Friday, June 23, 2017

අලි කතාවේ සොදුරු තැන්




 පාර දිගේ නොයෙකුත් කලාංගයන්  සොයා යන මම අද කතා කරන්නේ තවත් අපූැරු කලාංගයක් පිළිබඳවයි. සිනමාව අද ද ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. කොතරම් නව මාධ්‍ය බිහි වී තිබුණ ද තවමත් සිනමා ශාලාවට ගොස් සිනමාව  රසවිදින රසිකයන් බොහෝ ඉන්නවා. ඒ කලාලෝලීන් වෙනුවෙන් අද කතා කරන්නේ කුඩා දරුවන් අතර මේ දිනවල ජනප්‍රිය වුණු සිනමා පටයක් වන අලි  කතාව පිළිබඳවයි. කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කර තිබුණ ද මෙය ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වුණු සිනමා පටයක් බවට පත් වෙලා  තියෙනවා.

සිනමා පටයේ අධ්‍යයක්ෂණය මහාචාර්ය සුනිල් ආරියරතත්න මහතාය. නිෂ්පාදනය ගුණපාල රත්නසේකර මහතාය.

අලි පැටවෙකු සහ කුඩා දරුවෙකු වටා ගෙතෙන මේ අපූරු කතාව පරිසරය ආරක්ෂා කර ගන්නේ කොහොමද කියන් එක හරි අපූරුවට නිරූපණය කරනවා. කතාව කෙටියෙන් කියනනවා නම්,
 

එකමත් එක කාලකෙ අපේ රටේ එකමත් එක රජ කෙනෙක් රාජ්‍ය කලා. රටවැසියන් සතුටින් ජීවත් වුවත් රජුත් බිසවත් නිතර සිටියේ ශෝකයෙන්, ඊට හේතුව ඔවුන්ට දරුවන් නැති වීමයි. අනාගතයෙහි රාජ්‍ය පැවරීමට ඔටුන්න හිමි කුමාරයෙකු නැති වීම.

මේ අතර රට වැසියෝ රජුගේ සහ බිසවගේ පස් වැනි විවාහ සංවත්සරය මහ ඉහලින් සමරන්ට සූදානම් වුණා. නැටුම් ගැයුම්වලට ප්‍රසිද්ධියට පත්ව සිටි කින්නර කුරුවේ නැටුම් කණ්ඩායම ගෙන්වීටත් කටයුතු සම්පාදනය කර තිබුණා. මෙම නැටුම් කණ්ඩායම මහ වනය මැදින් යද්දී ඔවුන්ගේ නඬේ ගුරා බීමත් ව විප්‍රකාර කරන්ට වීම නිසා කුපිත වූ වන අලි ඔවුන්ට පහර දුන්නා. සියල්ලෝ හිස් ලූ ලූ අත දුවන්ට වුණා. කූඩයක බහා සිටි සිය දරුවා සියතට ගන්න ගිය මවක් ද දිව යන පිරිසට මැදි ව ක්ලාන්ත ව අද වැටුණා. 


ප්‍රහාරය සඳහා පැමිණි වන අලි යලි වනය තුලට යන අතර කූඩයේ හුන් දරුවා හඩන්නට වුණා. ඇත් පෙලේ හුන් ගැබ්බර ඇතින්නියකට ඒ ලදරුවා කෙරෙහි සෙනෙහසක් හට ගත්තා. ඇතින්න දරුවා සහිත කූඩය පිට මත තබාගෙන වනයට ඇදුණා.
 

ඒ වන පෙදෙසේ තවුසෙක් සහ වැදි පවුලක් ද වාසය කලා. තවුසාගේ ආශිර්වාදය මැද වනයට ගෙන ආ ලදරුවා වැඩෙද්දී ගැබ්බර ඇතින්නට ද පැටවෙක් ලැබුණා. එතැන් පටන් අලි පැටියාත් කොලු පැටියාත් යාළුවන් වුණා. 

තවුසා අලි පැටියාට රාජු කියාත්, කොලු පැටියාට භාණු කියාත් නම තැබුවා. මේ අතර දරුවෙක් නැති කනස්සල්ලෙන් පෙලෙන බිසව රාජ මාලිගය හැර යන්ට සූදානම් වුණා. එවිට හදාවඩා ගැනීම සඳහා දරුවෙකු සොයා ගැනීම හෝ උත්සාහ කල යුතු බවට ඇමතිවරු උපදෙස් දුන්නා. දරුවෙකු ලබා ගැනීමේ අවසාන උත්සාහය විදියට කාන්තාවන්ට දරුඵල ලබා දෙන අලිමංදාව කෝවිලට ගොස් බාරයක් වීමට රජ බිසව තීරණය කලා. දාසියන් සමඟ වන මැද පිහිටි කෝවිලට ගිය බිසවට අලි පැටවා සමඟ ගංගාවක දිය නාමින් සිටින භානු ගැන දාරක ස්නේහහයක් හට ගත්තා. එහෙත් ක්ෂණයකින් ඔවුන් වනය මැද අතුරුදහන් වුණා.

 බිසව පෙරලා ඇවිත් භානුව සොයා දෙන ලෙස ඉල්ලා මාලිගාවව දෙවනත් කලා. රජතුමා භානු සොයා ගැනීමට උදව් ඉල්ලා සිටියේ වැදි පිරිසගෙන්. වැදි පිරිස සහ රාජ පුරුෂයෙන්ගේ කුමන්ත්‍රණය ඇස ගැටෙන තවුසා ඔවුන්ගෙන් කොලු පැටියාත් අලි පැටියාත් ගලවා ගැනීමට උත්සාහයක යෙදුණා. ඒත් භානු වැද්දන්ගේ දැලට අසු වුණා. භානු රාජුගෙන් වෙන් වුණා. භානුටත් රාජුටත් වැද්දන් කල විනාශය ගැන වන අලි කුපිත වුණා.
 

මේ වගේ හරි අපූරුවට ගලා යන අලි කතාව අවසන් වනනේ කැලෑ සතා හෙවත් භානු නම් දරුවා රජ මැදුරට ගෙන ගොස්ය.


රවීන්ද්‍ර රන්දෙනිය
රොඞ්නි වර්ණකුලසූරිය

දුලීකා මාරපන
ධනංජය සිරිවර්ධන
තාරුකා වන්නි ආරච්චි
ගිරිරාජ් කෞෂල්‍ය
කුමාර තිරිමාදුර


සරත් කොතලාවල
විල්සන් ගුණරත්න
දීපානි සිල්වා යන අති දක්ෂ රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් මෙම සිනමා  පටය පන ලබා ගෙන තියෙනවා.

ළමා චරිත සඳහා රංගනය
යෙහානි හන්සිකා
කෞෂල්‍ය ප්‍රනාන්දු යන කුඩා දරුවන් දෙදෙනා  නිරූපණය කරනවා.
මීට අමතරව රාජු නම් පුංචි අලි පැටවෙක් ද මෙහි රංගනය සඳහා එක් වී තිබෙනවා.



දරු ස්නේහයෙන් පිරි බිසව  දරුවා ගෙනවිත් රජ මාළිගය තුළ රදවා තබා ගැනීමට උත්සාහ කළද දරුවා කැමති වූයේ තමන් කුඩා කළ සිට හැදුණු වැඩුණු පරිසරයේ ජීවත් වීමටය. මෙහිදී අලියා නම් වූ සතා පිළිබඳ බොහෝ කතා ගෙන එයි. රජු මාළිගයේ පවා අලින්ගේ පිළිම නෙලා තිබේ. ඔහු බිසවට කියා සිටියේ තමාට බුදු දහම කියා දුන් භික්ෂූන් වහන්සේලා හස්තීන් වර්ග 4ක් පිළිබඳ කියා දුන් බවයි.
 

මෙවැනි සුන්දර කතාංගයන් මනාවට ගොනු කිරීමට සමත් වී තිබෙනවා.කුඩා දරුවන්ට බොහෝ කාලෙකින් රස විදිය හැකි අපූරු නිර්මාණයකි.

3 comments: