්වයි.
  සමිප්‍රධායිකව වැදි කාන්තාවක දරුවා බිහි කරන්නේ පැල තුළදීමය. එකී පැලේ දරු ප්‍රසූතිය සඳහා වෙන් කරනු ලබන ප්‍රදේශය හඳුන්වා ඇත්තේ රුකුල් පොජ්ජ යනුවෙනි.

                           අතීතයේ වැදි  කාන්තාව දරුවන් ප්‍රසූත කිරීම සඳහා රෝහලට ගියේ නැත. ඔවුන් එකී කාර්ය තම පැල තුළම සිදු කිරීය. තම සැමියා තමා ළඟ සිටියහොත් තම භාර්යාවට සහයෝගය දක්වයි. එසේ නොමැති අවස්ථාවන්හි සිය දරු ප්‍රසූතිය ඇය තනිවම ඉටු කරයි. නමුදු ඇගේ දරු ප්‍රසූතිය තරමක් අවදානමි ස්වරූපයක් ගනු ලබයි. දරුවාත් මවත් සමිබන්ධ වන පෙකනිවැල කැත්තකින්, ඊතලයකින් හෝ නියපොත්තකින් කපා දැමීම සිදු    කරයි. එය ඔවුන්ට එතරමි අසීරු කාර්යක් නොවන බව වැදි නායකතුමානන්ගේ අදහසයි.

මල්වර වූ දැරිය කිලි පැල තුළ සිටීම ඔවුන්ගේ සිරිතකි. එමෙන්ම දරු ප්‍රසූතියෙන්  පසු  දින නමයක කාලයක් දරුවා ප්‍රසූත කළ ස්ථානයේම සිටීම මවගේ කාර්ය වෙි. එම දින නමය තුළ පැඟිරි කොළ පස් වර්ගයක් ගිනි කබලකට දමා මවගේ ශරීරයට දුම් අල්ලනු ලැබෙි. දරුවා නහවන, රෙදි සෝදන වතුර එම ස්ථානයේම සාදන ලද වලකට දමයි. එය හදුන්වනු ලබන්නේ ‘ කොටු හුළු වල ’ ලෙසය. දරු ප්‍රසූතියෙන් පසු මවට විශේෂ සැලකිල්ලක් දක්වයි. ඔවුන්ගේ ආහාර වෙිලට එකතු විය යුතු ආහාර ලෙස, 


ගෝනල
  
 ඇල්ල

 ගිරතල වැනි අල වර්ගද ,
  
තලගොයි මස් ද ගනු ලබයි.
.


එසේම ආහාරයට නොගත යුතු කෑම ලෙස,
    ඌරු මස්
    කබැල්ල් මස්
    වැලි මුව මස්
    කටු අල
    පලා වර්ග


ආදිය හැඳින්විය හැක. එමෙන් ම මෙවැනි ආහාර ගැනීමෙන් දරුවා මාන්දම , පනු අමාරුව වැනි රෝගවලට ගොදුරුවන බව ඔවුන් විශ්වාස කරයි.
        
           දරු ප්‍රසූතියෙන් මාස තුනක් පමණක් ගත වන තෙක් ගමිමිරිස් වැඩි වශයෙන් මිශ්‍ර ආහාර මවට ලබා දෙනු ලබයි. එසේම ප්‍රසූතියෙන්  පසු මවගේ කුස ලෝල්ලු ශාකයේ පටිටාවලින් සාදාගන්නා ලද ලණුවකින් වෙලීම සිදු කරයි. මාසයක් වැනි කාලයක් එය සිදු කරනු ලබයි.

         එලෙස අතීතයේ සිදු කළ චාරිත්‍ර කිසිවක් එලෙසම වර්තමානයේ දැක ගත නොහැකිය. ඒ සඳහා පවුල් සෞඛ්‍ය සේවිකාවකගේ උපදෙස් ලබා ගැනීම අනිවාර්ය කර තිබෙයි. නූතනයේ වැදි කාන්තාව දරු ප්‍රසූතියට පෙර වෛද්‍ය සායනයන්ට යොමු වීම ද දැකිය හැකිය. එමෙන්ම වෛද්‍යවරුන් අනුමත කරන ඖෂධ භාවිතා කිරීමද අනිවාර්ය අංගයක් බවට පත්ව තිබෙි. තවද නූතනයේ ඒ සමිබන්ධව කාන්තාවන් බොහෝ සේ දැනුවත්ව ඇති බව පැහැදිලි විය. ඔවුන් උපත් පාලන ක්‍රම ද අනුගමනය කරයි. නමුදු නිවසේ සිදුවන දරු උපත් ද නැතිවාම නොවෙයි.     

  
අන්තර් සම්බන්ධතා
   නව මාධ්‍යයන්හි ආගමනයත් සමඟ වැදි ජනතාවද ඊට සාපේක්ෂව වෙනස් විය. ඔවුන්  ජීවත් වූ පරිසරය පමණක් නොව සමාජ රටාවන්ද විවිධ විය. පවුලක් සතු විය යුතු පොදු ගුණාංග වන,
■    පොදු වාසය
■    ආර්ථික සහයෝගීත්වය
■    ලිංගික හා ප්‍රජනන ක්‍රියාවලිය
■    සමාජානුයෝජනය
යන කරුණු ආදිවාසි පවුල තුළින් ද ගම්‍ය වන අතර අතීතයට සාපේක්ෂව යමි විවිධතා වත්මනයේදි දැකිය හැක.
 

1947 දඔාන කණිෂ්ඨ විද්‍යාලය ආරමිභ වීම , ආදිවාසි කාන්තාවගේ අන්තර් සබඳතා පිළිබඳ විමසීමෙිදි වැදගත් සාධකයකි. මෙි ඔස්සේ ගැහැණු පිරිමි දෙපාර්ශවයේ සබඳතාව වර්ධනය විය. 2009 වර්ශයේ එහි  පළමු වසර සිසුන් 18 කට අධික සංඛ්‍යාවක්  ඇතුළත් වූ අතර එයින් බහුතරය ශිෂ්‍යාවන් බව සඳහන් වෙි.
එමෙන් ම උසස් අධ්‍යාපනයට යොමු වීමද දක්නට ලැබෙි. උසස් පෙළ මෙන් ම බාහිර උපාධි හදාරන පිරිස් ද ඒ අතර වෙයි.
 

තවද වර්තමාන ආදිවාසි තරුණයෝ රූපවාහිනිය මඟින් මහා සංස්කෘතිය තුළ පවතන භාෂාව , ඇඳුම් පැළඳුම් , උත්සව, රූපලාවන්‍ය, ආදිය පිළිබඳ දැනුවත්ය. පසුව ඒවා තම සංස්කෘතිය තුළට අනුගත කිරීමට පුරුදු වී සිටීම මෑත කාලීනව ඔවුන්ගේ වෙනසට හේතු වූ සාධකයක් ලෙස පෙන්වාදිය හැක. 
 

.ඒ අතර ජංගම දුරකථන භාවිතය බොහෝ සේ දැකිය හැක.උප සංස්කෘතියක් ලෙස වෙන් කොට හදුනා ගැනීමට භාෂාව කේන්ද්‍රීය සාධකයක් වුවත් නූතනයේදී  ඔවුන්  මහා  සංස්කෘතිය   තුළ භාවිත වන භාෂාවට හුරු වී ඇති බව පෙනේ. අතීතයේ කුළෑටි පිරිසක් ලෙස නමි දැරූවද වර්තමානයේ ආදිවාසි කාන්තාව සැලකිය යුතු මටිටමක ධනාත්මක ස්වරූපයකින්  සමාජය තුළ අන්තර් සබඳතා පවත්වන බව සැලකිය හැකිය. තම උපසංස්කෘතිය තුළ භාෂාව, හැසිරීමි රටාව, ඇඳුම් පැළඳුම් , අභිචාර විධි යනාදියට හුරු වූ ආදිවාසි තරුණියන් මහා සංස්කෘතිය සමඟ අන්තර් සබඳතා පැවැත්වීමට සුදුසු මානසිකත්වයකින් පසුවන බව
■    විදෙස් රැකියාවල නිරත වීම
■    පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වීම
■    වෙලදාමි කිරීම
■    අවශ්‍යතා සඳහා නගරයෙන් පිට යෑම

ආදි ක්‍රියාකාරකමි තුළින් මනාව සාධිතය.
 

දේශපාලනය පිළිබඳවද ඔවුන්ගේ දැනුවත්භාවයක් පවතියි. මෙයට ප්‍රධානවම බලපා ඇත්තේ ජන සන්නිවෙිදන ක්ෂේත්‍රයේ ඇති වී ඇති පුළුල් වෙනස් වීමයි. ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත්, වීඩියෝ පට ඔවුන් අතර ප්‍රචලිතය. 1990 වර්ෂයේ දී දඹාන ග්‍රාමයට ප්‍රථම වතාවට රූපවාහිනි යන්ත්‍රයක් ලැබීම මූලිකව දැක්විය යුතු කරුණක් ලෙස හැඳින්විය හැකිය. එක් පුද්ගලයෙක් මෙි වෙනස ප්‍රකාශ කලේ මෙසේය,
    

  “1990 සීයට රූපවාහිනි එකක් දුන්නා. පස්සේ පස්සේ ගෙවල්වලටත් ගෙනාවා. කොහොමහරි ගෑණු එළියට බැස්සා. සමාගමි කඬේ ගියා..පොළට ගියා. දැන් කොළඹත් යනවා...”(ප්‍රේමදාස 2009)
 

කෙසේවෙතත් ඉහත සඳහන් කළ පරිදි සාදක කිහිපයක් මුල් කර ගනිමින් නූතන ආදිවාසි කාන්තාවන් අන්තර් සබඳතා පවත්වනු ලැබූ ආකාරය සාමිප්‍රධායික කාන්තාවගෙන් බොහෝදුරට වෙනස් වී ඇති බව පෙනේ. වත්මනයෙහි දඹාන ග්‍රාමයේ ආදිවාසි සංස්කෘතියට අයත් බොහෝ දේ සංකේතානුසාරයෙන් පමණක් දැකගත හැකි බවත් ඔවුන්ට ආවෙිණික වූ සංස්කෘතිය ඔවුන්ගෙන් ගිලිහී යමින් පවතින බව හඳුනාගත හැකිය.

No comments:

Post a Comment