සළුපිළි උනා දමා
මග දෙපස දිව ගියා
කැට කැබිලිති
ගල් මුල්
සරදම් කලා
පෙර කළ පවක් දෝ මේ ...
සැප සේ දිවි ගෙවා
වසර දොළසක් ගෙවුණා
කඩවසම් තාරුණ්‍යයේ හී සැරය
හදවත පසාරු කළා
හිතට වහල් වී ඉක්මන් වුණාදෝ...
සිතිවිලි යා වුණා
දෙහදක් එක් වුණා
දෙමාපිය සෙනෙහස හැර දමා
ඔහුගේ පහසේ සෙනෙහෙ සෙව්වා
දින සති ගෙවුණා
ආදරයේ අරුත දැනුණා
මව් පදවිය ලද දා
මවගේ අගය දැනුණා
සෙනෙහෙ බැම්මෙන් බැඳි තිබුණත්
අවැසි වූවා මව් සෙනේ
සසර කළ පව මතු වුණදෝ
නාග වෙස් ගෙන
උකුසු වෙස් ගෙන
නිසල ජල කඳ
රකුසු වෙස් ගෙන
මගේ ජීවය වැණසුවාදෝ
‘පටාචාරාවනි උගත යුතුය ප්‍රේමයේ තීරණය හැගීම් මත නොගත යුතු වග’
No comments:
Post a Comment