Wednesday, May 17, 2017

සංචාරක කර්මාන්තය පණ නගමු

 
 ප්‍රාග් ඵෙතිහාසික මිනිසා තම මූලික මිනිස් අවශ්‍යතා සොයා තැනින් තැනට ගමන් කළහ. පසුව එම අවශ්‍යතාවන් පුළුල්වෙමින් ගමන් සීමාවන් අතික්‍රමණය කරන්නට විය. එලෙස වූ පුළුල් අරමුණු කෙළවර වූයේ එකී සංචාරය අද වනවිට කර්මාන්තයක් බවට පත් කරමිනි. එලෙස වූ සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයත් සමඟම වෙනත් රටවල් අතර ලංකාවේ නාමය ඉහළින් බැබළෙන්නට විය. විවිධ අරමුණු මුදුන් පමුණනුවස් විවිධ  සංචාරකයින් සිය ගමනාන්තය බවට ලක්බිම තෝරා ගනු ලැබීය. සංචාරය කිරීම, ගමන් කිරීම, ඇවිදීම, තැනකින් තවත් තැනයට යාම  මේ කුමන නමකින් හැඳින්වුවද මෙය අද වනවිට මෙය ලංකාවේ එක් ප්‍රධන ඉපැයුම් මාර්ගයක් වී හමාරය. ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට ආර්ථික උත්පාදනයේ ප්‍රතිලාභ උසස් ලෙස ලබා ගැනීම මෙමගින් සැලසෙන බව සඳහන් කළ යුතුය.

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය...” අප ලොව්තුරු බුදුපියාණන් වහන්සේ පවා යහපත් චාරිකාවේ යෙදෙන ලෙස වදාළහ. 


සංචාරයක විවිධ අරමුණු තිබිය හැකිය.
 අධ්‍යාපනය
රැකියාව
විනෝදය
සෞඛ්‍යය පහසුකම්...මේ කුමන අරමුණු පෙරදැරි කර ගෙන වුව කෙනෙකු තැනකින් තවත් තැනකට විතැන් වීම පැය 24කට වඩා වැඩිනම් එය සංචාරයේ මූලික අදහස සපිරෙනු ලබයි. 

මෙවන් වූ කර්මාන්තයක් අපේ රටේ  සංවර්ධනයට දායක කර ගත හැකි මාර්ගයන් බොහෝය.
 

 ලංකාව වැනි සංවර්ධනයේ දොරටු විවෘත කර ගනිමින් ඉන්නා රටකට අවශ්‍යවන්නේ මෙවැනි කර්මාන්ත දියුණු කිරීම බව හැගෙයි. මන්ද එම  නිසා විශාල විනිමය මුදල් ප්‍රමාණයක් උපයා ගත හැකිය. විදේශීය රටවල පිරිස් ලංකාවේ සුන්දරත්වය විඳ ගැනීමට  විශාල ලෙස පැමිණෙයි. යුධ සමයේදී එය තරමක් අඩු ප්‍රමාණයක් ගත්තද වත්මනය වනවිට ලංකාවේ පවතින සාමකාමි වපසරියත් සමඟ විශාල ලෙස සංචාරක ආකර්ෂණය හිමි වී ඇති බව සතුටට කරුණකි. මෙලෙස සංචාරක ආකර්ෂණය දිනා ගන්නා කළ එය විශාල වශයෙන් දේශීය ආර්ථීකයට උර දෙන්නේය. එය හෝටල් කර්මාන්තය, ප්‍රවාහන ක්ෂේත්‍රය ආදිය පමණක් නොව සෑම ක්ෂෙත්‍රයකටම බලපාන්නේය. සරලවම කිවහොත් එය මාර්ගයේ සිටිනා පළතුරු වෙළෙන්දාට පවා බලපාන්නේය.
 

ස්වභාව දහම් දිනිතියගෙන් ලැබී ඇති දායාදයන් නිසි ලෙස නඩත්තු කරමින් එය සංචාරක ආකර්ෂණය දිනාගත හැකි ස්ථානයක් බවට පත් කළ හැකිය. අද වනවිට ලංකාව වෙත විශාල වශයෙන් පැමිණෙන සංචාරකයන්ගේ අරමුණ වන්නේ එහි සුන්දරත්වය විඳ ගැනීමයි. වියදමට සරිලන ලෙස එහි උපරිම ආශ්වාදය විදගැනීමට ඉඩහසර වෙන් කර දිය යුතුය. අතීතයේ ලංකාව වෙත සංචාරකයින් ඇඳී ආවේම ලක්වැසියන්ගේ පවතින සුහදශීලිබව ද හේතුවෙනි. නමුදු අද වනවිට එම ලෙන්ගතුකම මුවාවෙන් මුදල් වංචා කරන පිරිස් ද වෙයි.
 

මෙලෙස සංචාරක කර්මාන්තය රට පුරා ව්‍යාප්ත වී තිබෙන නිසා එමගින් විශාල තරුණ පිරිස් ප්‍රමාණයක් හට රැකියා අවස්ථා උද්ගතව පවතියි. රටේ පවතින විරැකියා ප්‍රශ්නයට මෙය එක් පිළිතුරක් ලෙස සඳහන් කළ හැකිය. එය සංවර්ධනය කරා යන ගමනේ සීඝ්‍ර බව තව තවත් වැඩි කරයි. මේ සඳහා වූ අවධානය පුළුල් කළ යුතු වෙයි. මේ වනවිට රජය ඒ සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව, වත්මනයේ ඉදිවෙන සුවිසල් ඉදි කිරීම්, මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම් තුළින් මනාව පිළිබිඹු වෙයි. 


සංචාරකයා රටට ආගන්තුකයෙකි.ඒ නිසාම ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට රජය ක්‍රියාත්මක විය යුතුය.සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමෙන් රටට අත්පත් වන ප්‍රතිලාභ අති මහත්ය.විදේශ විනිමය අනිසි ලෙස යොදා නොගන්නේ නම් එය ඉතා වටියි.නමුදු ගැට කපන්නන්ගෙන් පිරී පවතින සංචාරක ස්ථාන ආරක්ෂා කර ගැනීම වැදගත්ය.සීගිරිය වැනි පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන කරා දිනකට අතිවිශාල විදේශකයින් ප්‍රමාණයක් ඇදී එයි.මෙලෙස පැමිණෙන සංචාරකයින්ට අළෙවි කරන ජල බෝතලයේ සිට නවාතැන් පහසුකම් සැපයීමේ සියලු කටයුතු ඊට අයත්ය.


මීට අමතරව මේ සඳහා විශාල ප්‍රචාරණයක් සන්නිවේදනය හරහා ලබා දිය හැකිය. අන්තර්ජාලය ඔස්සේ නැරඹිය හැකි ඒ දසුන් ජීවමාන ලෙස විඳ ගැනීමට සංචාරකයාට  උපරිම පහසුකම් සලසා දිය යුතුය. මේ මඟින් රටේ සංවර්ධනයේ ඉදිරි පියවරක් තැබිය හැකි යැයි හැගෙයි.
 

7 comments: