Friday, May 12, 2017

 ප්‍රවෘත්තියේ සැබෑ තතු

සෑම සිදුවීමක්ම හුදු ප්‍රවෘත්තියක් වන්නේ නොවෙයි. එයට ප්‍රවෘත්තිමය වටිනාකමක් එක්විය යුතුය. තොරතුරු පිපාසයෙන් ජීවත් වන ජනයා රටේ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සිදු වී ඇති දේ දැන ගැනීමට මහත් රුචියක් දක්වයි. ඒ නිසාම අද වනවිට සියලු මාධ්‍යය වැඩසටහහන් අභිබවා ප්‍රවෘත්ති වැඩසටහන් ඉදිරියෙන් සිටියි. හුදු මාධ්‍යවේදියෙකුට ප්‍රවෘත්ති වාර්තාාකරණය කළ නොහැක. ඒ සඳහා මනා දැනුමක් මෙන්ම පුහුණුවක්ද අවශ්‍ය වෙයි. මන්ද ජනතාවට අවශ්‍ය වන්නේ නිවැරදි දේ ඉතා ඉක්මනින් දැන ගැනීමය. 

වත්මනයේ බොහෝදෙනා රූපවාහිනිය වටා එක් වන්නේම දවසේ වැදගත් තොරතුරු මොනවාදැයි දැන ගැනීමටය. බල්ලෙකු මිනිසෙකු සපා කෑම සාමාන්‍ය දෙයකි. නමුදු මිනිසෙකු විසින් බල්ලෙකු සපා කෑම එකී සාමාන්‍යකරණය අතික්‍රමණය කිරීමකි.
 

ප්‍රවෘත්ති රචනය එක්තරා කලාවකි. සාමාන්‍ය වාර්තාකරුවෙකුට නම් එය සිතා බලා ගොනු කළ හැකිය. නමුදු ප්‍රවෘත්ති වාර්තාකරුවෙකුට එය ක්ෂණයෙන් වාර්තා කරන්නට සිඳු වෙයි. එය තරමක් දුරට අභියෝගාත්මක කරුණකි. මෙහිදි  w-05 හා H-01 න්‍යාය ඉතා වැදගත් වෙයි.

what    - කුමක්ද?
when - කවදාද?
where- කොහේද?
who - කවුද?
why -  ඇයි?
How  -  කෙහොමද?
 

මෙකී පැනයන්ට පිළිතුරු සපයමින් වාර්තාකරණයේ නියැලෙයි. යම් ප්‍රවෘත්තියක් අපගේ කන වැකුන වහාම අවධානයට ලක්වන කරුණු කිහිපයක් එහි වෙයි.
 

ප්‍රවෘත්ති රචනයේදි භාවිතා කරනුයේ යටිකුරු හෙවත් ආවෘතාකාර පිරමීඩ ආකෘතියකි. එනම් අදාළ තොරතුරුවල වැදගත්කම අනුව එය පෙළ ගස්වනු ලබයි.අවරෝහණ ක්‍රමයට එහි ව්‍යූහය සකසා ගත යුතුය.

       වඩාත් වැදගත් කරුණ
දෙවනුව වැදගත් කරුණ
ඊළගට වැදගත් කරුණ
විද්්‍යුත් මාධ්‍යය හා මුද්‍රිත මාධ්‍යය ප්‍රවෘත්ති වාර්තාකරණය එකිනෙකට වෙනස්ය.
නිදසුනක් ලෙස ගතහොත් පුවත්පතට වෙන්වූ පාඨක ප්‍රජාවක් සිටියි. ඔවුන් අපේක්ෂා කරනුයේ සිදුවීමට අදදාළ සසවිස්තරාත්මක තොරතුරුය. ඊට අදාළ ඡායාරූප, දත්ත වාර්තා ආදිය තොරතුරු ඇතුළත් වෙමින් ප්‍රවෘත්තිය සකස් විය යුතුය.
 
පුවත්පත් ප්‍රවෘත්ති වාර්තාකරණය)
 නමුදු ගුවන්විදුලි ශ්‍රාවකයා හා රූපවාහිනි ප්‍රේක්ෂකයා ඊට වෙනස්ය. ශ්‍රාවකයා හඬ මත පදනම් වන හෙයින් දිගු දත්ත වාර්තා බලාපොරොත්තු නොවෙයි. රූපවාහිනි ප්‍රවෘත්ති වාර්තාකරණය තුළින් විවිධ චලනයන් සමඟ විස්තර ඡායාරූප ,වීඩියෝපට ආදිය ඇතුළත් කරමින් ඇසට ප්‍රිය ලෙස වාර්තාකරණයේ නියැලෙයි.
 
මේ කෙසේවෙතත් අද වනවිට ප්‍රවෘත්ති වාර්තාකරණය යම්තාක් දුරකට වෙනස් ස්වරූපයක් ගනු ලබයි. වර්තමානයේ දී වන මාධ්‍ය තුළින් සිය`ඵ අනාවරණයන් ක්ෂණයෙන් දැක බලා ගත හැකිය.

No comments:

Post a Comment